* * * * * * * * * * * * * * * * * * * * * * * * *
වේලාව උදෑසන 10.45 ට පමණ ඇත. අත්‍යාවශය ලිපිගොනු කිහිපයකට අත්සන් ලබා ගැනීම සඳහා මම කළමනාකරුගේ කුටියට ඇතුලු වූයෙමි. මා සිටියේ කළමනාකරුට මුහුණලා සිටගෙනය. ගත වූයේ සුළු මොහොතකි..
කුටියේ දොරට තට්ටු කරන හඬක් ඇසුණෙන් මගේ දෙනෙත් එදෙසට යොමු වූයේ නිතැතිනි.
“ Excuse me Sir...” යැයි කියාගෙන ගනුදෙනුකරුවෙක් එහි ඇතුලු විය.. මට ඒ මුහුණ තරමක් හුරු පුරුදුය.. සිහින් සිනහවකින් ඔහුට සංග්‍රහ කළෙමි. මා සමඟ සිනහසෙන්නට හෝ වෑයම් නොකළ ඔහු කළමනාකරු දෙස බලා සිටියේ කෙන්තිය පුපුරා හැලෙන දෑසිනි...
“ඇයි මහත්තයා....?” තමන් ඉදිරියේ වූ අසුනක් වෙත සුරත දිගු කරමින් කළමනාකරු විමසයි...
ඔහු වේගයෙන් පුටුවක් පසෙකට ඇද එහි හිඳ ගනියි...
“මහත්තයෝ අපි සල්ලි ගේන්නෙ බැංකුවට සල්ලි දාලා යන්න...
එහෙම නැතුව මේ ගේන සල්ලි දිග ඇර ඇර ඉන්න අපිට වේලාවක් නෑ...”
“ඇයි මහත්තයා මොකද වුණේ ?”
“මහත්තයො, මං බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නෙ ලක්ෂ ගණන් වලින්... මං ඒව නවල ගෙනාවත් දිග ඇරල ගෙනාවත් මහත්තයලට තියෙන්නෙ ඒවා භාරගන්න එක...” ඔහු දත්මිටි කයි...
“ඔව්.. ඔව්... මහත්තයා ඉතින් මොකද වුණේ...?”
“නෑ... මහත්තයෝ අද අර කවුන්ටරේ ඉන්න හාදයා.... මිනිහ නිකන් සල්ලි ටික ආපහු මගේ මූණට දමල ගහන්න වගේ කවුන්ටරේ උඩට අතෑරල කියනව.. ගේනව නම් සල්ලි ටික දිග ඇරල ගේන්න කියලා... මෙහෙමද මහත්තයො ගනුදෙනුකරුවන්ට සලකන්නෙ...”
මම එතැන හිඳගෙනම ඉදිරිපසින් වූ මුදල් අංශය වෙත නෙත් යොමු කළෙමි. මට කාරණය වැටහිණ.. ඔහු කියන කවුන්ටරයේ අද සිටින්නේ අප ශාඛාවේ නිත්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් නොවේ. හදිසි නිවාඩු පිට සිටින අප සගයෙකු වෙනුවෙන් කලාපීය කාර්යාලයෙන් (Regional Office) එවූ අයෙකි. Re-leaf Duty සඳහා එන මෙවැනි පුද්ගලයන් අනුයුක්ත කොට ඇත්තේ වෙනමම Re-leaf Pool එකකටය.. ඔවුන් එතැනට වැටෙන්නෙ බොහෝවිට දඬුවම් වශයෙනි... කුමන හෝ වරදක් නිසා එහි සේවයට වැටෙන්නන් ඉන් පසුව බැංකුව ගැන නොසිතයි. ඔවුනගේ එකම අරමුණ පැමිණිම හා පිටවීම සටහන් කොට මාසය අවසානයේ පඩිය හා ලැබිය යුතු සියළුම දීමනා ටික ලබා ගැනීම පමණි... වරද කාගේ වුවද ඔවුනගෙ ක්‍රියාකළාපය නිසා බැංකුවේ කීර්තිනාමයට වන හානිය ඉමහත්ය..
මුදල් අංශයේ සේවයේ නියතු වන්නන් හට මුහුණදෙන්නට වන එක් ගැටළුකාරී තත්වයක් වන්නේ බොහෝ ගනුදෙනුකරුවන් විශාල මුදල් තැන්පතු ගෙන එන විට, විශේෂයෙන් විවිධ මුදල් නෝට්ටු වර්ග රැසකින් ඒවා ගෙන එන විට කිසිදු පිළිවෙලකින් තොරව ගෙන ඒමත්, ඒවා Folders වශයෙන් නවා ගෙන පැමිණීමත්ය. සාමානයයෙන් ගතහොත් පිළිගත් ක්‍රමය වන්නේ මුදල් නෝට්ටුවේ අගය අනුව මේවා වෙන්කොට ගෙන ඒමය.. එනම් 2000/- නෝට්ටු වෙනමත් 1000/- නෝට්ටු වෙනමත් යනාදී වශයෙනි. නිතර පැමිණෙන ගනුදෙනුකරුවන් බොහෝදෙනෙක් මේ ආකාරයට මුදල් ගෙන ඒමට තරමි කාරුණික වෙති. එය අපේත්, ඔවුන්ගේත් කාලය ඉතිරි කර ගැනීමකි. කවුන්ටරය ඉතා කාර්ය බහුල වන අවස්ථාවල එසේ ගෙන නොඑන මුදල් තැන්පතු නිසියාකාරයෙන් සකස් කරගැනීමට තැන්පත්කරුගේත් සහය ලබා ගැනීමට අපට සිදුවේ... එහෙත් එය ඔවුනට පවසන ආකාරය ඇතැම්විට ගැටළුකාරී තත්වයන් උදාකරයි.. ඔබ එය ඔවුනට පවසන විට ඔබේ හඬ පාලනය..., වාග් විලාශය මේ හැමදෙයක්ම ඒ කෙරෙහි බලපානු ලබයි. එය කිරීමෙන් තමන්ගේ තත්වයට හානීවේයැයි ගනුදෙනුකරු නොසිතන තැනට කටයුතු කිරීම මුදල් අංශයේ සේවය කරන අයගේ දක්ෂතාවය මත තීරණය වේ. අපේ කලාප කාර්යාලයෙන් එවු සගයා වුවමනාවෙන්ම හෝ නොසැලකිලිමත්කම නිසා ගනුදෙනුකරු එවැන්නක් කිරිම තම තත්වයට හානිවේයැයි සිතන තැනට ඇද දමා ඇත..
ඔබ ඊළඟ වතාවේ මුදල් තැන්පත් කිරීමට බැංකුවකට යනවානම්, තැන්පත් කිරීමට රැගෙන යන මුදල් නිසියාකාරයෙන් සකස්කරගෙන යෑමට තරම් කාරුණික වන්න.. ( අඩු වටිනාකමින් යුත් නෝට්ටු උඩටත් වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු යටටමත් සිටින සේ, එක් එක් අගයෙන් යුතු එකම වර්ගයේ නෝට්ටු එක ළඟ සිටින සේ සකසා ගන්න) එය ඔබේත්, ඔවුන්ගේත් කාලය ඉතිරි කරගැනීමටත්.. කවුන්ටරයේ තදබදය අඩු කිරීමටත් ඉවහල් වනවා නොඅනුමානය... ඒ සඳහා ඔබට විශේෂයෙන් යමක් හිමි නොවුනද ඔවුනගේ නොමද ස්තූතිය නම් ඔබට හිමිවන බවට මට සහතික විය හැකියි..
|සේයාරුව PicApp අඩවියෙනි|




33 දෙනෙකුගේ අදහස්....:
යාළුවනේ.....මෙන්න අපේ මලයා ඇවිල්ලෝ.....!
උපදෙස් හරිම වටිනවා සහෝදරයා....
සුලා...
ඇත්ත කතාව
ඉස්සරවෙලාම කියන්න ඕනෙ ගොඩාක් සතුටුයි ඔයාගෙ ආයෙමත් ලිපියක් කියවන්න ලැබුන එකට.හැමදෙයක්ම කාලයට ඉඩ දෙන්න.
ඔයාගේ අත්දැකීමක් එක්කම වටිනා ලිපියකුත් මල්ලියො...
ඔයා ආපහු ලියන්න ගත්ත එක සතුටුයි මල්ලි,
අදත් වෙනද වගෙම වැදගත් කතාවක්..
මට ඒ සිදුවීමේ සිත් රූ ත් එක්ක ම..
මුලින්ම ඔබ සටහනක් දැමීම අගය කරනවා.
මේ සටහන ගැන කතා කලොත්, ඔව්, ඔබේ තර්කය හරි. ඒක දෙපැත්තටම හොඳයි
හැමදාමත් වගේ අපි නොහිතන පැත්තක් ගැන දැනුවත් කළාට ස්තූතියි.
දිගටම ලියහන් මචෝ. කවුරු නොහිටියත් උබට අපි ඉන්නවනේ. සියල්ල සිදුවෙන්නෙ යහපතට කියලා හිත හදාගනින් මචෝ..
@ සුලා,
හික් හික්... උපදෙස් වටිනව වුනාට.. ඔහේ කට්ටියට අදාළද දන්නෙ නෑ...
හැබෑටම ඔය පැත්තෙ තාම මුදල් නෝට්ටු කියල ජාතියක් තියෙනවද අයියෙ... ?
හික්ස්
@ චතුරංග රූපසිංහ,
ගොඩවැදිල අදහස් දැක්වුවට ස්තූතියි සහෝ..
@ දිල්,
ස්තූතියි අක්කෙ..
මුලින්ම මට සමාවෙන්න අක්කෙ ඔයාට කතා නොකළ එකට.. මට ගොඩක් දුක හිතුනමත්, ගොඩාක්ම තරහ ගිය වේලාවටත් මං කරන්නෙ කිසිම කතාවක් නොකර නිහඬව ඉන්න එක... ඒක මගේ හිතට ආපහු සැනසීම ගේනවා...
මුකුත්ම ලියන්න තරම් හිතක් තිබුණෙ නෑ.. යාන්තං ඊයේ රෑ 2.00 වෙනකන් අකුරු අමුණලයි මේ පෝස්ට් එක පවා ලිව්වෙ.. කලින් ඒවා තරම් මගෙ හිතට අල්ලන විදිහට ලියැවුණෙත් නෑ.. මට කවුරුත්ම නැති වෙලාවෙදි මේ සයිබර් අවකාශයේ යහළු යෙහෙළියෝ ටික මගේ ළඟ හිටපු එකම ඇති.. ඉතින් මං කොහොමද මේ ලෙංගතු කමට පිටුපාන්නෙ... ඒකයි අමාරුවෙන් හරි පෝස්ට් එකක් ලියන්න හිතුවෙ..
ඔව් අක්කෙ මං කාලයට ඉඩ දෙනවා.. ඒත් මං කිසිදෙයක් ලේසියෙන් අතෑරලා දාන කෙනෙක් නෙවෙයි..
@ චේජනා අක්කෙ,
මටත් එහෙමමයි අක්කෙ.. ළඟ පාත යාලුවෙක් මල්ලෙක් නැති මට ඔයාලගෙ මේ මිතුදම මහ මෙරකටත් වඩා වටිනවා.. ඒ ලෙංගතුකම දැනෙන මේ සයිබර් අවකාශය මට මහ සැනසීමක්...
@ හෙළයා,
බොහොමත්ම ස්තූතියි සහෝ.. (මං වැටිල ඉන්න වෙලාවේ මාව දිරිමත් කළ ඔබටත් බොහොමත්ම ස්තූතියි..)
@ roylyfernando,
ස්තූතියි අයියෙ... අයියල වගේ සුන්දර මිනිස්සු හැබැහින්ම ඇසුරු කරන්න නොලැබුනත්, මේ සයිබර් අවකාශයෙදිවත් ඇසුරු කරන්න ලැබීම ලොකුම ලොකු භාග්‍යයක්..
ඒ කතාවනම් ඇත්ත. අපි ඒ තරම් හිතන්නේ නැති සුලු සුලු දේවල් වලින් පවා කොයි තරම් වැරැද්දක් වෙනවද.
හැබැයි ඉතින් මට මේ ප්‍රශ්නෙනම් එන්නෙ නෑ. මන් ඉතින් බැංකුවට දැම්මොත් දාන්නෙ දාහක් දෙදාහක් වගෙනෙ. කවද ලක්ශ ගානක් අල්ලන්නත් ලැබෙයිද මන්දා. හික්ස්.
ඉතිං මල්ලියේ බොහෝමත්ම සතුටුයි ආපහු ලියන්න පටන් ගත්තු එකට.
මේ උපදෙසත් ඉතිං පිලිගන්නම්කෝ බැංකුවකට යන්න උනොත් හැබැයි හොඳද..??
ඇත්තටම කාලය හොඳ විසඳුමක් හොයලා දේවි එතකන් අපි බලාගෙන ඉමු නේද???
සුභ පැතුම්...!!!
ඔයා ආයෙමත් ආපු එක ගැන නම් ගොඩක් සතුටුයි අයියේ.......
ඉස්සෙල්ල හදිස්සියට ඇවිත් ගියේ... ඒකයි මුකුත් නොලිව්වේ.......
අනේ මංද මට තාම බංකුවක ගිහිල්ල කරන්න ඕනෙ මොනවද කියලවත් දන්නෑ.... මං ඉතින් තාම පොඩි එකීනේ........ අනාගතේට මතක තියා ගන්නම්......... :) :)
(එදා මගේ අයිය හදිස්සියේම පෙනීහිටියම මගේ වයරුත් මාරු උනා.......)
ඔව් ඔව් මේ හා පැටික්කි අමතක කරේ මාවයි ඔන්න එදා ..
පස්සෙ තමා මාව දැක්කේ හා පැටික්කිත්.. :D
@ අනුරාධ,
හික්ස්...
සතෙන් සතේ එකතු කරල... එකතු කරල....
මලයට ඉක්මනටම ලක්ෂ ගාණක් අල්ලන්න ලැබේවා කියල පතනවා...
අපි නම් ඉතින් දවසකට මිලියන ගානක් අත පත ගානවනෙ...
හික්ස්...
@ nimanthi,
හික්ස්...
මේවා හිට්ලර්ගෙ රටට වලංගු නෑලු හොඳේ...
ඔව් කාලය මේ හැම තුවාලයක්ම සුව කරනතුරු අපි බලාන ඉමු... මට ශක්තියක් වෙලා ළඟින් සිටි අක්කට ඇත්තටම ගොඩාක් පින්...
ස්තූතියි අක්කේ... අක්කලගෙ දිරි ගැන්වීම් නොවන්න මට මේ කිසිදෙයක් කරගන්න ලැබෙන්නෙ නෑ..
නැවත වාරයක් ස්තූතියි ඔබට...
@ හා පැටික්කි (MS),
ඔයාලව නැවත දකින්න ලැබීම මටත් ලොකු සතුටක් නගේ..
අතන මෙතන පැන පැන ඉන්නෙ නැතුව විභාගෙ ගැන අවධානය යොමු කරපන් නගේ.. මේ බැදිවල කරක් ගහන එක කවද කර ගන්න බැරි ද ? හා නගාට ඔය කඩඉම ඉහළින්ම පැන ගන්න ලැබෙන්න කියල පතන්නම්...
බංකුවක මොනවත් කරන්න නෑ.. ඉඳගන්නවා ඇරෙන්න...
ඒක හොඳා.. ඔය හා මොළේට දාලා පරිස්සමට අරන් තියාගත්තහම හරි...
(මටත් ඉන්නව උඹ වගේම නංගියෙක්.. සයිබර් අවකාශයේ මේ ලෙංගතුකම්වලට මාත් හරි කෑදරයි නගේ.. අවංකවම ස්තුතියි ඔබට... )
දැකීමත් සතුටුයි. :) කොහොමද ජීවිතේ
බිසී වැඩි වෙලාවල කරදරයි තමයි. ඒත් සමහර නිලධාරීන් ඉන්නවා පොඩ්ඩක් උදව් කරන නේද ?. අත්දැකීමෙන් දන්නවා.
@ මිස්සක,
වරදක් නෑ මචං...
උඹලගේ පිහිටෙන් දෙපයින් හිටගෙන ඉන්නවා...
ඉතින් උඹට කොහොමද ?
ඇත්තටම එහෙම කරන අය ඉන්නවා... හැබැයි ඉතින් අපේ ගොඩක් කට්ටිය බො.බි. නේ...
හික්ස්...
සමාවෙන්න අක්කේ........
ආයෙ මම හිතල කරදෙයක් නෙමෙයිනේ....... ඊටත් අක්කේ ඔයින් ගියා මදැයි....
ඔයාගෙ නම ලියපු විදිය දැක්කම මට තනියම හිනා....... හිහ්.......:D :D :D :D
මටත් ඉතින් ඔය වැඩි වෙනසක් නෑ..
බො.බි කියන්නේ ? බොරැවට බිසීද ?
අහ් මේ ඉන්නේ අපේ පරණ හිත හොඳ සන්සරසිදු මල්ලියා.... හිනාවෙවී... ඊලඟ මාසේ හම්බු වෙන්නත් හිතං ඉන්නවා පුලුවන්වුනොත්....
සන්තෝෂයි ඔයාව දකින්ට ලැබුනට...
අපේ ඔෆීසියෙ නංගි කෙනෙක් බැංකුවට ගිය වෙලාවක එයාට ඉතිරි සල්ලි වැඩිපුරත් දීලා... එයා සාමාන්‍යෙයන් slip එකේ අනිත් පැත්තෙ එයාගෙ අතට එන්න ඕන ගාන ලියාගෙන යනවා... එදා පොඩි ළමයෙක් (අළුත් හාදයෙක්) ඉදල තියෙන්නේ.. ඉතින් ඒ නංගියා කියල ගාන වැරදියි කියලා...
දැන් හැමදාම මෙයා ගියාම අර ළමයා “මිස්ගෙ ගාන කීයද මිස්“ කියල අහල තමාළු පටන්ගන්නෙ...
@හා පැටික්කි (MS)
ඒක තමා ඒක දැක්කාම මටත් හිනා ගියා.
අකුරු ලියන්නත් අපේ හා පැටික්කි අලුත්ම විදියක් හොයාගත්තා සන්සරසිඳු දැක්ක පාර..:D :D
මේ කතාව නම් මාත් අහලා තියෙනවා සහෝ . . මුදල් නෝට්ටු නවලා පරිහරණය කරන එක අපේ රටේ වන වරදක් . . ලොකයේ ගොඩක් රට වල මුදල් නෝට්ටු පරිහරණය කරන්නේ නවන්නේ නැතිව. අපිත් එහෙම පුරුදු වුනා නම් මුදල් නොට්ටුත් හානි නොවී පරිස්සම් වෙනවා. බැංකු කටයුතු වලටත් ලෙසි වෙනවා.
හො හෝ.. සනා මල්ලි ඇවිත්..
ජය..
@ මිස්සක,
හිහ් හී...
බො. බි. කියන්නෙ බොරු බිසී කියන එක තමා මචෝ..
@ තිස්ස අයියා,
හිහ් හී.. හරියට අර,
මුහුද මගේ ගොඩබිමයි
නැව මගේ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
කියපු දොස්තර හොඳ හිත වගේ ද ?
කොච්චර දෙයක් ද ? අයිය වගේ කෙනෙක් මුණ ගැහිල කතා කරන්න ලැබෙන එකත් ලොකු සතුටක් ! ඒත් අන්තිමට අර ත් ප්‍රත්‍ය එකතු නොකර හිටියනම්නෙ හොඳ. අයිය ලංකාවට ආවහම කියන්න. අපි අනිවාර්යයෙන් මුණ ගැහේවී....
පිළිතුරු මෙච්චර පමා වුණාට සමාවෙන්න..
@ තනෝජා රාජපක්ෂ,
ස්තූතියි අක්කෙ...
ඔයාගේ ඔෆීසිය කිව්වෙ.. මොරටුව විශ්ව විද්‍යාලය වෙන්ඩෑ...
( අක්කාට, චේජනා අක්කට වගේම තිස්ස අයියටත් ගොඩක් මතකයන් එකතු කරපු ඔය ඉසව්වෙ පුංචි සන්දියෙදි මාත් අනන්තවත් කරක් ගහල තියෙනවා... සරුංගල් ඇරල තියෙනවා... ඔය කහ පාට මල් පිපෙන ඇහැළ ගස් යට දුව පැන නටල තියෙනවා...)
අක්කගෙ යාලුවා වගෙ අවංක අය හරි අඩුයි... ඒ වැඩිපුර දීපු සල්ලි ගියේ කාටද කියල හොයන්න හවසට Cash Balanceකරද්දි අපි දරන වෙහෙස ගැන දන්නෙ අපිම විතරයි... සමහර බැංකුවල අදාළ මුදල අතින් දාන්න වෙනවා... එහෙම නැත්තං ඉතින් Incident Report එකක් ලියන්න වෙනවා.. මේවගේ දේවලට Insurance Cover එකක් තිබුණත්, ඒකෙ copy එකක් ඒ කෙනාගේ Personal Fileඑකටත් යනවා.. Interviews වලදි එහෙම sorry තමා ඉතින්...
@ හුටපටයා,
ඔය ටික ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නෑනෙ සහො..
මුදල් නෝට්ටු නැව්වත් කමක් නෑ.. පරෙස්සමින් පරිහරණය කරනවනම්..
නේද ?
අදහස්වලට ගොඩාක් ස්තූතියි !
@ වැම්පයර්,
අහා... ස්තූතියි වැම්පයර් රජුනි...
සියපතට ගොඩවුණාට ස්තූතියි සහො
Post a Comment