අපි මේ හාදයාට අරුන් යැයි කියමු.
ඔන්න ඉතින් අපේ කතා නායකයා මේ කාලේ වැඩ කළෙ මුදල් අංශයේ. එහා කවුන්ටරයේ හිටියෙ මිනිහගේ ගජ යාලුවෙක්. මේ දෙන්න ඉතින් තකට තක. ඉතින් ඔහොම කාලය ගෙවී ගෙවී යත්දි අරුන්ට සිද්ධවුණා Branch ATM එකට Cash load කරන වැඩේට සෙට් වෙන්න. දන්නවනේ ඉතින් ATM කියන්නේ මොකක් ද කියලා. A Time Machine කියල තමා අපිත් ඒ කාලේ හිතාගෙන හිටියෙ. ඒත් ඕකට කියන්නේ Automated Teller Machine කියලලු. විකාර. ඕං ආයේමත් කතාවට. සාමාන්‍යයෙන් මේ වගකීම පැවරෙන්නෙ Cash officer ට. ඒත් Load කරන Cash count කරන වැඩේ පැවරෙන්නෙ Tellers ලට. ටෙලර්ස්ල අතරේ මාරුවෙන් මාරුවට මේ වගකීම පවරන එකයි සාමාන්‍ය සිරිත. ඉතින් ඔය විදිහට මාරු වෙවී ඇවිත් අපේ කතා නායකයට මේ වැඩේ සෙට් වුණැයි කියමුකො. මේක ඉතින් ටිකක් භාරදූර රාජකාරියක් ! බොහෝ වෙලාවට මේ විධියට Cash load කරන්නේ හවස 3 න් පස්සෙ. ඒ කියන්නේ ගනුදෙනු වේලාවෙන් පස්සේ. ඉස් ඉස්සෙල්ලම කලින් දවසේ load කරපු cash වල remaining ටික count කරල ගන්න ඕන. ඊට පස්සේ ඉතින් අළුතෙන් Cash load කරන්න ඕනෑ. මේ විදිහට Cash load කරන වැඩේ කරන විධි කිහිපයක්ම තියෙනවා. සමහර Cash officerලා කැමතියි මධ්‍යම මුදල් දෙපාර්තමේන්තුවෙන් (Central Cash Dept) sort කරල ගෙන්න ගත්තු cash load කරන්න. එහෙම නැත්නම් ඒ දවස ඇතුලත ලැබුණු මුදල් තැන්පතු වලින්ම මේ වැඩේ කරන අයත් ඉන්නවා. හැබැයි එතකොට ඉතින් අපේ කට්ටිය ගේන නෝට්ටුම තමා ATM එකට load වෙන්නෙ. අපේ රටේ මුදල් නෝට්ටු පරිහරණය ඉතා හොඳ මට්ටමක තියෙන නිසා ඒක ඒ හැටි ප්‍රශ්නයක් නොවෙයි. ඒ හින්දනේ ATM එකෙන් බාගෙට ඉරුණු නෝට්ටු එහෙම එළියට එන්නෙ. ඉතින් සාමාන්‍ය යෙන් අළුත් ATM එකක නම් මුදල් නෝට්ටු වෙන වෙනම තැන්පත් කරන bins 4 ක් තියෙනවා. එකක 2000/= නෝට්ටු. අනෙක් ඒවයේ පිළිවෙලින් 1000/=, 500/= සහ 100/= නෝට්ටු. ඉතින් අපේ කට්ටියට සල්ලි ගන්න පුළුවන් වෙන්නෙ 100 ගුණාකාරවලින් විතරයි.

ඔන්න ඉතින් අපේ කතා නායකයා එදත් ATM එක load කරල ඉවර වුණා. දැන් ඉතින් මෙයා සාමාන්‍ය විදිහට cash balance කරනවා. මළ හත්තිලව්වයි ! මිනිහ රු. 50/= ක් excess. ඒ කියන්නේ මිනිහ ගාව තියෙන්න ඕන මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් රුපියල් පනහක මුදලක් දැන් මිනිහ ගාව තියෙනවා. කොහොමද එහෙම වුණේ ? මිනිහට නම් හිතාගන්නවත් බැහැ. කාගෙන්වත් වැඩිපුර මුදල් ඉල්ල ගත්තෙ නැති බව මිනිහට විශ්වාසයි. මිනිහ හීන් සීරුවේ ආපහු පාරක් මුදල් ටික ගණන් කළා. ම්හු වෙනසක් නෑ. දැන් ඉතින් මිනිහට හීන් දාඩියත් දාලා. එකම සැනසීම මේක excess එකක් වීම. Short එකක් එහෙම වුණානම් මළම මළ හත්තිලව්වයි ! මිනිහ හීන් සීරුවේ තමන්ගෙ කවුන්ටර සගයට මේ විත්තිය දැන්නුවා. මිනිහ නම් මහ අණ්ඩපාලයා. ලෝකේ කාල, වතුර බීල, තව කෙහෙල් ගෙඩියකුත් කාපු එකෙක්!
“හරි උඹ කලබල නැතුව ඉඳපන්... මං උඹේ වවුචර් ටික චෙක් කරන්නං...”
එහෙම කියල මේ හාදයා අපේ කතා නායකයගෙ vouchers ටික කපන්න පටන් ගත්තා. වවුචර් කපනවා කියන්නේ මේ.. කතුරක් අරගෙන කපා ගෙන, කපා ගෙන යනවා කියන එක එහෙම නෙවෙයි ඕං. තැන්පතු හා ගෙවීම් වවුචර්වල නිරවද්‍යතාව පරික්ෂා කරන එකට තමා වවුචර් කපනවා කියන්නේ. මොකද මුදල් තැන්පතුවක්, මුදල් ගෙවීමක් විදිහට post වෙලා තිබුණොත් හරි එහෙම නැත්නම් මුදල් ගෙවීමක් මුදල් තැනපතුවක් විදිහට හරි post වෙලා තිබුණොත් අනිවාර්යයෙන් අර විදිහේ cash excess එකක් හරි shortage එකක් හරි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක මුලින්ම කරන්නේ. ආයෙමත් cash check කරන එක. ඒත් හරි ගියේ නැත්නම් වවුචර් ටික ආයේම සැරයක් පරික්ෂා කරල බලනවා. ඒත් හරි ගියේ නැත්නම් තමයි ඉතින් sorry වෙන්නෙ. සමහර බැංකුවල නම් වැඩි මුදල ඉවත් කරගන්න හරි, අඩු මුදල අතින් දාන්න හරි අවසර තිබුණත් අපේ එහෙම නෑ. අපිට Insurance cover එකක් තියෙන නිසා මේ වගේ වෙලාවක අනිවාර්යයෙන් Incident Report එකක් ලියන්න වෙනවා. පිටු 4 ක 5 ක Incident Reportඑකක් ලියනව කියන්නෙ ඉළ ඇදෙන වැඩක් හන්දා කට්ටිය ටිකක් මේකට අදිමදි කරන එක නොරහසක්. අපේ අරුන් තක්බීර් වෙලා ඉන්නේ ඒ හින්දයි.
වවුචර් කැපිල්ලෙනුත් වැඩක් වුණෙ නෑ. දැන් නම් අපේ කතා නායකයාට ෆුල් අප්සෙට් ! දැන් ඉතින් මේක cash officerට කියල Incident Report එකක් ලියන්න ලැහැස්ති වෙන්න එපෑයෑ.
“මේ මේ ඕවට මොන Incident Report ද ? ඔන්න ඕක සාක්කුවේ දා ගනින්.. අපිට හවසට වඩේ පාරක් දාන්ඩ බැරියැ..” ඔන්න ඉතින් කවුන්ටර සගයගෙන් ලැබ්ච්ච උපදෙස. අපේ කතා නායකය මුලදි අදිමදි කළා. ඒත් අන්තිමේ අර රු. 50/= හීන් සීරුවේ මිනිහගෙ සාක්කුවට ගියා. මේන් අපේ හාදයා cash balance වෙලා. Cash officer ඇවිත් cash check කළා. හැමදේම සාමාන්‍යයයි. ඔක්කොම Tills ටික (ටිල් එක් කියන්නේ පොඩි යකඩ පෙට්ටියකට. Teller ළඟ හවසට ඉතුරු වෙන මුදල් තැනපත් කරන්නෙ මේ පෙට්ටියෙ තමයි.) Walt එකට ගියා. අපේ අයියල දෙන්න ගෙදර යන්න පිටත් වුණා.
පිටවීම සටහන් කරලා, දෙන්නා ශාඛාවෙන් එළියට ආවා..
මේන් බොලේ කස්ටයෙක් පණ කඩාගෙන මේ දෙන්නා ළඟට පාත් වෙනවා. එනපොට හොඳ නැති බව තේරුණත් වෙන කරන්න දෙයක් නැති තැන දෙන්න, පොඩි පනාවක් එහෙම දාගෙන බලන් හිටියා.

“අනේ බලන්ඩකො මහත්තයො... මගෙ ගිණුමේ තිබුණෙම රුපියල් සීයයි. මං ඒක ගන්න ගියාම මට ආවේ රුපියල් පනහනේ... හැබැයි මගේ ගිණුමෙන් රුපියල් සීයම අඩුවෙලා..” එහෙම කියපු ඒ මනුස්සයා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් නිකුත් කරපු කුවිතාන්සිය මේ දෙන්න දිහාට දික් කළා.
අපේ දෙන්නට තරු පේන්ඩ ගත්තෙ එතකොටයි. හැබැයි අර අණ්ඩපාලයට ටාර් ගාලා වැඩේ මීටර් වුණා. මිනිහ අර මනුස්සයගෙ අතින් කුවිතාන්සියයි රුපියල් පනහයි ඉල්ලගෙන ආපහු බැංකුව ඇතුලට යන බවක් පෙන්නුවා. අපේ කතා නායකයවත් ඇදගෙන ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ආපු මේ හාදයා, පුදුම වෙල බලන් ඉන්න අරුන්ට විස්තරේ පැහැදිලි කළා.
“ඇයි යකෝ උඹ ATM එකට පනහත් load කරනවද ?”
“නෑ මචං මං හොඳට බලලනෙ දැම්මෙ..”
“හොඳට බලල තමා.. දාලා තියෙන්නෙ... මෝඩයා. උඹ සීයේ බින් එකට රුපියල් සීයක් කියල හිතාගෙන පනහක් දාලා. ඒකේන් තමා උඹ පනහක් excess වුණේ.. දැන් ඉතින් මොන වඩේ ද ? ගනින් අර රුපියල් පනහ මෙහාට...”
කතා නායකයගේ සාක්කුවෙන් රුපියල් පනහේ නෝට්ටුව ඇදල ගත්ත අර අණ්ඩයා ඒක තමන්ගෙ සාක්කුවේ ඔබගෙන තමන්ගේ පසුම්බියෙන් ඇදල ගත්ත සීයේ නෝට්ටුවකුත් අරගෙන ආපහු එළියට ගියා.
“ආ.. මෙන්න මහත්තයගෙ රුපියල් සීය.. මැෂින් එකේ පොඩි අවුලක් ! ඒකයි එහෙම වෙලා තියෙන්නෙ.. දැන් හරි.. අපි ඒක හැදුවා..”
අණ්ඩපාලයගෙ මුහුණෙ තිබුණෙ ජයග්‍රාහි බැල්මක්.
අර ගනුදෙනුකරුත් බොහොම කෘතගුණපුර්වකව රුපියල් සීය අරගෙන සාක්කුවෙ රුවා ගත්තා.
“මහත්තයලට ගොඩාක් ස්තූතියි !”
කතා නායකයයි, අණ්ඩපාලයයි මුහුණට මුහුණ බලා ගනිද්දි, ඈත පාර කෙළවරෙ හිටිය වඩේ කාරයගෙ බෙල් එක බොහොම සද්දෙන් බෙරිහන් දුන්නා.
|සේයාරූ PicApp අඩවියෙනි|



30 දෙනෙකුගේ අදහස්....:
හෙහෙහෙ...
මේක නම් මරු කතාව.
ෂා..............කාලෙකට පස්සෙ මෙන්න ඇවිත් කතාවක් ලියලා. නියමයි සහ කාලෙකට පස්සෙ දැක්ක එක ගැනත් සතුටුයි. මටත් දවසක් ඔහොම උනා . රුපියල් 50 ක් අඩුවෙන්නම් නෙමේ රුපියල් 4.500ක්. ගන්න ගියාම cash process උනා cash නම් ආවෙ නෑ. හැබැයි Account එකෙන් අඩුවෙලා තිබ්බා. වෙලාව හවස 7 ට විතර ඇති. ඉතින් ආයෙමත් ඒ ටික හදා ගන්න තව දවසක් දෙකක් බැංකුවෙ රස්තියාදු වෙන්න උනා ....
හෆොයි....
හොඳ වෙලාවට කස්ටත් උන්ටම සෙට් උනේ..
මගේ යාළුවෙක්ගේ හබී ගේ පාස් පොතටත් ඔය වගේ වැඩක් වුනා. රු. 100,000 ක් ඇවිත් ගිහින් තිබුනා වතාවක්.
ඒකෙන් කමක් නැහැ මොකද උන්නාන්සේට වෙලා තිබුනේ? ඔච්චරටම බිසි වෙලා හිටියාද හැබෑටම? වෙන නම් මොකුත් අහන්නේ නැහැ කියනකම් බලාගෙනයි ඉන්නේ :)
hehe maxxa kathawa :P habai 2000ta 50k ehema maru wela load karanm kattiyatama gedara thama neda inna wenne :P
මඳෑ වඩේ කෑවා!!!
පොඩි ගාණක් නිසා අවුලක් නෑ. ලොකු ගාණක් නම් ?
පොඩ්ඩ වැරදුනොත් මිස් තමයි නේද ?
@ Ansh Lucky Sri Jay,
ගොඩවැදිල අදහස් පළ කළාට ස්තූතියි අක්කෙ..
@ දිල්,
ගොඩාක් ස්තූතියි සිස්..
ඕකත් අර ඔයාගේ ප්‍රසිද්ධ බැංකුව _NB එකේ වෙච්ච වැඩක්ද ?
මට මතකයි ඔයා ඔයිට කලින් loan එකක් ගන්න ගිහින් වෙච්චි වැඩක් ගැන කතාවක් කිව්වා. ඕක නම් අක්කේ අපිට සාමාන්‍ය සිදුවීමක්. මාසයකට දෙකකට පාරක්, සමහරවිට එකම මාසය තුළ වුණත් කිහිප පාරක් ඔය වගේ සිද්ධි ඇති වෙනවා. යන්තරේ හැටි ඔහොම තමා.. ඉඳල හිටල හොයාගන්න බැරි ගුල් ගහන වෙලාවලුත් තියෙනවා.
@ Shadow/හේමලයා,
:D :D
සියපතට ගොඩවුණු හේමලයවත් බොහොම සාදරයෙන් පිළිගන්නවා..
ස්තූතියි !
@ වැම්පයර්,
ඒක නම් මාර coincident එකක් මචං...
ස්තූතියි මේ පැත්තේ හක්කලං ගැහැව්වට..
කිව්ව එක හොඳයි මල්ලි, මීට පස්සෙ මේ වගෙ එකක් වුණොත් ඉතින් බලාගන්නම්කො...
@ RanDil,
ඒ වගේ දේවල් නම් වෙන්නේ වැරදීමකින්. සමහර වෙලාවට Cash deposit අරගෙන එන customersලා වැරදි ගිණුම් අංක ලියාගෙන එනවා. Teller නම ගම චෙක් කරන්නෙ වවුචර් එක post කළාට පස්සෙනෙ. එතකොට ඉතින් වැරදි නමක් නම් entry එක reverse කරනවා. ඔයාගේ යාලුවගේ හබීට වෙන්න ඇත්තෙත් ඒ වගේ සිදූවීමක් වෙන්නැති කියල හිතනවා.
උන්නාන්සෙට මොනව වෙලාද කියල උන්නාන්සෙම දන්නෙ නැහැ අක්කෙ...
එහෙන් වැඩ නිසා හිතට නිවනක් නෑ... මෙහෙන්...
ඔයා දන්නවනෙ...
මං අක්කට මේල් එකක් එවන්නම්..
ස්තූතියි ඔබට.
@ බුද්ධික,
ස්තූතියි සහෝ..
ඒකනම් ඇත්ත... එහෙම දෙයක් වුනොත්නම් ඉතින් sorryම තමා..
@ annanmannan,
:D :D
ස්තූතියි සහෝ..
ඔබවත් සියපතට සාදරයෙන් පිළිගන්නවා !
@ හෙළයා,
ඒක නම් ඇත්ත මචෝ.. සල්ලිත් එක්කනෙ සෙල්ලම...
ස්තූතියි ඔබට..
@ චේජනා,
හික් හික්...
අක්කණ්ඩිය බිය නොවන්න..
ඕනැ දෙයකට මං ඉන්නවා...
හ්ම්ම්ම්ම්ම් බොහෝමත්ම සතුටුයි..!!!
සතියක්ම ගෙදර හිටියේ නැති නිසා මේ පැත්තේ එන්න බැරි උනේ..ලියමු දිගටම දැන් ඉතිං..
ලොකු ගානක් වගේ උනොත් සොරි තමා නේ. ඕකත් මහ දරුනු රස්සවක්
අනෙ මංදන්නෙනෑ ඔය අටමගලෙ වැඩ ලෙහෙසිකොරනවානම් තමයි...ඒත් අපිට ලැබෙන නෝට්ටු මිටිය නොවරදවාම ගණින්න වෙයි වගේ...සන්සරසිඳු මහත්තෙලාවගේ කෂ්ටිය මේ ඉස්ව්වෙත් නැතිවෙන්න බැහැනෙ..හිහ්..හිහ්..!
සුලා..
මං හිතන්නේ මෙහෙමයි වුනේ....
අර මණුස්සයා අණ්ඩපාල අඳුනන කෙනෙක්...
අණ්ඩපාලයට අර මනුස්සයට දෙන්න ණයක් තිබුනා රුපියල් 50 ක කලින් දවසක ණයට වඩේ කාපු...
බොර දියේ මාලු බාන්නැහේ අර මනුස්සයාට එස් එම් එස් එකක් දුන්නා රුපියල් 50 ගන්න එන්න, කෙරෙන්නේ මෙහෙමයි, කියලා...
ඒ මනුස්සයාගෙන් බොරු ස්ලිප් එකයි 50 ඉල්ල ගත්තා, කථා නායකයාගෙන් 50 ත් ඉල්ල ගත්තා...
ණය බේරුවා, වියදමක් නැතුව...
අණ්ඩපාලයා ගොඩ....
කට්ටියට දැන්ද තේරුනේ...?
@ nimanthi,
ලියමු... අක්කේ ලියමු...
ඔයා කියනවනම් ඉතින් ආයේ මොනවද ?
@ පිස්සා පලාමල්ල,
ස්තූතියි සහෝ ගොඩවැදුනට..
හිහ් හී.. ඒකනම් ඇත්ත මචෝ... එතකොට නම් ඉතින් ඇපත් නෑ..
@ Anonymous,
නෝට්ටු මිටිය...?
අපේ අප්පේ... සුලා අයියෙ ඔය පැත්තේ ATM වලින් නෝට්ටු මිටි ගණන් එනවද?
මෙහෙ නම් ඉතින් වැඩිම වුනොත් නෝට්ටුවයි දෙකයිනෙ...
:D :D
@ තිස්ස දොඩන්ගොඩ,
තිස්ස අයිය බලං හිටියා වගේ බොරු කියන අපූරුව...
හිහ් හී...
සල්ලිත් එක්ක සෙල්ලම් කරද්දී හරිය්ට පරිස්සම් වෙන්න වෙනවා නේද අයියා :)
මරු වැඩ නේ වෙන්නෙ. අණ්ඩපාල යාලුවො ඉන්න එකේ වැඩගත් කමකුත් තියනව :)
හොඳ වෙලාවට මේ දෙන්නටම අර කස්ටමර් ව මුණ ගැහුනෙ :D
මටත් උනා ඔහොම එකක් WTC එකේ බැංකුවක. ඒකෙ මැෂින් එක සාමාන්‍ය ඒවට වඩා වෙනස්. මම ගත්තෙ 200යි ඒත් බලං ඉන්නවා ඉන්නවා සල්ලි නෑ. සල්ලි ඇවිත් ආපහු ගිහින්. පස්සෙ තමයි තේරුනේ වැඩේ අවුල් උනා කියලා. ඒකෙ සල්ලි එන්නෙ පහළින්. කවුද ඕව දන්නෙ. සික්කට තේරුණා වැඩේ. මල්ලි සල්ලි ආපහු ගියා නේද ඇහුවා. මාත් ඔලුව වැනුවා. ගණුදෙනු වෙලාව පහුවෙලා උනත් මාව ඇතුළට එක්කන් ගිහින් ඔෆිසර් කෙනෙකුට සීන් එක කිව්ව මිනිහ කිව්වා අද හවස්වෙයි වැඩේට හෙට උදේ වෙන කොට ගොඩදාන්නං කියල. උදේ බලන කොට සල්ලි ආපහු දාල තිබුනා.
ඔය වැඩේ නම් ගොඩ දෙනෙකුට වෙනවා. සල්ලි එළියට ඇවිත් නියමිත කාලය තුළ ගත්තේ නැත්නං ආපහු ඇතුළට යනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නෙ කළබල වෙන්නෙ නැතිව ATM එක අයිති ශාඛාවට දැනුම් දෙන එක. එයාල ඉක්මනින්ම ඒක Refund කරන්න කටයුතු කරයි..
එක දෙයක් කියන්න ඕන... මොනව වුනත් ඒ ආරක්ෂක නිලධාරියා නම් හොඳ මනුස්සයෙක් !
ස්තුතියි සටහනට...
Post a Comment