මේ කතාව නම් අපේ ජිමියා ගැන නොවුනත්.. ජිමියත් මේකට සම්බන්ධයි... චී.. චී චී … කියන කැත කතා... ජිමියා කියන්නේ බල්ලෙක් නෙවෙයි හලෝ.... කොල්ලෙක් ! ජිමියා ගැන දන්නැතිව ඔය කැත කතා කියන අය මෙතැනින් ගිහින් ජිමියා කවුද කියල දැනගෙන හිටියනං... ආ.. දැන් හරිනෙ... දැන් කට්ටිය දන්නවනෙ අපේ ජිමියා ගැන.. හරි ඔන්න මං කතාව කියන්නයි යන්නෙ.. ඔව් ඔව්... මේකත් අපේ සුප්‍රසිද්ධ බොසා ගැන කතාවක් තමා... මොකක් කිව්වා අපේ බොසා ගැන දන්නැහැ... හා හා.. එහෙනම් මේං මෙතැනින් ගිහින් එයා ගැනත් දැන ගෙන ආවනං...
හරිද ආවද..? ඔන්න මං පටන් ගන්නවා...
මේක මේ බොහොම මෑතක සිද්ධ වෙච්චි සිදුවීමක්! දැන් ජිමියා ඉන්නෙ ඉස්සර මං හිටපු තැන... මං ඉන්නෙ ඉස්සර ජිමියා හිටපු තැන.. ඒ කියන්නෙ දැන් මං කෑෂ් එකේ.. ජිමියා ඔපරේෂන්ස් ඒරියා එකේ... දන්නැද්ද අපිව කැරකෙව්වනෙ... (Job Rotation) දැන් මං ඉන්න තැන නං අවුලක් නෑ.. එකම අවුල.. දැන් ඉතින් ෆුල් සයිස් ඉමේජ් බලාගන්න ලැබෙන්නැති එක විතරයි... තනිකරම පාස්පෝට් සයිස් [ ] ඉමේජ් විතරයි.. ඒත් ඉතින් ජිමිය නං ඉන්නෙ ෆුල් හැපි එකේ... ඇයි ඉතින් ෆුල් සයිස් ඉමේජ් බලාගන්න පුළුවන්නෙ... හැබැයි ඉතින් අපේ පියන්ට තමා වැඩ වැඩි... ඇයි ඉතින් ජිමියා ඉක්ක ගහන ගහන සැරේට වතුර අදින්න එපැයි..
මං කලිනුත් කියල තියෙනවනේ මං හිටපු තැනට, ඒ කියන්නෙ දැන් ජිමියා ඉන්න තැනට පොඩ්ඩක් එහායින් තමා අපේ බොසාගේ කියුබිකල් එක තියෙන්නෙ කියල... හරිද? ඉතින් ඔන්න දවසක් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියල හිතන්ඩ පුළුවන් තාලේ කපල් එකක් ආවා අපේ බොසාව හම්බවෙන්ඩ... වෙන මොකකටවත් නෙවී.. කරන්ට් එකවුන්ට් එකක් ඇරගන්න... අර ඉංගිරිසියෙන් ජංගම ගිණුම කියන්නෙත් ඒකටම තමා... ජිමියත් ඉතින් සුපුරුදු විදිහට අර කපල් එක කියුබිකල් එක ඇතුලට යැව්වා.. සාමාන්‍යයෙන් ජංගම ගිණුමක් විවෘත කරගන්න කවුරුහරි ආවහම එයාව බොසා ගාවට යොමු කරන එක තමා සිරිත.. ඒ පුද්ගලයා අපේ බැංකුවේ ජංගම ගිණුමක් පවත්වගෙන යන්න සුදුසු කෙනෙක්ද නැත්ද කියන තීරණය ගන්නෙ බොසාලනෙ.. ඒකයි. සාමාන්‍යයෙන් නම් මේ එන පුද්ගලයට සුදුසු මොන විදිහෙ ජංගම ගිණුමක්ද කියල තීරණය කරලා එකවුන්ට් ඕපනින් ෆෝම් එකත් දෙන්නෙ බොසාලම තමා... ඒ ඉතින් වෙන බ්‍රාන්ච්වල... අපේ ඕක ටිකක් වෙනස්.. අපේ බොසා ඒ එන පුද්ගලයට සුදුසු මොන ජංගම ගිණුමද කියන එක තීරණය කළාට පස්සෙ.. අර කියුබිකල් එක ඇතුලේ ඉඳන්, ඔපරේෂන්ස් ඒරියා එකේ ඉන්න කෙනෙකුට කෑ ගහල කියනව.. අහවල් ෆෝම් එක දෙන්න කියල...
ජංගම ගිණුම්වලත් වර්ග තියෙන බව ඔයාල දන්නවත් ඇතිනෙ...
- Individual Current Account|තනි පුද්ගල ජංගම ගිණුම
- Joint Current Account|බද්ධ ජංගම ගිණුම (දෙදෙනෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ නමින් විවෘත කරන ගිණුම්)
- Sole Proprietorship Current Account|ඒක පුද්ගල ව්‍යාපාර ජංගම ගිණුම (තනි පුද්ගලයෙකුට අයත් ලියාපදිංචි කරන ලද ව්‍යාපාරයක් වෙනුවෙන් අරඹන ගිණුම්)
- Partnership Current Account|හවුල් ව්‍යාපාර ජංගම ගිණුම
- Company Account|සමාගම් ජංගම ගිණුම
ඔය වගේ ජාති ගොඩයිනෙ... ඉතින් මේ එක එක ජාතියට වෙන වෙනම එකවුන්ට් ඕපනින් ෆෝම්ස් තියෙනවා.. ඒකත් එක එක පාටින්... හරිද?
ඔන්න ඉතින් මේ කපල් එකත් එක්ක කතා කරල ඉවර වෙලා අපේ බොසා තීරණයකට ආවා.. මෙයාලට අපේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඉඩ දෙන්න ඕන කියල.. ඒ මහත්මයට ඕන වෙල තිබුණේ එයාගෙයි එයාගෙ වයිෆ්ගෙයි නමින් ගිණුමක් ඇරගන්න.. ඒ කියන්නෙ ජොයින්ට් එකවුන්ට් එකක්! හැබැයි එයා ව්‍යාපාරිකයෙක්... ඒ මහත්මයාගෙ නමින් ලියාපදිංචි කරපු ව්‍යාපාරයකුත් තියෙනවා... සිංහලෙන්ම කියනවනම් සෝල් ප්‍රොප්රයිටෂිප් එකක්... දැන් බොසාට ඕන මේ ව්‍යාපාරය නමින් ගිණුමක් ඇරවගන්න...
අපේ ලොක්ක කියුබිකල් එක ඇතුලේ ඉඳන් එබුණා... ඒ වෙලාවෙ ඔපරේෂන්ස් ඒරියා එකේ වෙන කවුරුත් හිටියෙ නැහැ... කෑමට ගිහින් වෙන්ඩ ඕන... ඉතින් බොසාගේ ඇහැට වැටුණෙ ජිමියා...
“ජිමී.... ජිමී...” බොසා අර කියුබිකල් එක ඇතුලේ ඉඳන් කෑ ගහනවා..
ජිමියත් නින්දෙන් ඇහැරුණා වගේ බැලුවා...
“යෙස් බොස්....”
“ජිමී... මේ මහත්තයලට දෙන්න කරන්ට් එකවුන්ට් ඕපනින් ෆෝම් එකක්....
සෝල් ප්‍රොප්රයිටෂිප් ජොයින්ට් එකක්!”
ජිමියයි, ඔපරේෂන්ස් ඔෆිසරුයි මූණට මූණ බලාගත්තා....
මදැයි කොළා... දැන් ඉතින් හදපන්කො ෆෝම් එකක්!
| සේයාරුව PicApp අඩවියෙනි |




22 දෙනෙකුගේ අදහස්....:
හි හී :D
ජොයින්ට් එකක් ගහන්න වෙන වැඩක්!
ඉදගෙන ලොකුම පුටුවෙහි සිටියත් කවුරු
පුහුදුන් මිනිසෙකිය , ඔබ අප මෙන් සොයුරු
පොට පටලවා ගත්තත් පෙන්වා බහුරූ
විටකදි ගුරුන්ටත් වරදිනවා අකුරු
:)))
හික්ස්............ ජබොස් ගෙත් වැඩ නේද
චී චී චී ඔහොමත් කියන්න හොඳද??
ජිමී කියන්නේ කවුද කියලා දන්නේ ජබොසුයි ,ඔයාලයි මේ කියවන අපියි විතරයිනේ.
බැංකුවට එන හැම ගණුදෙණු කාරයම ඒක දන්නේ නෑනේ.එහෙම එකේ ප්‍රසිද්ධියේ ඔහොම කිව්වාම කොහොමද අර ජිමී පාරේ බැහැලා යන්නේ හැබෑටම ඈ
හික් හික් හික්...මාර වැඩේ නොවැ :D:D:D
බලන් යද්දි බොසා නේ නාගෙන තියෙන්නේ...
මචන් උබ ඔක ලියායි කියලමෛ මම බලගෙන හිටියෙ .... අපි දන්න ටිකත් පෙටලෙනව ඔය බොසත් එක්ක වෙඩ කරන්න ගියම...අපිට God bless !!!!!!
හහා.. හික් හික් හික්..
හි හි ස්විටි බොසා :D
@ හසී,
ඇවිත් යන්න ආවට ස්තූතියි සිස්!
@ charmi,
ඒක නං හැබෑව...
@ විහඟ ගීතය,
කතාව ඇත්ත...
ස්තූතියි ගොඩවැදුනට...
ලස්සන පද ටිකක්...
@ Shadow/හේමලයා,
ස්තූතියි සහෝ ගොඩවැදුනට...
@ දිල්,
හිහ්.. වෙනසක් නැහැ තවම... ඉස්සර වගේම තමා අපේ බොසා...
අක්කට නම් දැන් ඉස්පාසුවක් නැති ගානයි නේද ?
වැඩිය දකින්නත් නැත්තේ ඒ හන්දා වෙන්ඩැති...
ස්තූතියි අක්කේ ඇවිත් ගියාට...
@ nimanthi,
ඇත්ත තමා...
ඒත් ඉතින් ඒකනම් විහින් දාගත්ත ලෙඩක්නේ අක්කේ...
හැබැයි ඉතින් ඉජු ඉජු කියනවට වඩා ඒක හොඳයි නේ ???
@ Hasitha ජයසූරිය,
ඒක නොවෙන්නං....
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...
@ පිස්සා පලාමල්ල,
හැම කස්ටයටම ඔය වචන නොතේරෙන හන්දා හොඳයි ඉතින්...
@ Anonymous,
මචං මලියා...
ඒ ගැන නම් ඉතින් මොන කතාද ?
පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනව කිව්වලු...
@ වැම්පයර්,
ආහ්.. වැම්පත් ඇවිල්ල තියෙන්නෙ...
තෑන්කූ වේවා... ඇවිදින් ගියාට
@ හසී රන්,
නිදාගත්තම ද දන්නැහැ....
හික්ස්..
Post a Comment