සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

27 September 2010

දෙනෙත් ATM දැම්ම වගෙයි ! ( ප්‍රස්ථා පිරුළක් )

Image: Salvatore Vuono / FreeDigitalPhotos.net



ඔයාලට මතකද අර ඇහැට කනට පේන දැරිවියෝ හන්දා අපේ කට්ටියට වෙච්චි අලකලංචි ගැන ලියපු "ස්පයික් ස්පයික් බේබි..| Spike Spike Baby" කතාවෙදි මං කිව්වා මගේ යාලුවෙක් ගැන.. දෙනෙත් කියල... එදා පොරොන්දු වුණ විදිහටම ඕං අද කියන්න හදන්නෙ මිනිහට වෙච්චි අලකලංචිය ගැන තමා...

මං එදා කිව්වත් වගේ දෙනෙත් ඇවිල්ලා, උඩරැටියෙක්! නිකම්ම නිකං උඩරැටියෙක් නෙමෙයි... හොඳ උඩරට වළව්කාරයෙක්... ඉතින් මිනිහට තිබ්බේ මාර පොෂ් ලුක් එකක්... කොටින්ම අර කෙල්ලො වහ වැටෙන ජාතයේ V ෂේප් එකට ළඟින් යන අවුට්ලුක් එකක්!
කිරිබත්ගොඩ ඉන්න කාලේ මායි දෙනෙතුයි වැඩ කළේ කෑෂ් එකේ... මං පළවෙනි කවුන්ටරය කරත්දි... දෙනෙත් හිටියෙ මං ළඟම දෙවැනි කවුන්ටරේ.... මං හිතන පතන හැටි ගැන මිනිහට හොඳ අවබෝධයක් තිබුණා... ඒ වගේමයි මිනිහ හිතන පතන හැටි ගැන මටත් හොඳ අවබෝධයක් තිබුණා... ඒ හින්දමද කොහෙද අපි දෙන්න අතරේ හොඳ යාලු ෆිට් එකක් තිබ්බා... විශේෂයෙන් කෑෂ් එකේ ඉන්දෙත්දි ඔහොම ෆිට් එකක් තියෙන එක හරි වැදගත්!

සාමාන්‍යයෙන් දෙනෙත්ව දැක්කහම ඕනම ලස්සන කෙල්ලෙකුට ආපහු හැරිල දෙපාරක් බලන්න හිතෙනවා... දෙනෙත්ගෙ කවුන්ටරයට ආපු ඒ වගේ දැරිවියො එක්සයිට් වෙලා බලාන හිටපු අවස්ථා එමටයි... දෙනෙත්ගේ අවුට්ලුක් එක වගේම මිනිහගේ කතා විලාශයත් ඒකට බලපාන්න ඇති... මිනිහගේ ඇක්සන්ට් එකට කෙල්ලො වහ වැටෙන්නෙ බලාගෙන ඉන්දෙත්දි... ඉතින් ඕවා දකිද්දි සමහර වෙලාවට ප්‍රෘථග්ජන මටත් දෙනෙත් ගැන ඊර්ෂ්‍යාවක් වගේ එකක් ඇති නොවුනම නෙමෙයි...

ඉතින් දැන් කතාවට එමුකො... ඔයාල දන්නවනෙ... අපේ කවුන්ටර වලට විවිධ තරාතිරම්වල ගනුදෙනුකරුවො එනවනෙ.... බාල මහලු... උස මිටි... කලු සුදු... වගේම අර වගේ ඇහැට කනට පේන දැරිවියොත් ඒ අතර ඉන්නවනෙ.. ඒ වගෙම ඉඳල හිටල තරු පායන දවස් එහෙමත් තියෙනවා... ඒ කිව්වෙ රිදී තිරයේ පුංචි තිරයෙ එහෙම පායපු තරු අපේ කවුන්ටරවලට එහෙමත් පායනවා.... ඔන්න ඉතින් එක දවසක මේ වගේ තාරකාවක් පෑව්වා අපේ ශාඛාවට... ඉටි රූපයක් වගේ ලස්සන තාරකාවියක්! පුංචි තිරය වගේම රිදී තිරයත් ජය ගත් තාරකාවියක්! මොන වැඩේ කර කර හිටියත් හැමෝගෙම ඇස් තිබුණෙ ඈ ගාව... කොටින්ම මේ කියන මගෙත්... ඉතින් දෙනෙත් ගැන කුමන කතාද ???

මං කලිනුත් කියල තියෙනව වගේ ඒ කාලේ කෑෂ් කවුන්ටර පහක් තිබුණා නෙව... එදා ටිකක් විතර සෙනඟ අඩු දවසක්... දෙනෙත්ගෙයි මගෙයි කවුන්ටරවල හිටියෙ පස් හය දෙනෙක් විතරයි.. දැන් හැමෝම බලගෙන ඉන්නෙ මේ තාරකාව පායන්නෙ මොන කවුන්ටරේටද කියලයි... හිතුවත් වගේම තාරකාව පෑවිවේ දෙනෙත්ගෙ කවුන්ටරේට... අපිට කොහෙද බූල් බල්ලො කිව්වලු... අපි කට්ටියගෙම හුළං බැස්සෙ බලාගෙන ඉන්ඳෙත්දි... ඒ වුණාට බලන්න එපායෑ... දෙනෙත්ගෙ තන්තෝසේ ඉහින් කනින් බේරෙනවා... මිනිහ නිකන් අමුතුම ලෝකෙකට ගිහිල්ල වගෙයි හිටියෙ... කොටින්ම මිනිහ ළඟින්ම හිටපු හින්දම ඒ වෙලාවෙ මිනිහ බල බල හිටපු හීනේ පසුබිම් සංගීතය පවා මට ඇහුණා...

Image: digitalart / FreeDigitalPhotos.net

ඉටි රූපේ අපූරුව විඳින්න මං හරි ආසයි...
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි...
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආ.....


ක ට්... ක ට්... ක ට් !!!

අයියෝ..... මං හිතුවේ දුෂ්ඨයා පැන්න කියල... නෑ නෑ.. බැලින්නං අපේ අධ්‍යක්ෂකවරයා... ඒ කිව්වෙ අපේ කෑෂ් ඔෆිසර්.... අර තාරකාවට ඉස්සරහින් හිටිය මෑන් බල්ක් එකක් ගෙනැල්ල... විශාල මුදල් ප්‍රමාණයක් එකවර ගෙනාවහම ඒකට අපි කියන්නෙ බල්ක් එකක් කියල... ඔය බල්ක් ඇතුලේ කෑෂ් බන්ඩ්ල් ( විවිධ නෝට්ටුවල 1000 බැගින් වන මිටි) බර ගානක් තියෙනවා... ඉතින් ඒවා කවුන්ට් කරන්න සෑහෙන වෙලාවක් යන හන්දා එහෙම එකක් සෙට් වුණහම ඒ කවුන්ටරේ වහල ඒකේ හිටපු ගනුදෙනුකරුවන්ව අනෙක් කවුන්ටරවලට යොමු කරනවා... ඉතින් දැන් දෙනෙත්ගෙ කවුන්ටරේ වහල ඒකේ හිටපු කස්ටර්මර්ස්ල ටික අනික් කවුන්ටරවලට එව්වා... මෙන්න බොලේ තාරකාව දැන් මගේ කවුන්ටරේ ඉස්සරහ... හප්පට සිරි.. ඒ පාර නම් මටත් මොන මොනවදෝ වෙනව වගේ.. ඈහ් ආං අර සින්දුව ආයෙම ඇහෙනව... ඩිරෙක්ටර් ආයෙත් ඇක්ෂන් කිව්වද මන්දා.. ඇත්ත නේන්නං.. මෙච්චර කල් පුංචි තිරෙන් දැකල තිබ්බට අද නෙව හැබෑ ලස්සන දැක්කෙ.. ඉටි රූපයක්ම තමා... කඩා හැලෙන කොණ්ඩෙ... බලාගෙන ඉන්න කෙනාගෙ හදවත පසාරු කරගෙන යන බැල්ම... මුතු ඇට වගේ දසන් පෙළ... නා දළු වගේ තොල්පෙති... එතනින් ගිහාම... ෂිහ්! මේ කවුන්ටර මෙච්චර උස්කරල හදපු එකා මට අහුවුණා නම් #$!^%# කොච්චර කළත් පාස්පෝට් සයිස් විතරයිනෙ බලාගන්න හම්බවෙන්නෙ... චිහ් විතරක්!

ඔන්න ඉතින් තාරකාවියගෙ වාරේ ආවා... හප්පෙ හිනාව.. ෂහ් මට කියන්ඩ වචන නෑ... හරියට ආත්ම ගානක ඉඳන් අඳුනන කෙනෙකුට වගේ.... මුලින්ම චෙක් ටිකක් ඩිපොසිට් කළා... හ්ම්ම් රඟපාපුවට හම්බවෙච්චි ඒවා වෙන්ඩෑ.. ඊට පස්සේ සල්ලි ටිකක් ගත්තා එයාගේ එකවුන්ට් එකෙන්...

"අනේ මට චේන්ජ් ටිකක් ගන්න පුළුවන්ද...? හන්ඩ්රඩ්ස් ඇන්ඩ් ෆිෆ්ටීස් ටිකකුත් දෙන්න..."

ඔයාට නොදී කාට දෙන්නද මෙයා... මං ගාව නැත්තං සක්කරයගෙන් හරි ඉල්ලගෙන ඇවිත් දෙන්නංකො... එහෙම හිතල මං පොඩ්ඩක් කෑෂ් ඩ්‍රෝවර් එකට එබුණා.. සීයේ නෝට්ටු නං තියෙනවා.. ඒත් පනහේ ඒවා දෙක තුනයි තියෙන්නෙ...

"දෙනෙත්..."
මං දෙනෙත් දිහා බැලුවා... චිහ්.. මට මිනිහව අමතක වෙලාම ගියානේ... හප්පේ බලන්න එපායෑ ඒ වෙලාවේ අපේ දෙනෙත් දිහා... මිනිහට අහුවුණා නං අර අපේ ඩිරෙක්ටර්කාරය ඉවරෙට ඉවරයි! හිතේ තිබ්බ දුකටයි තරහටයි දෙනෙත් නෙමෙයි ඔලුව උස්සල බැලුවෙ... ඔලුව බිමටම බර කරගෙන අර 10/=, 20/=, 50/= පැකට් කවුන්ට් කරනවා... ( පැකට් කියන්නේ එකම වර්ගයක නෝට්ටු 100 කට)

"දෙනෙත් !!"
ඒ පාර නං මගෙ කට හඬ ටිකක් සද්දයි... මිනිහ නිකං නින්දෙන් නැඟිට්ට වගේ මං දිහාත්, තාරකාව දිහාත් බැලුවා... තාරකාව දැන් මිනිහ දිහා බලාගෙන ඉන්නවා වශී වෙලා වගේ... දෙනෙතුත් හොඳටම එක්සයිට් වෙලා....

“මචං මට ෆිෆ්ටීස් පැකට් එකක් ගතෑකිද ???” මං ඇහැව්වා..

“ෆිෆ්ටීස්...???”

“ඔව් මචං ෆිෆ්ටීස්....”
මං ආයෙම කිව්වා..


“ඇයි මචං, උඹට ATM එකට දාන්නද ?”


ඈහ්.. තාරකාවත් පැන්න පොළවෙන් අහසට...
මටත් ෆුල් හොල්මන්... ඇයි යකඩෝ.. මෙච්චර කාලයක් අපි ATM එකට ෆිෆ්ටීස් දාලා තියෙනවද... අර එකෝමත් එක රටක... එකෝමත් එක බැංකුවක.... එකෝමත් එක බ්‍රාන්ච් එකක... එකෝමත් එක අයිය කෙනෙක් ඇරෙන්න...

ඒ ගැන මං ලියපු "ATM කතාවක් !" ඔයාලට මතක ඇතිනෙ... ඒ ඇරෙන්න අපි කවදාවත් ATM එකට ෆිෆ්ටීස් දාලා තියෙනවද මං අහන්නෙ ???

ඔන්න ඉතින් එදායින් පස්සෙ තමා අර අළුත් ප්‍රස්ථාපිරුළ හැදු‍ණෙ...

දෙනෙත් ATM දැම්ම වගෙයි කියල...

16 දෙනෙකුගේ අදහස්....:

priyantha.ඒබී said...

මදැයි තාරකාවත් ATM එකක් කළා එහෙනම් කට්ටිය...

Hasitha said...

බැංකු ජීවිතේ රසබර, සොමිබර, පෙම්බර සිද්ධි වගේම ප්‍රස්ථාව පිළිරුත් එමටයි වගේ :)

හා පැටික්කි (MS) said...

හිකිස් තමා.......

ඉතින් තරුව ආයේ පෑව්වේ නෑත්ද????

දිල් said...

හා හා හා හා .......... නියම කතාව
" දෙනෙත් ATM දැම්ම වගේ....."

හික්ස්

ඒක නෙමේ මම මේ නිකමට කියන්නෙ....කොහොමත් ඉතින් උඩරට කොල්ලො ලස්සනයිනෙ :P

nimanthi said...

ආ මමත් මේ නිකමට අහන්නේ..
ඇයි උඩරට කෙල්ලෝ....ලස්සන නැද්ද..??ආ

sansarasidu said...

priyantha.ඒබී,

හ්ම්ම්...අයිය කතාව වෙනස්ම විදිහකට තේරුම් අරගෙන...
එහෙම ගත්තත් කතා රසයට හානියක් නැහැ...
හික්ස්...

ස්තූතියි අයියේ කමෙන්ටුවට...

sansarasidu said...

@ Hasitha,

ඒක නම් එහෙම තමා මලේ....
බැංකු ජීවිතේ රසබර, සොමිබර, පෙම්බර සිද්ධි...වගේම ප්‍රස්ථා පිරුලුත් එමටයි...

හැබැයි ඕකේ අනෙක් පැත්ත...
සංවේදී... සෝ බර... සිද්ධි...
ඒ ගැන කව්රුවත් දන්නැහැ මයේ හිතේ...

ස්තූතියි මල්ලියෝ සියපතට ගොඩවෙල අදහස කුරුටු ගෑවාට...
ආයෙම ඇවිදින් යන්ට එන්ට...

sansarasidu said...

@ හා පැටික්කි (MS),

මොකෝ නැතුව...

පෑයුවා... පෑයුවා.. තවත් කීප පාරක්ම පෑයුවා...
මං එහෙන් එනකල්ම තාරකාව පෑවේවේ මගේ කවුන්ටරයට තමා....

ස්තූතියි හා පැටික්කියෝ...

sansarasidu said...

@ දිල්,

අපේ අප්පේ... අක්ක දැකපු කල්...
දැන් ඉතින් අක්කව දකින්නේ හාවා හඳ දකින්නා වාගේ නෙව...

ඒක හැබැයි හැබැය හැබැයි...
උඩරට මැණිකෙලා කොහොමත් උඩරටටමනේ අදින්නේ නේද...?
ඔන්න දිනුම දුන්නා...

ස්තූතියි අක්කේ ලැබෙන පුංචි විවේකයෙදි මේ අහාත් ගොඩවෙල ගියාට...

sansarasidu said...

@ nimanthi,

මොකෝ නැතුව...

හප්පේ මේ උඩරට මැණිකෙලත් එක්ක බෑ නෙව...
උඩරටටමනෙ අදින්නෙ...

අර කලින් ආපු උඩරට මැණිකෙට දිනුම දුන්න වගේ මේ උඩරට මැණිකෙටත් දිනුම දෙන්නංකො එහෙනං....

sansarasidu said...

@ All,

හැමෝම සමාවෙන්න ඕනෑ....
පිළිතුරු මේ තරම් පමා වුණාට...

මේ දවස්වල ටිකක් විතර කාර්ය බහුලයි.. ටිකක් කිව්වට හුස්ම ගන්නවත් විවේකයක් නැති ගානයි... ඒ නිසාම සහෘදයන්ගෙ බ්ලොග් සටහන් කියවන්න ලැබුණෙත් නැහැ ටික දවසකින්...

ඔන්න ආයෙම සැරයක් කිව්වා....
සමාවෙන්න..

ස්වප්නා said...

හී හී :) හයියෝ මේ තාරකාවන් කරන වැඩ ;)

නලිනි චන්දිමා said...

හරිම රසවත් විදිහට ලියලා තියෙනවා. සුභ පැතුම්.

sansarasidu said...

@ නලිනි චන්දිමා,

ගොඩක් ස්තූතියි සිස්.. දිරිමත් කිරීමට...
ඒ වගේම ඔබව බොහොම සාදරයෙන් පපිළිගන්නවා මේ අඩවියට....

දේවා ගේ අඩවිය said...

අනේ මට නම් ඔහොම වෙන්නේම නැ... ගොඩාක් වෙලාවට මම කැශ් කරන්නේ ඒකේ රිස්ක් එක ගන්න තියන ආසාවට.. බ්‍රාන්ච් එකේ වෙන කොහෙවත් නැති ආසාවක් එතන වැඩ කරනකොට තියන නිසා... කොහොමත් මම වැඩ කරන කොට අනිවා චිෆ් මම නිසා මගේ ලග නම් ඕන එකක බඩු ලග.... අනිත් අය කෙල්ලෝ නිසා තරු ඔක්කොම මගේ ලග

sansarasidu said...

@ දේවා ගේ අඩවිය,

ඒක ඇත්ත.. මාත් ඒ රිස්ක් එක නිසාම ගොඩක් විමසිල්ලෙන් වැඩ කරන්නෙ.. ඒත් ඉඳල හිටල හරි ඔය වගේ සීන් කෝන් එකක් නැත්නං මේ ඒකාකාරි බැංකු ජීවිතේ එපා වෙනව නේද ???

ඒක නම් මරු වැඩේ... එහෙනම් තරු පායන්නෙම දේවා ගාවට ආ...

Post a Comment