සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

10 September 2010

සංවේදී පියසිරියා


Modern office reception desk, interior

අපේ බ්‍රාන්ච් එකේ සෙකුරිටි පොයින්ට් එකට මේ ළඟදි තවත් අලුත් හාදයෙක් ආවා... මිනිහ නමින් නිලන්ත.. නැව ගිලුනත් බෑන් චූන් කියාගෙන ඉන්න හාදයෙක්! මේ හාදයව දකින දකින සැරෙට මට මතක් වෙන්නෙම විකට රජා - බන්දු සමරසිංහව... ගමන බිමන... කතාව... හැසීරීම... ඔක්කොම ඒ වගේ... දෙයියම්පා මේ හාදයට තියෙන්නෙත් අර හිනාවම තමා... ඉතින් මේ හාදය ඇවිල්ල කාලයක් ගත වෙන්නත් කලින්ම කට්ටියගේ හිත දිනා ගත්තා... සමහර විට මං අර කිව්ව කාරණය හින්දා වෙන්නත් ඇති... නිලන්ත වැඩට ආවේ අර වැඩට එන්න බෑ කියපු කුමාර වෙනුවට... කට්ටියට ඒ කතාවත් මතක ඇතිනෙ...

කොහොම හරි දවසක හවස් වරුවේ මං කවුන්ටරයට වෙලා මගේ වැඩ වගයක් කර කර ඉන්න වෙලාවක මේ හාදයා වටයක් ගහනවා දැකල පොඩ්ඩක් කතා කළා...

“ආහ්... නිලන්ත!”

“සර්...”

“කෝ අද අපේ පියසිරියා එහෙම නැද්ද...?”

(“පියසිරියා” යනු “පියසිරි” + “අයියා” යන්න සන්ධි වී සෑදුණක් බව සැලකිය යුතුයි.. නැත්නං කියවන අය හිතයි අපි මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නැහැ කියල..)

පියසිරි අයියා බ්‍රාන්ච් ඕපනින් එකේ සිට මේ දක්වාම රැඳී ඉන්නට සමත් වුණ එකම ජේ එස් ඕ ය. අනෙක් ජේ එස් ඕ ලා එකෙක් පසුපස එකෙක් ඇවිත් ගියෝය. එහෙත් වාසනාවකට හෝ අවාසනාවකට තවමත් රැඳී සිටින පියසිරියා කාටවත් කරදරයක් නැති අහිංසක තාලයේ ගැමියෙකි. එහෙත් කුමන හෝ වරදකට පියසිරි, අර කියුබිකල් එක ඇතුලට ගෙන්වන හැම වාරයකම අපේ බොසා මෙසේ කියයි... “පියසිරි !!! ඔයිට වඩා සංවේදී වෙන්න ඕන...” පියසිරිත් ඒ හැමපාරම “හරි සර්” යැයි කියයි.. එහෙත් තාමත් සතියකට වතාවක් හෝ දෙකක් පියසිරිට අර කියබිකල් එක ඇතුලේ සීරුවෙන් සිටින්නට සිදුවෙයි... අපේ පියන් පියසිරිට “සංවේදී පියසිරියා” යැයි කාඩ් එකක් ගැසුවේ ඔය හින්දාමය..

“ඉන්නව සර්... මිනිහ අද නයිට් ඩියුටි...”

“ඇත්ත ද ?”

“ඔව් සර්....” නිලන්ත පොඩි පල් හිනාවක් දමයි...

“පියසිරි නැතුව මේ ගස් ඔක්කොම මැළවිල වගේ !”

මං පොඩ්ඩක් හැරිල පිටිපස්ස බැලුවා....

Office Plants


මේ හාදයා මට පෙන්වන්නේ අර අලංකාරෙට තැන තැන තියල තියෙන කෘතිම පැළ ටික ය... ආර්ට්ෆිෂල් වුණාට මොකෝ... බැලු බැල්මට බොරු ඒවා කියල අඳුර ගන්න බැහැ... ඒ තරම් තාත්වික විදහට මේ ගස් හදල තියෙනවා... අනෙක මේවා හයි කරල තියෙන්නෙත් පස් පුරවපු මැටි පෝච්චිවල... මට මතක් වුණේ මේ පැළ මෙහාට ගෙනාපු දවස... ඒ අපේ බ්‍රාන්ච් ඕපනින් ඩේ එක... එදා සිකුරාදාවක්! මේ පැළ ටික මෙහාට ගෙනාවෙත් එදා උදේමයි... මතකෙ හැටියට එදා ඩියුටි හිටියෙත් අපේ පියසිරියම තමා...
ඒක දැකපු මටත් පොඩි හිනාවක් ගියා....

“ඇයි නිලන්ත එහෙම කියන්නේ ????”

“නෑ සර්... මං මේ... මේක දැන ගත්තෙත් අපේ ඕ අයි සී මහත්තයගෙන්ම තමා...”
කියල මිනිහ අර පල් හිනාව දානවා ආයෙමත්!

“ඉතින් !”

“ඔන්න සර් මේ බ්‍රාන්ච් එක පටන් ගත්තේ සිකුරාදාවකලු...

ඉතින් පියසිරි අයියා සිකුරාදා ඩේ එක කරල ඕෆ් වෙලා බෝඩිමට ගියාලු... සෙනසුරාදා ඉරිදා වැඩට ඉඳල තියෙන්නෙ වෙන කෙනෙක්... කොහොම හරි පියසිරියා සඳුදා වැඩට ආවලු... ඔන්න ටිකකින් ඕ අයි සී මහත්තයත් ආවලු... ඕ අයි සී එනකොට පියසිරියා වතුර භාජනයකුත් අරගෙන බ්‍රාන්ච් එක ඇතුළේ එහෙට කැරකෙනවලු... මෙහෙට කැරකෙනවලු... ඕ අයි සී මහත්තයත් උඩ තට්ටුවට යන්න ගිය ගමන නවත්තල ටිකක් බලාගෙන හිටියලු...

මුකුත් නොකිය බලා ඉඳල ඇහැව්වලු මොකද පියසිරි කරන්නෙ කියල....

පියසිරි ඉඳන් කියනවලු...
බලන්ඩකෝ සර්... මේ ඉරිදා සෙනසුරාදා වැඩට හිටි කෙනා පොඩ්ඩක් බලල නෑනේ.... දවස් දෙකක් තිස්සේ වතුර නැතුව ගස් ටික ඔක්කොම මැළවිල ගිහිල්ලනෙ.... කියල...”


|සේයාරූ PicApp අඩවියෙනි|

23 දෙනෙකුගේ අදහස්....:

අභීත said...

නිලන්තගෙ දතත් නැද්ද?

හසී රන් said...

ආයෙත් අහලා සංවේදී බව ඕනවට වැඩි වගේ හිකිස් පව් අප්පා පියසිරියා. . .(පියසිරි අයියා)

Jeew said...

බොරු කියන්ඩ එපා ලොක්කා...
ගසු මැලවෙන්ඩ හේතුව අපි දන්නවා....
උඹලා තනි අකුරේ දචනේ කරනවා නේද ඔය පොච්චි වලට..?

තිස්ස දොඩන්ගොඩ said...

පව් අප්පා...අහිංසක මිනිස්සු නේ...?

Shadow/හේමලයා said...

අතේ පත්තු.....:))

sansarasidu said...

@ අභීත,
හෆ්ෆා... ඒක බලන්න බැරි වුණා නෙව...

දත් ඔක්කොම තියේ නම් එකක් ගලවමු...

sansarasidu said...

@ හසී රන්,
ඇත්තටම පව් කියල හිතෙනවා සිස්... මෝඩ පහේ වැඩ කළත් පියසිරි අයිය හරි අහිංසක මනුස්සයෙක්...

sansarasidu said...

@ Jeew,
හත් ඉලව්වයි... මටවත් මතක් වුන්නැහැ නෙව ඔය වගක්..
ෂිහ්...
තැන්කූ වේවා.. මතක් කරල දුන්නට..
පුරුදුකාරයන්ට මිසක් වෙන කෙනෙකුට මතක් වෙනවයැ ඕවා...
නැද්ද මං අහන්නේ???

sansarasidu said...

@ තිස්ස දොඩන්ගොඩ,
ඇත්ත අයියෙ... කතා ලියන්න කලින් මාත් හිටියේ දෙගිඩියාවෙන්..
මේව දානවද නැද්ද කියල...

ඒත් මේ කතා ටික ලියන්ඩ මං හිතුවෙ මේව මං එදිනෙදා අත්දැකපු සිදුවිම් ටිකක් හන්දා...
අනෙක මගේ අරමුණ ඔවුන්ට ගැරහීමවත්... ඔවුන්ගේ වැරදි, අඩුපාඩුවලට සිනාසීමවත් නෙවෙයි...

අපේම හපන්කම්, මෝඩකම් හා පුරාජේරු දිහා තුන්වැනියෙක් විදිහට බලන්නයි මට ඕනෑ කළේ...

එතකොට නම් ඇත්තටම හිනා යනවා අපි කරන දේවල් දැක්කහම..
ඒත් ඊළඟ මොහොතෙ ඇඬෙනවා..

sansarasidu said...

@ Shadow/හේමලයා,

:))

වැම්පයර් said...

paw ban..

Taboo Subjects said...

ප්‍රතිචාරයක් පළ නොකළාට මා නිතර ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේ. ඔබේ සටහන් වල අව්‍යාජත්වයට ප්‍රිය කරමි. කවුරුන් හෝ මා කැමතිම කතන්දර බ්ලොග් අඩවිය නම් කරන සේ නොකීම ගැන මම සතුටු වෙමි. එසේ වී නම් මා ලොකු අමාරුවක වැටෙනු නියතයි.

priyantha.ඒබී said...

පව් අහිංසකයා. ඒත් ඌ ලකුණු දාගන්න ගිහින් වගෙයි පෙනෙන්නේ..

මාරයාගේ හෝරාව said...

උඹ දන්නවනේ මල්ලී..මාත් ඉතින් සිකුරුටි උන්නැහේ කෙනෙක් කියලා..
මා ළගත් ඉන්නවා ඔය වාගේ හරි අපූරු සුන්දර මිනිස්සු ටිකක්.
ඒ වගේම තමයි ඉතින් අනිත් වැඩත්.

sansarasidu said...

@වැම්පයර්
ඇත්තටම පව් තමයි මචං

sansarasidu said...

@ Taboo Subjects,
බොහොමත්ම ස්තූතියි ඔබට...

ඒ අව්‍යාජත්වය ඉස්සරහටත් රැකගන්න අවංකවම උත්සාහ කරනවා...
ස්තූතියි සටහනට...
ඉඩක් ලැබුනොත් ආයෙම ගොඩවෙල යන්න එන්න...

sansarasidu said...

@ priyantha.ඒබී,
ඒක ඇත්ත අයියා... ලකුණු දාගැනිල්ල කෙසේ වෙතත් ඒ මනුස්සයා නම් නියමම ගැමියෙක්! කරන්නෙම ඔය වගේ වැඩ...
කොහොම ඔය රස්සාව කරගෙන ඉන්නවද මන්දා...

sansarasidu said...

@ මාරයාගේ හෝරාව,
අයියා මං මේ කතා ටික ලිව්වෙ ඒ මිනිස්සුන්ව පහත්කොට සලකන්න නෙමෙයි... මගේ තුන් හිතකවත් එහෙම අදහසක් නැහැ..
අනෙක තමන් කරන රැකියාව ගැන අවතක්සේරුවෙන් හිතන්න හොඳ නැහැ කියන එකයි මගේ හැඟීම... මොකද මගේ පියත් සිකුරිට් උන්නැහේ කෙනෙක් තමයි... අයිය කියන කතාව ඇත්ත ඒ මිනිස්සු හරිම අපූරු සුන්දර මිනිස්සු...

මේ කතා ටික මං මෙහෙම බෙදා හදාගත්තේ ලේ පිරිපහදු ව්‍යාපෘතියෙ කොටසක් විදිහට විතරයි හොඳේ..

චේජනා said...

කමෙන්ට් නොකරට ඉස්සර වගෙම හිතේ මවාගෙන කියවනව... :D

sansarasidu said...

@ චේජනා,
කමෙන්ට් නොකළට අක්ක ගොඩ වැදිල යන බව මං දන්නවා...
ස්තූතියි ඔබට..

Naදී said...

මාත් ආවා අද ඉඳලා මේ පැත්තෙ කරක් ගහන්න.
පවු පියසිරියා.එදා ඉඳලා බොස් කිව්වෙ නැද්ද "පියසිරි වැඩිය සංවේදි වෙන්න එපා කියලා".

sansarasidu said...

@ Naදී,
සාදරයෙන් පිළිගන්නවා සියපතට, සිස්...
ස්තූතියි සටහනට...

හික්ස්...

පිස්සා පලාමල්ල said...

හි හි අර ජීව් කිව්ව වගේ තනි අකුරේ ඒවා දාලද කොහිද...

Post a Comment