සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

22 September 2010

ගුඩ් මෝනින්ග් සර් !

Image: Arvind Balaraman / FreeDigitalPhotos.net

ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනෙ මං අර අපේ පියසිරි අයියා ගැන කියපු කතන්දරේ... මේකත් ඉතින් අපේ පියසිරියටම වෙච්චි අලකලංචියක් තමා... අමතක වෙන්න කලියෙන් කියන්ඩ හිතුණා...


ඔන්න ඉතින් සාමාන්‍යයෙන් අපේ කට්ටිය සේවයට වාර්තා කරන්නෙ උදේ 7.45 ත් 8.30 ත් අතරනෙ... ඉතින් අපේ කට්ටිය සේවයට වාර්තා කරන්න කලියෙන් එන දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්නෙ අපේ සෙකුරිටි පොයින්ට් එකේ කට්ටිය තමා... දවසක් අපේ පියසිරි අයියා ඩියුටි කරන දවසක ඔන්න ඔය වගේ අවේලාවේ දුරකතන ඇමතුමක් එනවලු... වෙලාව උදේ 7.00 ට විතර ඇතිලු...

ඉතින් ඔහොම වෙලාවට අපේ පියාගෙ තියෙනවා පොඩි ග්‍රීටින් කෑල්ලක්... (“පියසිරි අයියා” යන්න සන්ධි වී සෑදුණ “පියසිරියා” යන්න තවත් කෙටි වී “පියා” යැයි අමතන අවස්ථාද තිබේ.)
මෙන්න මෙහෙම
“ගුඩ් මෝනින්ග් සර්.... 1XXXX බෑන්ක්...2XXXX...” කියල... ලස්සනට ඇදල පැදල පියා ඕක කියද්දි අහන් ඉන්න ආසයි...

ඕකේ නිසිබලධාරියා විසින් කපා හැරිය පළවෙනි කොටසින් කියවෙන්නෙ බැංකුවෙ නම... දෙවැනි එකෙන් කියවෙන්නෙ ශාඛාවෙ නම...
හැබැයි අර සර් කෑල්ල නම් කොයිම වෙලාවකවත් නැති වෙන්නෙම නැහැ... එහා පැත්තෙන් කතා කරන්නෙ ගැහැණු කෙනෙක් ද පිරිමි කෙනෙක්ද වත් කියල දැන ගන්න කලියෙන් සර් කෑල්ල කියවිල ඉවරයි...

ඉතින් පියා දැන් මේකටත් ඕකම දැම්මා...

“ගුඩ් මෝනින්ග් සර්.... 1XXXX බෑන්ක්...2XXXX...”

හොඳ වෙලාවට එහා පැත්තෙන් ආවේ පිරිමි කටහඬක්!

“ආ මේ... නිශාන්ත මහත්තය ඉන්නවද?”

“ආ නෑනේ තාම කවුරුත් ආවේ නෑනෙ...”

“ඇත්ත ද ? කීයටද දන්නැහැ ඒ මහත්තය එන්නෙ.. නේද?”

“අටහමාර විතර වෙයි...”

“ඒකත් එහෙමද ? හ්ම්ම්... ඔය කවුද කතා කරන්නෙ ?”

“මං ජේ එස් ඕ පියසිරි... සෙකුරිටි එකෙන්...
මහත්තය කවුද ???

“ආහ් නෑ නෑ... මං මේ හාමුදුරුවෝ !

“ඈහ්.. සොරි සර්...

13 දෙනෙකුගේ අදහස්....:

ස්වප්නා said...

හී හී පව් අනේ... :)

Chanaka Aruna Munasinghe said...

ඉස්කෝලෙ උගන්නන හාමුදුරුවො හාමුදුරු සර් නෙ

sameerausa said...

තව කෑලි ටිකක් කට පාඩම් කරගන්න පොරට පොඩි සප් එකක් දෙන්න

චේජනා said...

:D

dinesh said...

හික්,හික් ...පට්ට සීන් එක.

දුමී said...

අද කාලේ ඉන්න නමට හාමුදොරුවන්ට නම් එහෙම කිව්වත් හොඳ වැඩියි මම හිතන්නෙ . . . !

හසී රන් said...

"පියා" ටත් වෙන්නේ මාර අලකල0චි තමා හිකිස්

har said...

:D

nimanthi said...

අයියෝ..:D

Jeew said...

පියා සර්...

priyantha.ඒබී said...

අයියො පව් පියා....හික්ස්......

Gaminda said...

හික්ස්..
නියම කතාව.

Hasitha said...

මකරාට : ඉස්කෝලේ ඉන්නේ ගුරු හාමුදුරුවෝ නේද ? :) :)

අපේ කැම්පස් එකේ අපිත් එක්ක එකට lectures වලට යන හාමුදුරුවරු එක්ක කතා කර කර ඉද්දී පෙලක් එවුන්ට බන්, උඹ කියලාත් කියවෙනවා හාමුදුරුවන්ට

Post a Comment