කාලෙකට පස්සේ මේ ලැහැස්ති වෙන්නේ බැංකු ජීවිතේ තවත් රසවත් සිදුවීමක් බෙදාහදාගන්නයි... ඇත්ත ම කිව්වොත් මීට ඉස්සර කවදාවත් මගේ බ්ලොග් එක කියවල නැති මගේ බැංකු යාලුවෝ ටිකක් දැන් නිතර ම මගේ බ්ලොග් අඩවිය කියවනවා... ඒ ධනිකටත් SETTdeco විජේට්ටුවටත් පින් සිද්ධවෙන්ඩ... ඉස්සර තමන්ගේ කම්පියුටරේ යුනිකෝඩ් සහය පිහිටුවගන්න එක පැත්තක තියෙද්දි, මූණු පොතේ ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් එක බලලා මොනවද මචං නිකන් කොටු කොටු විතරයිනේ පේන්නේ කියල කියාපු අය ම අද කරදරයක් නැතිව මගේ බ්ලොග් එක කියවන්නේ ඒ හින්දයි... එහෙම කියවපු අය තමන් දන්න බැංකු ජීවිතේ රස කතා මට ලියල එවන්නත් පුරුදු වෙලා... ඒ අතරෙම ආයෙම බැංකු කතාවක් ලියන්නේ කවදද කියල අහන අයත් ඕන තරම්.... ඉතින් මේ කතාව ලියැවෙන්නේ ඒ අය වෙනුවෙන්.. අර මං හැමදාම කියනව වගෙ මේ කතාවත් බැංකුකරුවන්ට නම් පැල් බැඳගෙන හිනා යන කතාවක් වුණත් අනෙක් අයට නම් ඒ තරම් හිනායන කතාවක් නම් නෙමෙයි..
මුලින්ම කියන්න ඕනෑ... මේ සිද්ධිය මං අත්දැකපු එකක් නම් නෙවෙයි.. ඒ හන්දා මේ කතාව ලියැවෙන්නෙ "ලූ" ප්‍රත්‍යයෙන්... කතාව නම් මට කිව්වේ මගේ ගුරා... ගුරා කිව්වේ බැංකුවෙදි මට වැඩ උගන්නපු ගුරා... ඇත්තට ම ගුරා නෙවෙයි හරිනං කියන්න ඕන ගුරී කියල තමා... මොකද මට වැඩ කියල දුන්නෙ, මට වඩා සීනියර් මගේ වයසේම කෙල්ලෙක්... හැබැයි කවදත් වගේ මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්... අදටත් මං එයාට කතා කරන්නේ මචං කියල... අද වෙනකොටනම් එයා ඔෆිසර් නෝනා කෙනෙක්... ඒත් අර යාලු ෆිට් එක නම් තාම එහෙමමයි..
ඉතින් කතාවට එමුකො... ඒ මගේ පළවෙනි බ්‍රාන්ච් එක.... මට වැඩ කියල දෙන්න පැවරුණේ මගේ ඉමීඩියට් සීනියර් වෙච්චි මගේ ගුරී යාළුවට... මේ සිද්ධිය වෙලා තියෙන්නෙ මං ඒ බ්‍රාන්ච් එකේ වැඩට එන්න ටික කාලෙකට කලින්...
ඔන්න ඉතින් කාලෙකට කලින් ඒ බ්‍රාන්ච් එකට අළුතෙන් ආවලු කොල්ලෙක්, බෑන්කිං ට්‍රෙනී විදිහට... මේකා ටිකක් එක විදිහක හාදයෙක්ලු... කොයිදේත් කරල ඉවර වෙලා අහන ජාතියේ එකෙක්ලු... ඉතින් දවසක් ස්ටාෆ් එකේ කට්ටිය අඩු දවසක මේ හාදයට ෆ්රන්ට් කවුන්ටර්ස්වල වැඩ කරන්න සිද්ධ වුණාලු... ඔය අළුතෙන් එකවුන්ට් අරින වැඩ වගේම පේ ඕඩර් , ෆොරීන් ඩ්‍රාෆ්ට් (අර බැංකු අණකර කියල ඉංගිරිස්වලින් කියන්නේ ආං ඒවට තමා..) එහෙමත් දෙන්නේ ඔතැනින් තමා.. ඉතින් එදා ලන්ච් වෙලාවේ කවුන්ටරේ ඉඳල තියෙන්නෙ මේ හාදය විතරයි... ආපු අලුතම නිසා මේ හාදයට වැඩ ගැන ඒ හැටි දැනුමක් නැහැ... ඒ හන්දාම මිනිහත් ඉඳල තියෙන්නෙ දණිස් පොල්කටු දෙක ටිකක් ඈත් කරගෙන... මොකද ඕක වදින්න ගත්තොත් හෙම.... ඔන්න ටික වෙලාවක් යත්දී මේ කවුන්ටරේට ආවලු පොඩි කොල්ලෙක්.... පොඩ් ය කිව්වට පොඩිමත් නෑලු... මේ A/L කරල ඉවර වෙච්චි ගමන් වගේ හාදයෙක්... මිනිහා ඇවිත් තියෙන්නේ ඩ්‍රාෆ්ට් එකක් ගන්න... CIMA UK නමට..

හැබැයි කස්ටමර් කොලු ගැටයත් ඒ තරම් බැංකුවලට ගිහින් පුරුද්දක් නැති හාදයෙක් වගේලු පෙනුනෙ... අපේ හාදයත් වැඩිය නැතුවට පොඩ්ඩක් විතර ගැස්සිලලු හිටියේ.. මොකද මිනිහා ඩ්‍රාෆ්ට් එකක් තියා පේ ඕඩර් එකක් වත් මීට කලින් තනියෙම දීලා තිබුණේ නෑලු....හැබැයි අනික් අය මේක කරන හැටිනම් මේ හාදය දැකල තිබ්බලු.... හැබැයි ඉතින් මේකා නොදන්න බව පෙන්නන්න කැමති එකෙකුත් නෙමෙයිලු.... ඉතින් අපේ හාදය අර කොල්ලට මේ ෆෝම් එකයි, අර ෆෝම් එකයි ඔක්කොම දීලා පුරවගන්න තියෙන සේරම පුරවගත්තලු... පස්සේ පවුම් ගාණට හරියන්න ලංකාවේ ගාණ දාපු ඩිපොසිට් ස්ලිප් එකකුත් දීලා කිව්වලු කෑෂ් කවුන්ටරේට ගෙවල එන්න කියල... කස්ටමර් කොලුවත් ඉතින් කෑෂ් කවුන්ටරේට සල්ලි ගෙවල ආවෑයි කියමුකො... මේ කොල්ල එනකොට අපේ හාදය ෆොරීන් ඩ්‍රාෆ්ට් එක ලියුම් කවරෙකත් දාලා ලෑස්ති කරලලු තිබ්බෙ... ඉතින් කස්ටමර් කොලුවා, අපේ හාදයට මුව නොසෑහෙන්න ස්තූති කරල අර ලියුම් කවරෙත් අරගෙන ගෙදර ගියාලු...
ඔහොම මාස දෙක තුනක් ගෙවිලා ගියාලු....
ඔන්න අර කියපු කස්ටමර් කොල්ලා එක දවසක් බොහොම කලබලයෙන් දුවගෙන ආවලු බ්‍රාන්ච් එකට, මූණත් බෙරි කරගෙන.... බැලින්නං අර දීපු ඩ්‍රාෆ්ට් එක රිටර්න් වෙලා... කස්ටමර් කොල්ලා මූණ බෙරි කොරගෙන ආව මදෑ... වෙන කෙනෙකුට වුණා නං දීපු එකාගේ මුණත් තහඩුව සමතලා කරන්න තරං කේන්තියකින් නෙව එන්නෙ... ඉතින් එදා එතන හිටිය සීනියර් කෙනෙක් සීන් එක මැද්දට පැනල අර ගත්තලු බලන්න අර ඩ්‍රාෆ්ට් එක.... මේක අතට ගත්ත ගමන් අර සීනියර්ට හොඳට ම කේන්තිලු... මෑන් බැක් ඔෆිස් එක දිහාට හැරිල බොහොම තදින් ඇහැව්වලු කවුද මේක ඉෂූ කළේ කියල... ඉතින් අපේ හාදයත් පූස් පැටියා වගේ ගුලි වෙලා බොහොම බයෙන් බයෙන් කිව්වලු එයා තමයි කියල.... අර සීනියර් මෑන් කටින් පනින්න ආපු හිනාව තද කරගෙන කට්ටියටම පෙන්නුවලු අර රිටර්න් වෙච්චි ඩ්‍රාෆ්ට් එක.... ඒක දැකපු අනිත් සීනියර්ස්ලටනම් හිනාව නවත්තගන්නම බැරිවුණාලු.... අළුත් හාදයට නම් මේක ප්‍රහේළිකාවක් වගේලු... පස්සේ විස්තරේ දැනගත්තහම නම් මිනිහ පොළවේ වලක් හෙව්වලු, ඔලුව ඔබා ගන්න.....
මොකද දන්නවද වෙලා තියෙන්නෙ...
අපේ හාදය පණ්ඩිතකමට අර කස්ටමර් කොල්ලට දීලා තියෙන්නේ කෙලින්ම ඩ්‍රාෆ්ට් පොතෙන් කඩා ගත්තු හිස් කොළයක්ලු !



44 දෙනෙකුගේ අදහස්....:
හික් හික් හික්....
ඉන්නවා ඉන්නවා ඔය වගේ පොරවල් බැංකු වල... :D
ත**** එක රජයේ බැංකුවක කවුන්ටරේ එකෙක් ඉන්නවා.. ලොකුම ලයින් එකෙන්.. ඌ හිතං ඉන්නේ බැංකුව උගේ තාත්තගේ කියලා.... :D
හෆොයි දෙයියනේ, අර සිමා කරන්න හිටපු කොල්ලගේ මුළු අනාගතේම ඇනෙන්න ඇති නේද ? මොකද ඌට සිමා කරන්න වෙන්නෙ නෑනේ පේමන්ට් එක වෙලාවට ගියේ නැති නිසා.
මේ පැත්තෙ ආවෙ අදය.කතාව..:D ය.
@ සෝරෝ,
ඒක ඇත්ත... ට්‍රෙනීන් පීරියඩ් එකේදිවත් නොදන්නා දෙයක් අහගෙන කරන්න නොහිතන ඔය වගේ බක පණ්ඩිතයෝ හන්දා කස්ටර්මර්ලටත් කරදරේ... ඒ මදිවට බැංකුවේ නමත් කැත වෙනවා....
හිහ්... හිහ්... ඔය වගේ අයත් ඕන තරම් ඉන්නවා සහෝ...
@ දුමී,
මාත් කතාව අහපු වෙලේ මගේ ගුරාගෙන් ඇහැව්වේ ඔය ටිකමයි...
එයාලනම් කිව්වේ හරි ගාණට ආයෙමත් ඩ්‍රාෆ්ට් එකක් දුන්නා කියල... ඒත් ඊට පස්සේ වෙච්චි දේවල් එයාල දන්නේ නැහැ...
ඇත්ත බලන්න අයියේ.. එක මෝඩ වැඩකින් තව කෙනෙකුට වෙන්ඩ පුළුවන් හානිය කොච්චරක් ද කියල...
@ රාජ්,
සාදරයෙන් පිළිගන්නවා...
ගොඩක් ස්තූතියි මේ අඩවියට ගොඩවැදිල සටහනක් දැම්මට...
අනේ අපොයි............. මක් කොරන්නද හිතට හයිය අරන් ඒකවත් තනියම දුන්නා මදැයි.
අයියා ආයෙමත් පරණ ස්ටයිල් එකට එන එක ගැන නම් පුල් පුල් හැපී.
ගුටි නොකා බේරුන එකම මදෑ...
බැංකු විතරක් නෙමේ මේ වගේ බක පණ්ඩිතයෝ දැන් හැම තැනම වැහි වැහැල. වැඩක් කරගන්න ගියහම පිස්සු හැදෙනවා. :D
කාලෙකින් මචං.. දකින්න ලැබීම සතුටක්..
අර කිව්වත් වගේ මදෑ හිතට හයිය අරගෙන එහෙම දෙයක්වත් කලා. ඒත් ඉතින් අර සිමා කරන්න බලන් උන්න කොල්ලට අබ සරණයිනෙ.....
බැංකු ජීවිතේ ගැන කියනවානම් කියන්න ඇතිපදං සිදුවීම් තියෙනවා. කෙටියෙන්ම කියනවානම් හරිම විනෝදජනක ඒ වගේම ගොඩක් ගැටලු වලට මුහුනදෙන්න වෙන රැකියාවක්..
තමන් වැඩකරන තැනට රැකියාවට ආදරයක් ගෞරවයක් නැති අය නිසා ඒ රැකියාව කරන තැන අයටත් සේවාව ලබන අයටත් ගැටලු ඇතිවෙනවා.
@ හා පැටික්කි (MS),
ආ ඔය ඇවිත් තියෙන්නේ අපේ හා නගා ආයෙම වංගියක්...
මොකද හා නගේ එහෙම කිව්වේ... මගේ කලින් ලිපි දෙකේ ස්ටයිල් එක හරි නැතුවා වත්ද ?
@ prasanna86k,
ඒක නම් ඇත්ත සහෝ...
@ ..ChAnDiKa..,
ඒක ඇත්ත මල්ලී තමන් කරන රාජකාරිය ගැන වගකීමක්, හැඟීමක් නැති වුණාම මිනිස්සු අතින් ඔයවගේ දේවල් වෙනවා... අත්වැරදිම් වෙනවා.. ඒක මනුස්ස ස්වභාවය.. ඒත් මේ වගේ දේවල් අත්වැරදීම් නෙමෙයිනෙ... මේ ඇවිල්ල තනිකරම වගකීමක් නැති කම....
@ දිල්,
ඒක ඇත්ත අක්කේ... මේ කතාව ලියන්න ගිහිල්ලත් මං කල්පනා කළේ ඒ ළමයට මොනව හිතෙන්න ඇත්ද ? එයාගේ CIMA exam එකට මොකක් වෙන්න ඇත් ද කියලයි...
@ RoshanHerath,
තවත් මේ රැකියාවෙම යෙදෙන කෙනෙක් විදිහට ඔයාට ඒ ගැන හොඳටම දැනෙනව ඇති නේද සහෝ...
@ වැම්පයර්,
ඇත්ත මචං ගොඩ කාලෙකින්... අර මං කලින් ලිපියකින් කිව්වත් වගේ අපි ඉතින් ආවෝ - ගියෝ බ්ලොග් කලාව කරන අයනෙ...
:D
ආයෙම උඹව දකින්න ලැබුණු එක මටත් සතුටක් සහෝ..
හෆොයි :) ආයෙත් බැංකු කතා එල එල :)
@ හසී,
හික්zz
බැංකු කතා සෙටි එක කියවන්න එකතු වුණාට, ගොඩක් ස්තූතියි සිස්..
සිරාවටම මම වැඩ කරන බැංකුවෙදිත් ඔහොම විකාර ඩයල් කරපු වැඩ අහන්න ලැබෙනවා ඕන තරම්... කැමතිනම් මේක කියවලා බලන්නකෝ...
ATM දෙය්යෝ
@ දේවා ගේ අඩවිය,
බලාගෙන ගියහම කොහෙත් එකයි වගේ සහෝ..
හික්ස්...
ස්තූතියි සබැඳියට... ඒකත් අපූරු ATM කතාවක්...
මේ පැත්තට ආවේ අදයි ඒත් ඉතින් ඔහොම පණ්ඩිතයෝ එක්ක බෑ..
@ චතුර....,
සාදරයෙන් පිළිගන්නවා මචං...
ඒ කතාව නම් ඇත්ත..
ස්තූතියි අදහසට
හපොයි පවු අර අසරණ ළමයා...
බැරි වැඩ නොකරන්න කියන්නේ ඕකට තමා...:D
අපේ මලයත් ඔය වගේ Real කතා කියනවා ..ගෙදර ආවාම.
මට එතකොට ඔයාවත් මතක් වෙනවා..sansarasidu.
ආයෙම ලියන්න ගත්ත එක ගැන හැබෑම...සතුටුයි.
තමුන් දන්නේ නැහැ කියලා හිතන කෙනා අහලා කරලා ඉගෙන ගන්නවා. එහෙම නොකරන අයට වෙන දේ, ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ.
ෆොරීන් ඩ්‍රාෆ්ට් එකක් ඉෂූ කරනකොට සීනියර් කෙනෙකුට පෙන්නන එකේ සිරිතක් නැද්ද?...:)
පවු අහිංසකය.. රැග් කරනවද අලුත් කොල්ලන්ට ?මං එක පාරක් බොහොම ඉස්සර අලුත් කොල්ලෙක්ගේ ජොබ් එක බේරුවා. ඌ වැරදිලා ලොකු ගානක් මගේ එකවුන්ට් එකට පොස්ට් කරලා. මං බැලුව කොහෙන්ද යකෝ මේ තරම් සල්ලි කඩන් පාත් උනේ මගේ ගිණුමට කියල.. මං ඉතින් හොඳ පුරවැසියානේ. ගිහින් කවුන්ටරේ මැන්ට කිවුවම මිනිහ මැනේජර් ලඟට යැවුවා. .. මං එදා ඒක නොකළ නම් ඔඩිට් එකට අහු වෙලා කොල්ලගේ ජොබ් එක නැතිවෙන්න තිබුන කියල එයා කිවුව..
@ priyantha,
ඒකනම් ඇත්ත ප්‍රියන්ත අයියෙ...
ඒත් ඉතින් අපි අතරේ ඔය වගේ කට්ටියත් ඉන්නවනෙ...
@ - නිල් අහස -,
හික්ස්.. එහෙනම් ඉතින් තව හොඳ හොඳ කතා දන්නවා ඇතිනෙ..
මේ දවස්වල නිවාඩු මචං... ඒකයි මෙහෙම ලියන්න ඉඩක් ලැබුණෙ...
මටත් එහෙමමයි..
@ ගල්මල්-Coral,
ඒක ඇත්ත අයියෙ... ඒත් ඒ පණ්ඩිතකමෙන් ලොකු අසාධාරණයක් වුණේ අර CIMA කරන්න හිටිය ළමයටනෙ...
@ Podi Kumarihami,
සීනියර් කෙනෙකුට නෙවී.. ඩ්‍රාෆ්ට් එන ප්‍රින්ට් කරල ඉවර වුණහම ඒකට ඔෆිසර්ලා දෙන්නෙක් අත්සන් කරන්නත් ඕන... මේ හාදය ඒ එකක්වත් නොකර තමා ඩ්‍රාෆ්ට් එක දීල තියෙන්නෙ... අර ළමයාත් නොදන්න කමට අරගෙන ගිහින්... ඒක රිටන් වෙලා එනකල් කාටවත් අහුවෙලත් නැහැ...
@ සරත් ලංකාප්‍රිය,
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් සටහනක් තියල ගියාට..
රැග් කියල එකක් නම් නැහැ.. හැබැයි ඉතින් අළුතින් ගියහම වැඩ මුකුත්ම දන්නේ නැති හන්දා භාරදෙන හැමවැඩක් ම පේන්නේ රැග් එකක් වගේ තමයි.. මුල් කාලේ ඉතින් හැමදේම සීනියර්ස්ලගෙන් අහගෙනනෙ කරන්නෙ... ඉතින් පොඩි පොඩි බයිට් එහෙමත් දෙන අවස්ථා තියෙනවා...
ඇත්තටම අයිය කළ වැඩේට මගේ ආචාරය පිළිගන්න... අයිය වගේ අය අද කාලේ හරි අඩුයි... වැඩියෙන් ගියොත් ගියා ම තමා.. ආයේ ගෙනත් දෙන අය හරි අඩුයි..
මටත් එහෙම දෙයක් වෙලා තියෙනවා.. මං කෑෂ් කරන්න ගිය අළුත... අයිය වගේම වචනයේ පරිසමාප්තඅර්ථයෙන් ම මහත්මයෙක් කියන්න පුළුවන් කෙනෙක් නිසා ඒ වැඩියෙන් ගෙවුණ මුදල ආපහු ලැබුණා... නැත්නං ඉතින් සොරි ම තමා... රිපෝට් ගිහිල්ලා එක ජංජාලයයි.. ඒවා බලපාන්නේ පස්සට.. ප්‍රමෝෂන්වලට එහෙම ගියාම තමා...
අරූට පොඩ්ඩක් බලලා දෙන්න තිබ්බා. ගන්න එක උනත් එකපාරම අරගෙන දුවන්නේ නැතුව පොඩ්ඩක් කියවලා බලන්න තිබ්බා. මොනා උනත් පට්ට සීන් එක :)
ඒකනේ බැංකු පොත් වල තියෙන්නේ බැංකුවෙන් පිටතට යාමට පෙර පිවිසුම් පරික්ෂා කර බලන්න කියලා. අන්න ඒක ඩ්‍රාෆ්ට් වලත් ලියන්න වෙයිද මන්දා !!!!
@ මධුරංග,
ස්තූතියි අදහසට
ඒක ඇත්ත... ඒත් ඔතන වැඩි වගකීම තියෙන්නෙ අපේ හාදයට...
"ඒකනේ බැංකු පොත් වල තියෙන්නේ බැංකුවෙන් පිටතට යාමට පෙර පිවිසුම් පරික්ෂා කර බලන්න කියලා. අන්න ඒක ඩ්‍රාෆ්ට් වලත් ලියන්න වෙයිද මන්දා !!!!"
ඒක නම් මරු කතාව..
:)
අනේ ඉතින් ඔය වගේ වැරදි අලුතෙන් ආපුවම කාට කාටත් වෙන්ඩ පුළුවන්. පණ්ඩිතකම් කරන්ඩ ගියාම තමා වැඩේ අල වෙන්නෙ.
අද තමා මේ පැත්තේ ආවේ. දැන් ඉතින් දිගටම එන්නන්කෝ. බැංකු ජීවිතේ රස කතා මටත් තියෙනව.
@ පොත් ගුල්ලා,
සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට..
සහෝ... ඔයත් බැංකුවකද වැඩ ? නැත්නං ඉස්සර වැඩ කළේ බැංකුවක ද ? (මොකද ඔයාගේ ප්‍රොෆයිල් එකේ නම් තියෙන්නේ ගුරුවෘත්තිය කියල..)
ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ ඒ දවස්වල මං වැඩ කළ බ්‍රාන්ච් එකේ... ඔය කැළණියට පොඩ්ඩක් එහා..
අළුත් අය අතින් වැරදි වෙනවා... අළුත් අය අතින් විතරක් නෙමෙයි... කොච්චර සීනියර් කෙනෙක් අතින් වුණත් අත්වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්... අපි ඔක්කොම මනුස්සයොනෙ... හැබැයි අළුත් අය පණ්ඩිතකං නොකර ඉන්නව නම් සීනියර්ල වුණත් කැමැත්තෙන්ම උදව්වට එනවා... මොනව වුණත් අපේ එකෙක්නෙ කියන හැගීම තියෙනවනෙ... අනෙක එහෙම කෙනෙක් අතින් වැරදුණොත් ඒක බලපාන්නෙ කස්ටර්මර්ට නිසා කොච්චර පණ්ඩිතයෙක්ට වුණත් සීනියර්ල උදව් කරනවා..
ස්තූතියි සහෝ සටහනට..
අපට ස්වෙච්චා විශ්‍රාම යෝජනාක්‍රමයක් ආවනෙ. ජූනි අවසානේ වෙනකන් බැංකුවේ රාජකාරි කලා. ජූලි මාසේ ඉඳල විශ්‍රාමික.
අලුතෙන් තෝරාගත්තේ ගුරු වෘත්තිය.
"කලොත් ගුරු සේවේ - සුවඳ පත නළ සේවේ".
දැන් නං හිතට හරිම නිදහස්. රෑට හොඳට නින්දත් යනව.
@ පොත් ගුල්ලා : මොකද එහෙම කතාවක් කිවේ... බැන්ක් එකේ වැඩ කරන කලේ හරියට නින්ද ගියේ නැද්ද??? මොකක්ද බැංකුව.... අපිට නම් හොදට නින්ද යනවා... අයේ පහුවෙනිදට ෆුල් හැපි එකේ බැන්ක් යනවා.... ඇත්තටම මොකක්ද අවුල
@ පොත් ගුල්ලා,
දැන අඳුන ගන්න ලැබීම සතුටක් අයියෙ...
ඒක ඇත්ත... බැංකුව බැඳගෙන ගෙවන ජීවිතේට වඩා ගුරු වෘත්තිය දාහෙන් සම්පතක්... අනෙක ඒක කොච්චර උතුම් රස්සාවක් ද ?
මමත් මෙහෙම හිටියට හොඳ පොත් ගුල්ලෙක් තමා...
:D
@ දේවා ගේ අඩවිය,
දේවා... ඇත්තටම මට, ඔබ වගේම පොත් ගුල්ලා අයියා, රොෂාන් හේරත්, මින්දද වගේ එකම රැකියාවක නිරතවෙච්ච හෝ නිරතවෙන පිරිසක් මේ සයිබර් අවකාශයෙදි හමුවීම ලොකු සතුටක්... ඒත් අපි වැඩකරන ආයතනවල නම් ගම් සඳහන් නොකර ඉන්නට වග බලා ගන්නව නම් වැඩිය හොඳයි කියලයි මට හිතෙන්නෙ...
කාඅතිනුත් වැරදි වෙනවා ...ඕව ගනන් ගන්න එපා මල්ලි
@ sanjaya සිතුවිලි,
ඒක නම් ඇත්ත අයියෙ... ඒත් ඒකෙන් තව කෙනෙකුට හානියක් වෙනව නම් අපි කවුරු කවුරුත් ඒ ගැන දෙපාරක් හිතන්න ඕන කියලයි මං නම් හිතන්නෙ...
Post a Comment