සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

23 May 2010

සුසුම්ලන යෞවනය …

Image: Salvatore Vuono / FreeDigitalPhotos.net

නෙතු සිනා කැන් දරන් …
නුහුරු අඳුරේ කොනක …
සින්න වූ පැතුම් මල් …
දැවෙන කහවනු අතර …
පොදි කරන් කඳුළු කැට
දෙකොපුලට නොවැටෙන්න …
සහස් ගව් දුර ගෙවා
සෙයිලමේ තනිකඩව …
වල් වැදුණු සිතැඟි මැද
සුසුම්ලන යෞවනය …
කළු පාට දුම් අතර
හති වැටි සැඟවිලා …
සැලෙන හදවත නගන
බොල් හඬ ද … නැවතිලා ...

- සන්සරසිදු -

12 දෙනෙකුගේ අදහස්....:

හා පැටික්කි (MS) said...

හරිම ලස්සනයි මගේ අයියේ.......

රවා said...

සනා මොකද වුනෙ අදයි දැක්කෙ මම උඹව .. වැස්ස හින්දා මගෙ වැඩ ඔක්කොම නතර වෙලා තියන්නෙ. උඹ මොකද කරන්නෙ..mokdha une waedeta kella ge ?

Anonymous said...

ලස්සනම ලස්සනයි. ව්‍යංගාර්ථවත් බස් වහර නිසා තමයි ඒ ලස්සන ඔප වැටිල තියෙන්නෙ.

Anonymous said...

සහසක් නියොන් එළි අතරේ....
සුවහසක් තරු නෙතු අභිමුව...
මන්ද........
නුඹට ..මට..විතරක්..!
තනිකමක්....

සුලා.....

ගල්මල්-Coral said...

මිණි කැට රළු පොළොවෙන් මතුවෙන
ඔප වැටෙන්නේ හැප්පී ඝන මඩ
රන් පොලෝ තලේ සැඟව වුන
හැඩ ගන්නේ උණු වී රුදුරු කෝවෙ ම
දිලෙන්නට මතු දින ඉවසනු
පෙළහරින් එන දුක් හැම

දිල් said...

කාලෙකට පස්සෙ මල්ලිගෙන් පද ටිකක්. අපූරුයි....වල් වැදුන යෞවනයේ කෙළවර...විනාශය

RanDil said...

රිදුම් දෙන හද පොව්වා
සුසුම්ලන යාමයේ
සිනාමල් රැගෙන එන්
ලබැදි කහ කිරි'ලියේ !!!!!!!!!!!

Anonymous said...

ඒයි....! මල්ලියෝ...

උඹ කොයි වලාමකද බං ගියේ..??..පොස්ට් එකක් දාල අපිව අවුස්සලතියලා ඊටපස්සේ දවස් විෂි...පාකින් තමයි දකින්නේ...

සුලා...

Unknown said...

දඟකාර යෟවනය ෙනාපැමිාණ් යලි යලි

priyantha said...

අද තමා මම මේ බ්ලොග් එකට ආවෙ. මල්ලි ජීවිතේ ප්‍රශ්න එක්ක හැඩ ගැහෙන හැටි හොඳට මේ post වලින් පේනවා. ඔහොම යන්. ආයෙත් එන්නම්.

Unknown said...

මචන් උඹ සනීපෙන් ඉන්නවද?

sansarasidu said...

පහුගියටිකේ මුහුණදීපු සමහර අත්දැකීම් හන්දා මං කරන දේවල් පවා මට අමතක වෙලයි තිබුණෙ..
මේ සටහන්වලට ප්‍රතිචාර දක්වන එකත් මඟ ඇරෙන්න ඇත්තේ ඒ හන්දමයි.. පරක්කුවුණාට සමාවෙන්න..

සියපතට ගොඩවෙල සටහනක් තියල ගිය හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි !

Post a Comment