
ඔයාලට මතක ද මං අර කාලෙකට කලින් මට වෙච්චි අලකලංචියක් ගැන ලියපු "සනා කොලුවගේ අසා ලිවීම" ගැන කතාව... ඕං ඒ කතාව නොකියවපු කෙනෙක් ඉන්නවනම් ඒකත් කියවලම ආවානං... මේකත් මේ සනා කොලුවට වෙච්චි ඒ වගේම තවත් අලකලංචියක්... එකම වෙනස මේක සිද්ධ වුණේ සනා කොලුව අළුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ... ඒ කිව්වේ අර අපොස සාපෙ වැදිල කොළඹ ඉස්කෝලේ ඉන්න කාලේ.. ඉතින් ඒ කාලේ සනාලගේ කැලෑසියට ගණන් ඉගැන්නුවේ සරත් කියල සෑර් කෙනෙක්... ගණන් වලට දක්ෂ නැතත් ගණන් දාන්න ගොඩක් දක්ෂ කොල්ලෝ සෙට් එකක් තමා සනාලගේ කැලෑසියේ හිටියේ.... ඒ කොයි හැටි වෙතත් පොල් ගහක් වගේ උස උණත් පරඬැලක් වගේ හීන්දෑරී සිරුරක් තිබිච්ච සරත් සෑර්ට කොල්ලො ඔක්කොම පණ බයයි... මොකද සරත් සෑර් තමා ඉස්කෝලේ විෂය බාහිර කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පති... ඇඟ පත නම් පරඬැලක් වගේ වුණත් සරත් සෑර්ට තිබුණේ හරිම මිහිරි උච්ච සංඛයාත ස්වරයක්... අපේ කට්ටිය සෑර්ගේ වොයිස් එකටත් වඩා කැමති අර සෑර්ගේ කටහඬින්ම කීස් කීස් ගගා, ඇඟේ කොටසක් වගේ නිතරම සෑර්ගේ අතේ රැදුණු පත වේවැලට තමා....
ඉතින් ඔන්න දවසක් සරත් සෑර් අපේ කැලෑසියට ගණන් උගන්නනවා.... ඒක ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකක්, හරි ය... හැබැයි ඉතින් ආයේ කතා දෙකක් නෑ... සරත් සෑර්ට ආමාශයටම වදින්න උගන්නතෑකි... ආයේ කාලේ ගෙවෙනවා තේරෙන්නෙත් නෑ... ඉතින් දැන් සෑර් අපිට ගණන් වගයක් හදන්න දීලා අර ගුරු පුටුවට වෙලා හරි බරි ගැහිල පොඩ්ඩක් විතර කිරනවා...මනිනවා.... ඕං ටිකකින් නින්දෙන් ඇහැරිල වගේ කලබලෙන් වටපිට බලනවා... ඊට පස්සේ ඔරලෝසුව හොඳට හොළවලා ඇහැට ළං කොරගෙන වේලාවත් බැලුවා... දැන් ඉතින් සෑර් පුටුවේ අඩමානෙට ඉඳගෙන කල්පනා කොරනවා... කොහොමහරි එදා ඒ පැත්තට කරන්ට් එක නැති දවසක්.. හරි ය... සෑර් දැන් මොනාද මන්දා මුමුණනවා...
සනාට නම් වැඩේ තේරුණා... වෙනදාට පීරියඩ් එක ඉවර වෙන්නත් කලියෙන් ටිලිං ටිලිං ගාලා ඇහෙන බෙල් සද්දෙ අද පීරියඩ් එක ඉවර වෙලත් තාම නැහැ නෙව... හිටි හැටියේ පුටුවෙන් නැගිට්ට සෑර් මුළු කැලෑසිය සිසාරා පොඩි බැල්මක් දැම්මා... සෙට් එකම දැන් තක්බීර්.... සනාත් ඉන්නවා ඇස් දෙක උඩ ඉන්දගෙන...
මේං හිටි අඩියේ සෑර් වේවැල දික් කොළා සනා දිහාවට....
“ඔය ළමයා...”
සනා ඉතින් පුටුවෙන් නැගිට්ටා... ඇත්තම කිව්වොත් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුණා.....
“මෙහේ එනවා....”
සනා කොලුවත් දැන් බයෙන් බයෙන් සෑර් ගාවට ළං වුණා... මොන හෙණගෙඩියක් පාත් වෙන්ඩ යනවද කියල කවුදෑ දන්නෙ...
“දරුවෝ අද මේ කරන්ට් එක නැති හන්දා ඔටෝමැටික් බෙල් එක වැඩ නෑ... ඔෆිස් එකේ හාදයා බෙල් එක ගහන පාටකුත් නෑ වගේ.... ඔය ළමයා දන්නවා නේද අර ඔෆිස් එක ඉස්සරහ තියෙන ඝන්ඨාරේ... ”
සනාත් ඉතින් ඔව් කියන්න ඉහළට පහළට ඔලුව වැනුවා...
“දුවල ගිහිල්ලා ගහලා එනවා ඒක....”
සෑර්ගේ අණ ලැබුණා විතරයි ඉතින් සනා මීටර් සීය දුවන්නැහේ දිව්වෙ නැතෑ බෙල් එක ළඟට... සොරි සොරි ඝන්ඨාරේ ගාවට...
ඕං ඉතින් සනා අර ඝන්ඨාරේට ගැට ගහල තියෙන ලණු පොට ගත්තයි කියමුකෝ අතට.... දැන් ඉතින් අත වගේ ම සනාගේ හිතත් ගැහෙනව... කවද කාපු ටකරං ද කිව්වලු... දැන් ඉතින් මේක ගහන රිදම් එක ගැන සනාට ලොකු ප්‍රශ්නයක් ! පන්සලේදි මිසක ඉස්කෝලෙදි කවදාවත් කොරල තියෙන වැඩක් යෑ.... ඕන වෙඩින් එකක් කියල සනාත් ඉතින් ගැහුවැයි කියමුකෝ ඝන්ඨාරේ....
හැබැයි ඉතින් සනා ඝන්ඨාරේ ගහද්දි අහළ පහළ කොල්ලො කුරුට්ටො වගේ ම එතනින් එහාට මෙහාට ගිය ටීචර්ස්ලත් නිකන් පොඩ් අමුතු ලුක් එකක් දාන්න ගත්තා... සනාත් ඉතින් ඕක දැක්කට මිනිහට ඕවයේ ගානක් නැහැ... රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියනවනේ... එහෙව් එකේ භාරදීපු රාජකාරිය ඉෂ්ඨ කොරල ඉන්න එපෑයැ... නැද්ද ?
ඕං සනා ඝන්ඨාරේ ගහල ඉවර වෙද්දි සරත් සෑරුත් ආවා ඔෆීසිය පැත්තට... අර පතරංග වේවැලත් වන වන.... සෑර් එන්නේ නං හොඳකට නෙමෙයි කියල තේරුණ හන්දම සනා දැන් තක්බීර්.. සෑරුත් ආවැයි කියමුකෝ සනා ගාවටම...
“අනේ අනේ...ඈ.... තමුසේ හිතුව ද මේක පන්සලක් කියල... ඈ..” සෑර් ඉනට අත් දෙක ගහගෙන සනාගෙන් අහනවා... හත්තිලව්වෙදි ගහපු කලාබර ආසියා කිව්වලු... ඕං එතකොට තමා සනාටත් හොඳ සිහිය එන්නෙ.. ඒ වෙලාවේ එච්චර මීටර් නොවුනට සනා ඝන්ඨාරේ ගහල තියෙන්නෙ අර හවහට පන්සලේ කඨීන පින්කම්වලට ගියා ම ඝන්ඨාරේ ගහන රිදම් එකට.....
ටාං)))............. ටාං))).............. ටාං)))..............



38 දෙනෙකුගේ අදහස්....:
:-)
සෑර් වේවැලට ඔයත් එක්ක කතා කරන්න කිව්වේ නෑනේ නේද??
මක් වෙනවද පොඩ්ඩක් පන්සලේ වගේ වුනාම එක දවසනේ..
ඔය වගේ වෙන කතාවක් මමත් අහල තියෙනවා... පීරියඩ් ඉවර වෙන්න බෙල් 2යිලු ඉස්කෝලෙ ඇරෙන්න බෙල් 3යිලු... ඔය වගේම තක්කඩියෙක්ට බෙල් එක ගහන්න කිව්වාම මූ ඉස්කෝලෙ ඇරෙන්න බෙල් එක ගහලා...
සනා හිතුවද දන්නේ නෑ කටින පිංකම ලඟයි කියලා... :D
අපි පොඩි කාලෙ ගිය ඉස්කෝලෙ අතින් හොල්ලල ගහන බෙල් එකක් තිබ්බෙ. මේක ගහන්න ඕන "ටලං...ටලං..ටලං..."සද්දෙට, ඒත් නුපුරුදු එකෙ දවසක් මේක ගහනකොට අර මැද පිත්තල මලය වටේට කැරකෙන්න අරන්..සද්දෙ එනව "ටලටලටලටලටලං" ගාන අමුතුම එකක්. සද්දෙ බලන්න මෙන්න ඉස්කෝලෙම ටිකකින් පන්තිවලින් එළියට ඇවිත්!
ආයේ ඉතින් ඝන්ඨාරයක්නේ...... ඉතින් මොකද එහෙම ගැහුවම......
අපිත් ජූනියර් පිපෙට්ටු කාලේ ඔය බෙල් කෙරුවාව කලා නොවැ. අපේ නම් ඔය ඉලෙක්ටොනික් පියන් තිබුන්නෑ. හැබැයි මරු වැඩේ. කලින් යවා ගන්න අවස්‍යතාව ආවොත් ටිකක් කලින් නැඟිටලා ගිහින් අහනවා යන්න. එතකොට මිසුත් අකුලන් යනවා නොවැ. හික්ස්......
පව් සනා, ඒත් ඉතිං සෑර් එක පාරක්වත් ඒ අවස්ථාව සනාට දුන්න නොවැ.
ඔය ඕකට (බෙල්)එකට මාරම මාර තැනක් නේ තියෙන්නෙ පාසල ඇතුලේ.
හික්ස්..ශිෂ්‍ය නායිකාවක් වෙලා ඉන්න කාලේ බෙල් ඒක ගහපු හැටි මතක් වුණා. මට මුලින් බෙල් ඒක ගහන්නම බැහැ. අර ලණුවට සෙට් කරලා තියන පිත්තල කෑල්ල බෙල් ඒක වටේ දුවනවා මිසක් සද්දයක් ඇහෙන්නේ නැහැ. ඉතින් දවසක් හතර පහ වෙනකන් හවස් වරුවක පුරුදු වුණා බෙල් ගහන විදිය
අයියෝ..මටත් එහෙමයි..
සමහර දවසට ඔය කෝස් එක බාර දිලා තිබුනේ ..මට.
මාත් ඒ කාලේ පරඩැල වගේ තමයි.
හෙන ගේමක් දුන්නා..ඕක හරියට ගහන්න පුරැදු වෙන්න.
@ nimanthi,
ඔ හෝ මේ අපේ නිමන්ති අක්කනෙ....
:D :P
මං නං හිතුවා සර්ට පස්සේ එයත් කතා කරයි කියල... වෙලාවට කතාකොරන්න කලියෙන් පැනගත්තෙ අක්කෙ...
@ චතුර....,
හික්ස්...
ස්තූතියි මචං...
@ තාරා,
තාරා කොහොමහරි කතාවක් කියන මුවාවෙන් අපිටත් තක්කඩි කිව්ව එහෙනම් ඈ.....
:D
@ prasanna86k,
ඔව් මලයෝ මට මතක හැටියට නම් ඕක සිද්ධ වුණේ එහෙම කාලෙක තමා....
:D
@ ඉන්දික උපශාන්ත,
හික්ස්... අර කොල්ලට හිත්ච්ච හැටි මට හිතාගත්තෑකි...
ස්තූතියි ගොඩවැදුනට...
@ හා පැටික්කි (MS),
ඒක ඝන්ඨාරයක් වෙච්ච හින්දමද කොහෙද හා නගෙ, සනාට ඒ රිදම් එකට ගැහුණෙ...
හික් හික්... බලාගෙන ගියහම හා පැටික්කි එසේ මෙසේ පැටික්කියෙක් නෙවේනෙ...
@ ගල්මල්-Coral,
හිහ් හිහ්... එහෙම නොවුනනම් අද කියන්නත් කතාවක් නැති වෙනවනෙ... නැද්ද අයියා...
ගොඩක් ස්තූතියි අයියෙ මේ පැත්තට ගොඩවැදුනට..
@ රතු මුහුද,
ඒකනම් ඇත්ත... ඕක වදිනකල් අපි කොච්චර බලන් ඉඳල ඇත් ද ??
@ deeps,
හික්ස්...
සනාට ඉතින් ඒ වගේ පුහුණුවක් හම්බවුණේ පන්සලේදි නොවැ... ඒකනේ ඉන්න තැන අමතක වෙලා ඒ රිදම් එකට වැදුණෙ...
@ - නිල් අහස -,
අපේ ඉස්කෝලෙ නම් තිබුණෙ ඉලෙක්ට්‍රික් බෙල් එකක්... අර වගේ චාන්ස් එකක් එන්නෙ ඉඳල හිටල...
අපිත් ඒ කාලේ පරඬැල් වගේ තමා මචෝ...
කවුද මේ සරත් සර් කියන්නේ.
ලෑල්ලා ද?
බොරු කියන්නේ මොකටද මම ගිය ස්කොලේත් ඔය ඉලෙක් බෙල් මුල් කාලේ තිබුනේ නැ නොවැ....ඉතින් ඔය බෙල් ගහන වැඩේ අපිට තමා කරන්න උනේ.... ගොඩාක් දවසට ඉන්ටවල් එකට තිබුනු විනාඩි 20 , 40ක් පනහක් වෙනවා.... මොකද ඉන්ටවල් එකට ඉස්සර වෙලා තියන පිරියඩ් එක කාලේ අඩු වෙන්න බෙල් එක ගහන්න බලන ඔරලොසුව වැඩියෙන් කරකවලා කලින් ඉන්ටවල් එක ගන්නවා.... පස්සේ ඉන්ටවල් එක ඉවර වෙන්න ඉතින් ආයේ ටයිම් එක හදලා එනවා... ඉස්කොලෙන් අස්වෙනකම්ම ඒක නම් අහු වුනේ නැ... අපි ගුරු මුශ්ටි තියා ගත්තේ නැතුව බාල පරම්පරාවට ඕවා දිලා අවේ..... තාම වැඩ ඇති......
@ Anonymous,
නම් ගම් මනඃකල්පිතයි කියල බොරුවට හරි දාන්ඩ බැරිවෙච්චි එකේ විපාකේ...
@ දේවා ගේ අඩවිය,
මාර වැඩනේ කරල තියෙන්නෙ ඒ කාලේ...
හිහ් හිහ්...
ගුරු මුශ්ටි තියාගෙනත් නෑ එහෙනම්...
ඔය වගේ බෙල් ගහන කතාවක් මන් අන්තිම පේලියට ලිවුවා මායි වීරයයි හිටියේ අන්තිම පේලියේ. හැමදාම බුද්දාගම සර් දම්මපදය ගාථාව ගනනේ කට පාඩම් ගන්නවා ..පටන් ගන්නේ ඉස්සරහින්.. මම කරන්නේ පලවෙනි එකාගේ ඉඳන් කියන එකා එක්ක කියල පාඩම් කර ගන්නවා. මන් ලඟට එනකොට පාඩම් හැබැයි මන් ලඟට එනකොටම වගේ බෙල් ඒක වදිනවා. මට කලින් එකා ගාථාව කියනකොටම වීරයා නමෝ බුද්දාය නමස්සති කියල කියාගෙන කියාගෙන යනවා. ඔන්න බෙල් එකා වදිනවා.. හරිම පුදුමයි මට.. වීරයා කිවුවේ ඕක වෙන්නේ උගේ මන්තරේ හින්ද කියල.. එදා එහෙම වැදුනේ නැහැ ඉතින් ඒ වෙනුවට උගේ පු** පැත්තට වේවැල් පාරයි වැදුනේ.. පස්සෙයි ඌ මට කතාව කිවුවේ.. ඌ ඉන්න තැනට පෙනෙනවා ප්රින්සගේ කාමරේ ඉඳලා බෙල් ගහන කොල්ල යකඩ පොල්ල අරන් බෙල් ගහන්න යනවා.. එතකොටයි ඌ ගාථාව කියන්න ගන්නෙ !
@ සරත් ලංකාප්‍රිය,
හිහ් හිහ්...
මරු කතාව අයියෙ...
බෙදා හදා ගත්ත එකටත්... මේ පැත්තට ඇවිත් ගිය එකටත් ගොඩක් ස්තුතියි..
අහා... ඒ කියන්නේ ලෑල්ලාගෙන් ගණන් ඉගනගත්ත කෙනෙක්.
ඒ කියන්නේ මේ අපේ ඉස්කෝලේ කොල්ලෙක්නේ.
තව ඩිංගෙන් ඩිං ඩොං බෙල් වෙනුවට..චටස් චටස් තමයි...
හික්...හික්...කට්ටිය සාධු නාද දෙන්න ඇති නේද...
ඔන්න අපේ ඉස්කෝලෙත් ඔය ඉලෙක්ට්‍රොනික සීනුවක් සවිකල පලවෙනි දවස..පලමු පීරියඩ් එක අවසානෙ සීනුව වැදුන ඒක රිගින් ටෝන් එකක් වගේ..අපි දන්නෙත් නෑ ඒක තමයි අලුත් සීනුව කියල..පන්තියෙ හිටිය මිස් යන්නෙත් නෑ..අන්තිමේ තවත් විනාඩි 5ක් විතර බලල අද බෙල් ගහන්න අමතක වෙන්නැති කියලයි මිස් ගියේ.....
මිතුර සන්සරසිදු - කිමද නිහඬව පසුවෙනු
බ්ලොග් නැවත ලියවෙනු - ඇතොත් අප මෙහි පැමිණ කියවමු.
නියමයි මල්ලි ,,ඔයා අපිව ඉස්කෝලෙට අයෙත් ගෙනිච්චා ..
@ අසනි,
ඒක තමා...
දැන් නම් මතක් වෙන කොටත් හිනා...
මේ පැත්තේ ඇවිත් ගියාට ස්තූතියි සිස්...
@ ප්‍රසංග,
නැතුව නැතුව....
හික්.. හික්... ඒකත් නියම කතාවක්නෙ සහෝ...
ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදාහදාගත්තට...
@ පොත් ගුල්ලා,
ලියන්නට ඕනෑමුත්...
හිතේ කලබලය බලවත්...
නොයවමින් කල් වැඩිමනත්....
ලියමි සිතකින් වෙර වඩාගත්....
ස්තූතියි අයියා... දිරිගැන්වුමට..
@ sanjaya සිතුවිලි,
අයියාව සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට...
ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. පොඩියක් නැවතිලා අදහසක් කුරුටු ගෑවට....
අපේ ඉස්කෝලෙ බෙල් ගහන අන්කලේට බෙලා කියලා කෑගහලා හොඳ පරිප්පුවක් කෑවා මතකයි..
එල කතාව....!
අනිවා අපි වගේ සෙට් එකක් හිටියා නම් සාධූ සාධූ සාධූ කියාවී
Niyama Blog Ekak mage Prathama wathawa meheta paminiya
mama tharaka
www.gamedroidlk.com
Post a Comment