සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

12 February 2012

හිතට ආවට... ලියා තැබුවෙමි....


Image: Francesco Marino / FreeDigitalPhotos.net



යතුරු පුවරුව පුරා අතැඟිලි මෙහෙයවද්දි මට දැනුණේ ආගන්තුක නුහුරු නුපුරුදු බවක්.... ඒත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් තිබුණේ නැහැ.... මං ආයෙම ලිපියක් අකුරු කරන්නේ ගිය අවුරුද්දේ ජුලි මාසෙන් පස්සෙ.... මාස හයකටත් වඩා ගෙවිල ගිහින්.... මට ම පුදුමයි... ආපහු හැරිල බලත්දි.... ජීවිතේදි වගේම බ්ලොග් අවකාශයේදිත් මට ගොඩක් දේවල් ඒ කාලය තුළ මගහැරිල තියෙන පාටයි.... ආයේ ලියන්න හිත හදාගන්න පුළුවන් කමක් තිබුණ නම් මං නොලිය ඉන්නෙත් නැහැ... ඒත් මට ම නොදැනෙන විදිහට මට මාවම අමතක වෙලා.... එක නිමේෂයකදි අපේ ජීවිත කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද ? ඒ ගැන කියන්න මගේ කතා අවශ්‍ය නැහැ... මේ ළඟකදි මං අත්දැකපු හරිම සංවේදී කතාවක් මං පස්සේ දවසක "තවත් දවසක" තුළින් අරගෙන එන්නම්... ඇත්තටම වෙනදට මං යතුරු පුවරුව හරහා අතැඟිලි මෙහෙයවන්නේ බොහොම නිරායාසයෙන්.... ඒත් අද.... අද මං මේ වචන ටික යතුරු කරන්නෙත් බොහොම ආයාසයෙන්..... ඉස්සර ඉංග්‍රීසි යතුරු පුවරුව වගේම සිංහල විජේසේකර යතුරු පුවරුවත් මගේ ඇතැඟිලි වලට හොඳට හුරුපුරුදුයි.... ඒ පුරුද්ද මට ලැබුණේ මං මුලින්ම පත්තර රස්සාවට යන්න කලින් ඩෙස්ක්ටොප් පබ්ලිෂින් ඉගෙන ගන්න කාලේ.... ඔව් ඒ මීට අවුරුදු හය හතකට ඉස්සර.... පත්තර රස්සාව කිව්වට මං කළේ ටයිප් සෙටින්.... හොඳකට හෝ නරකට මට ඒක කරන්න ලැබුණේ මාස තුනක් වගේ කෙටි කාලයක් විතරයි.... ඉන් පස්සේ මං හීනෙන්වත් නොහිතපු විදිහට මට මේ රස්සාවට එන්න ලැබුණා.... ඔච්චර සුදුසුකම් තියාගෙනත් පුතා ඔය වගේ පැත්තක් තෝරගත්තේ ඇයි කිය කියා වැඩිහිටියෝ හැමොම වගේ අහත්දි මං ඇත්තටම ඒ පත්තර රස්සාවට ආස කළා.... සතියකට දෙතුන් දවසක් රූ නිදිමරාගෙන වැඩ කරල එතනම පුටු ටිකක් එකතු කරලා පැය හකරක් පහක් ඇහැ පියාගෙන ඉඳල ආයේම ඊළඟ දවසේ ඩේ එක කරල ගෙදර යන එක මට ඒ හැටි දෙයක් නොවුණත් මං ඒ තරම් මහන්සිවෙනවා දකින්න අපේ අම්මා කැමති වුණේ නැහැ... අම්මගේ ඒ අකමැත්ත නොවෙන්න මට පත්තර රස්සාව අතෑරලා මේකට එන්න හිත හදාගන්න බැරිවෙන්න තිබුණා කවදාවත් ම....

ම්ම්.... මං මේ මොනව ලියනව ද කියල මටම තේරෙන්නෙ නැහැ..... ඇත්තම කිව්වොත් පීසි එක ඉස්සරහ ඉඳ ගනිද්දිවත් ලියන්න ඕන දේ ගැන මට අදහසක් තිබ්බේ නැහැ... ඔහේ හිතට ආපු අදහස් ටිකකට නිදහසේ අකුරු වෙන්න ඉඩ දුන්නා විතරයි.... ආයෙමත් ඉස්සර වගේ ලියන්න ආසයි... ඒත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියල හිතට විශ්වාසයක් නැහැ... මං ආයේ ලිව්වත්.... මේ වගේ කිසි කමකට නැති වල් පල් ටිකක් ලියවෙන්න තියෙන ඉඩ වැඩියි....

ජී වි ත ය ….. අකුරු හතරක් විතරක් වුණාට වෙලාවකට ඒ අකුරු හතර මහමෙරක් වගේ කියල හිතෙන වාර අනන්තයි..... අතේ ඇඟිළි පහ එක වගේ නෙවෙයිනෙ.... ඒ වගේ මේ ලොකේ ඉන්න විවිධාකාර මිනිස්සුන්ට තියෙන්නේ විවිධාකාර ප්‍රශ්න..... ඒත් ඒ හැමෝගෙම ප්‍රශ්න මැද්දෙන්..... ඒ කිසිකෙනෙකුට නොදැනී ජී.. වි... ත.. ය.... ඉස්සරහට ගලාගෙන යනවා..... සමහරු හැල්මේ දුවනවා.... තවත් සමහරු නැවතිල බලන් ඉන්නවා.... සමහරු අඬනවා... වැළපෙනවා..... තවත් සමහරු හිනාවෙනවා.... ඔල්වරසන් දෙනවා.... ඒත් ජීවිතය ඒ කිසි දෙයක් ගැන හැලහොල්මනක් නැතුව ඔහේ ගලාගෙන යනවා....

මාත් දන්න කියන කාලේ ඉඳලම මගේ ජීවිතය හෙව්වා... මං හැමදාම හිතුවේ ඒක තියෙන්නෙ.... මගේ හීන කුමාරි ගාව කියල.... අවුරුදු දෙකකට කලියෙන් ඇය මුණගැහුණ මොහොතෙ මං හිතුවේ මට ජීවිතය හම්බවුණා කියල.... ඒත් එක නිමේෂයකින් මගේ ජීවිතය මගෙන් ගිලිහේවි කියල මං කවදාවත් හිතුවේ නැහැ... ජීවිතය ගංඟාවක් නම් අද ඇය ඒ ගංඟාවේ එක ඉවුරක.... මං අනෙක් ඉවුරේ..... අපිට වෙන් වෙන්න වෙලා තියෙන්නේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි.... ඒ හින්දා... හිතින් වැළපී වැළපී අපි දෙන්නම..... නැවතිල බලන් ඉන්නවා.... ඒ තමයි ජීවිතේ හැටි.... සමහර සිද්ධිවලදි අපි ජීවිතයත් එක්ක ඉස්සරහට යන එක නතර කරනවා.... ඒත් ජීවිතය ඉස්සරහට ඇදෙන එක නතර කරන්නෙ නැහැ.....

ඒ තමයි ජීවිතය....

ඇත්තටම මායාවක් වගෙයි....

10 දෙනෙකුගේ අදහස්....:

තිස්ස දොඩන්ගොඩ said...

අපටනම් ඉතා සතුටුයි - මම රන්දිකා නංගිගෙන් ඇසුවත් එක්ක
ඉඳලා හිටලා හරි එන්න - ඔයාගේ පරණ යාලුවෝ ඔක්කොම ඉන්නවා ඔයත් එක්ක මල්ලී!!!

sansarasidu said...

රන්දිකා අක්කා මට කිවිව අයියෙ....

අයියල මං ගැන හොයන බව මං දන්නවා... ඒකට අයියලට ගොඩාක් පින්... ඒත් මගේ හිතේ තියෙන බර තවත් කෙනෙකුගෙ කරට පටවන්න මගේ කැමැත්තක් නැති හන්දයි... සද්දයක් බද්දයක් නැතුව හිටියේ....

ස්තූතියි අයියේ හැමදේටම...

පිස්සා පලාමල්ල said...

උබ දැකපු කල්...

//අපිට වෙන් වෙන්න වෙලා තියෙන්නේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි....//

මොකද මචන් සීන් එක ?? ප්‍රශ්න එනව බන්.. උබට මතකද මම කෙල්ලෙක් ගැන දාපු පෝස්ට් එකක්.. උබත් හිත හදන්න උත්සහ කලා.. ඒ හැම ප්‍රශ්නෙක්ටම මූන දීල අපි එකට.. ඉස්සරහටත් ප්‍රශ්න කප්පරක එන්න තියෙනවා... ඒවටත් කොහොම හරි මුහුන දෙනව මචන්...

උබට හැම දේම හොඳින් විසදෙයි කියල හිතනවා

RanDil said...

ජීවිතය ගංඟාවක් නම් අද ඇය ඒ ගංඟාවේ එක ඉවුරක.... මං අනෙක් ඉවුරේ..... අපිට වෙන් වෙන්න වෙලා තියෙන්නේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි...

ඉවුරු දෙක මැදින් ගලන ගඟ තමයි පාලනය කරන්න බැරි ‍හේතුව... එක්කෝ දවසක ගඟ හිඳිලා ඉවුරු දෙක නියර දෙකක් වෙලා ලස්සන වෙල් යායක් හැදෙයි..... නැත්තං වෙනත් පැත්තකින් ගඟ ගලාගෙන බහියි....... එහෙමත් නැත්තං ඉවුරු දෙකට වෙනත් ඉරණමක් හිමි වෙයි........ කොයි දේ වුනත් දරා ගන්න හැකියාවක් දැන් මල්ලිට තියෙනවා කියලා දැනෙනවා. මල්ලි කියනවා වගේ ඒක තමයි ජීවිතය.......


විවිධාකාර මිනිස්සුන්ට තියෙන්නේ විවිධාකාර ප්‍රශ්න..... ඒත් ඒ හැමෝගෙම ප්‍රශ්න මැද්දෙන්..... ඒ කිසිකෙනෙකුට නොදැනී ජී.. වි... ත.. ය.... ඉස්සරහට ගලාගෙන යනවා..... සමහරු හැල්මේ දුවනවා.... තවත් සමහරු නැවතිල බලන් ඉන්නවා.... සමහරු අඬනවා... වැළපෙනවා..... තවත් සමහරු හිනාවෙනවා.... ඔල්වරසන් දෙනවා.... ඒත් ජීවිතය ඒ කිසි දෙයක් ගැන හැලහොල්මනක් නැතුව ඔහේ ගලාගෙන යනවා....

මේ කථාව කොච්චර සැර ඇත්තක්ද නේද? මොන දේ වුනත් සිද්ධ වෙන මොහොත තමයි ක්ලයිමෙක්ස් එක....... පස්සේ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය උද්වේගය වියැකිලා යනවා. වැඩේ ඕක ක්ලයිමෙක්ස් එකේදි අමතක වෙන එකනේ. කොහොම හරි සිහි කරගෙන ජීවිතය දිගේ ඉදිරියට යන එක තමයි අභියෝගය‍..........

නිකමා said...

ජීවිතේ මහා බරක් ඒක ගැන ඕනවට වඩා හිතුවොත්

සරත් ලංකාප්‍රිය said...

කාලෙකට පස්සේ.. කොහොමටත් ලියන්න ගත්ත ඒක හොඳයි,, එතකොට හිතේ බර ටික ටික සැහැල්ලු වෙලා යාවි.. දුක සැප දෙකම එකම විධිහේ රැවටිලි කියල වටහාගන්න වෙනවා අපිට.. මොන ප්‍රශ්නේ ආවත් දෙපයින් නැගී සිට ජීවිතේට මුණ දේම තම වැදගත්.. ඔහොම ලියමු ඉතින් දිගටම..

Hasitha said...

මොකද අයියා නිශ්ශබ්ද කාලෙකින් මොකුත් ලියලා නැහැ නොවැ

..ChAnDiKa.. said...

රන්දිකා අක්ක කියල තියෙන ටික හරියටම හරි!!

Hasitha said...

ඔන්න ආයිත් ආවා. දැන් මටත් මේ ගැන යමක් කියන්න පුලුවන් වගේ. මේ ප්‍රශ්නේ මටත් වුණාම මම කළේ පුලුවන් තරම් සමාජෙට ආපු එක. වල බැහැපු එක

sansarasidu said...

ඇත්ත... මලයා කියල තියෙන කතාව සහතික ඇත්ත... මමත් මගේ හිත හදාගන්න කළේ ඔය ටික ම තමා... දැන් නං හුඟක් දුරට හිත හැදිල තියෙන්නෙ...

මල්ලිට බොහොමත් ම ස්තූතියි !

Post a Comment