සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

26 June 2011

බ්ලොග්කරණය, සින්ඩි සහ විප්ලවය

Image: photostock / FreeDigitalPhotos.net

මේ ලිපිය ලියන තැනට මගේ හිත පොළඹවනු ලැබුවේ ඉතා මෑතකදි සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහය හරහා ඇති වූ සංවාදයකි. එහිදී මාතෘකාව වූයේ "පණ ගැහෙන සින්ඩියට කාලෙකින් යන්නයි.." ඒ ගැන මගේ අදහස කොයිවගේද කියල කියන්න කලියෙන් ඒ සංවාදය කිසිදු වෙනස්කමක් නොකරම, මෙහිලා පළ කරන්නේ එය මඟහැරුණු අයගේ දැනගැනීම පිණිසයි...

“අද මං කාලෙකට පස්සේ සින්ඩියට ගොඩවැදුණා. උඩ ඉඳන් පහළටම ගිහිං කියවලා බැලලා හොඳයැයි හිතෙන බ්ලොග් කිහිපයක් කියෙව්වත්, ඒවා නිකං අනුන්ගේ කතාවලට අතරමැදදි සහභාගි වෙනවා වගේ වැඩක් හින්දා පැත්තකට වුණා.අවංකවම කියනවනං අළුතින් එන කෙනෙක්ට ‍(තමන්ගේ බ්ලොග් එක දාලා නැති) මේ සින්ඩිය ආකර්ෂනීය බවක් පෙනුනේ නැහැ. මට මතකයි මං කාලෙකට ඉස්සෙල්ලා කොච්චර සින්ඩියට සමීප වෙලා හිටියද කියන එක.

නිකමට වගේ ඇලෙක්සා එකට ගිහිං බැලුවම http://sinhalabloggers.com/ එකේ ජනප්‍රියත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා තියෙන බවයි පේ‍න්නේ. ඒ වෙනුවට සමහර බ්ලොග් සින්ඩියට වඩා ඉස්සරහට ඇවිත්.

කාලෙකට ඉස්සෙල්ලා බ්ලොග් හරහා වුණු සාධනීය සංවාද වලට කවුළුව වුණේ සින්ඩියයි. ඒත් දේශපාලන බ්ලොග් වෙනමම දැමීමත්, සමහර බ්ලොග් සින්ඩියෙන් අයින් කරගැනීමත් සිද්ධ වුණා. මේ ප්‍රශ්න නිසාම විකල්ප සින්ඩි රාශියක් ගොඩනැඟුණා.

බ්ලොග් කියන සමාජ අවකාශය ඉතාම වැදගත් එකක්. ඒකට සින්ඩි වලින් කරන දායකත්වයත් වැදගත් කියලයි තාමත් මං හිතන්නේ. වැරදි පරිපාලනයක්, වැරදි තීරණ ආවම වෙන දේ ගැන ‍උදාහරණයක් මේක ඇතුලේ තියෙනවා නේද? උදේට කනබොන දේවල්, තමන් බඳින ගෑණිගේ ස්වභාවය, ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න අදහස්,වැනි දේවල් වලට වඩා පළල් බ්ලොග් අවකාශයක් වෙත සින්ඩිය ප්‍රවේශ වෙන්න තාමත් පණ ගැහෙනවා වගෙයි මට හිතුණෙ. ”



" ඒකට හේතුව මම හිතන විදියට සින්ඩිය අප්ඩේට් නොවෙන එක, ඒ කියන්නෙ එක හේතුවක් විතරක් කියනවා නම් අලුතින් එන බ්ලොග් සින්ඩියට එකතු කර ගන්නෙ නැති එක.

මමත් මුලින්ම බ්ලොග් කියවන්න ගත්තේ සිංහල බ්ලොග් රීඩරෙන් තමා, ඒක හින්දා තවමත් මම ඒක බලනවා. ඒත් එදා ඉඳලා තිබුන පරණ බ්ලොග් ටික ඇරුනාම අලුතින් බ්ලොග් එකතු වෙලා තියෙන්නෙ බොහොම අඩුවෙන්, නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ හැමදාම දකින බ්ලොග් ටික විතරක් තියනකොට ඒක කියවන්න තියන ආසාව අඩු වෙනවා.

මම දන්න බ්ලොග් තියනවා (මගේ එකත් ඇතුලුව) දැන් මාස ගාණක් වෙනවා සින්ඩියට ඇතුලත් කරන්න කියලා ඉල්ලලා තාම ඇතුලත් කරගෙන නැහැ. එහෙම උනාම ඒ අය විකල්ප හොයාගෙන යනවා. තව ඉතිං කියනවා නම් තාක්ෂණික පැත්තෙනුත් ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන් කියලයි මම හිතන්නෙ.

ඔය විදියට කාලයක් යනකොට පණ ගැහෙන එකත් නතර වෙලා සිංහල බ්ලොග් රීඩරේ විතරක් ඉතුරු වෙයි. "



" සිංහල බ්ලොග් කියවනය යනු HITS වැඩිකරගැනීමේ පරමාර්තයෙන් මත රැදුනු රේස් දුනවන් එකක් නොව. එකම සිංහල බ්ලොග් කියවනයද වියයුතු නැත. සිංහල බ්ලොග් කරුවන්ගේ පරමාර්තය සිංහල අන්තර්ජාලයේ වැඩි කිරීමයි, එක සිංහල බ්ලොග් කියවනයෙන් පමණක් වියයුතු නැත. තවත් සින්ඩිකේටර් පැමින සිදුකරන්නේ යහපතක්. එක විය යුත්තකි. තමන්ට කැමැති තැනකින් එම බ්ලොග් කියවිය හැක්. හැම තැනම ඇත්තේද එකම බ්ලොග් ටිකකි... මෙය සිංහල බ්ලොග් කියවනයේද එලෙසයි. ඔබ විවීචනය කරන්නේ සිංහල බ්ලොග් කියවනය නොව, හුදෙක් බ්ලොග් කරුවන්ගේ හැකියාවයි. එහමන් ඔබට පුලුවන් හොද බ්ලොග් එකක් ලියන්න :)

දේෂපාලන බ්ලොග් ඕනේනම්, දේෂපාලන කොටසට යන්න, තාක්ෂනික ඕනේනම් ඒ කොටසට යන්න... තෝරා ගැනීම ඔබ සතුයි.

නමුත් බ්ලොග් තියන අයගේ referral බැලුවනම් දෙතුන් ගුනයක් හිට්ස් එවන්නේ කවුද කියා දැකගන්න පුලුවන් ;) මීට අමතරව RSS, ඊමේල් හා Facebook ද SBU Syndi ඇති ලිපි කියවීමට පුලුවන්.. එම නිසා Syndi යේ වෙබ් අඩවියටද ඒමට උවමනා නෑ.

සිංහල බ්ලොග් කරුවන්නේ පරමාර්තය, සිංහල අන්තර් ගතය වැඩිකිරීමයි, එය අපිද කරන්නේ වෙන කෙනෙක්ද කරන්නේ කියන එක අපිට ගැටලුවන් කෑ, මූලික දේ සිදුවෙනවානම්.

සිංහල බ්ලොග් කියවනට හිටස් අඩු උවද, එය අපිට පාඩුවන් නොව... සිංහල බ්ලොග් කියවනට හිට්ස් වැඩි උවද එය අපිට පාඩුවක් නොව (පාඩුවක් තමයි, මොකද සවර් සදහා මුදල් වැය වන නිසා) සිංඩිකේටරයක් පවත්වාගෙන හැමෝම කරන්නේ බ්ලොග් ලියන්නන් හට උපකාරයක්, ඒ සිංන්ඩිකේටර් කරන හැමෝම ඒ සදහා ඒම අයගේ මුදල්/කාලය වැය කරනවා... එම නිසා අපිට හොද සිංඩිකේටරය මොකද කියන එක
ගැටලුවක් නෑ. කලින් කිවුවා වගේ... අන්තර්ජාලයේ සිංහල වැඩි වෙනවනම්... ඒක තමයි අපේ බලාපොරොත්තුව.

විවේචනය කරන්න හරි ලේසියි, ඒ විවේචනය කරන කාලය යමෙකුට හොදක් කරන්න යෙදෙවුවනම් තවත් අගෙයි. "



" මම හිතන්නේ මම මේක කලිනුත් කිව්වා. කවද හරි දවසක අපිට සින්ඩිය නවත්තලාම දාන්න පුලවන් නම් එදාට තමයි නියම ජයග්‍රහනය ලබන්නෙ. අපි ඉංග්‍රීසි බ්ලොග් ගැන දැනගන්නේ සින්ඩියක් නිසාද? සිංහල බ්ලොක් සහ අන්තර්ගත ජාලය තුල බහුලව පවතිනකොට සින්ඩියක් කියල දෙයක් අපිට ඕන නැතිවෙයි. ඇත්තටම මමත් දැන් මට එන ඊමේල් එක බැලුවොත් මිස සින්ඩියේ වෙබ් අඩවියට පිවිසෙන්නෙ නැතිම තරම්. "



" බ්ලොග් අවකාශය කියන්නේ ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් ,විචාර ,ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන් පහසු අවස්ථාවක්.නමුත් දැන් පවතින බ්ලොග්කරණ භාවිතය පිළිබද මගේ ප්‍රශංසනීය අදහසක් නෑ .බොහෝ පිරිසක් තම තමන්ගේ හෑලි ,සහ කයිවාරු ඉදිරිපත් කිරීමට බ්ලොග්කරණය මාධ්‍යයක් කරගෙන.බ්ලොග්කරණය යනු වගකිවයුතු හැසිරවීමක් තිබිය යුතු දෙයක් කියා ඔවුන් තේරුම් අරන් නැති බවයි වැටහෙන්නේ...සංඥයමය නොමැතිව ,සිතුනු,එවෙලේ දුටු දෙයක් කරන්නනන් වාලේ පල කරන්නාවූ ලිපි නිසා බ්ලොග් අවකාශයේ වටිනාකම හරය සහ බර හෑල්ලු වී ඇති බවක් පෙනේ.මෙය බරපතල තත්වයකි.මෙවැනි වූ අවභාවිතයන් නිසා බ්ලොග් කියවන්නන් අදාළ රසිකත්වය වෙන යම් දෙයකට ආදේශ කරගැනීමේ දෘශ්‍ය ප්‍රතික්ෂේප කිරීමක් පැහැදිලිවම පසුගිය කාලය තුල නිරීක්ෂණය විය...එය අප රටේ සිනමා ශාලා පාලු වුවා සේම නිහඩ ප්‍රතික්ෂේප කිරීමක අවදානම් අවස්ථාවක සිටිමු.හරවත් හා විචාරශීලී රසික සමුහයක් බිහිකර ගැනීමට බ්ලොග්කරුවන්ට සාධනීය මෙහෙවරක් කිරීමට විභවයක් ඇත.මේ අසීමිත අවස්ථාව නිවැරදිව භාවිතා කිරීමට මග පෙන්වීම සදහා සිංහල බ්ලොක් කියවනයේ ඇඩ්මින්වරු ඉදිරිපත් වේ යයි සිතමු.

අදහස් සහ යෝජනා
පෞද්ගලික බ්ලොග් කිසිදු වගකීමකින් තොරව සමාජ සදාචාර හා සම්මුතීන් පිළිබද කිසිදු තැකීමකකින් තොරව අවර ගනයේ ලිපි පලකිරීම "නිදහස් මාධ්‍ය භාවිතයක් " ලෙස සිතති.තම පෞද්ගලික අත් දැකීම් හා ජීවන සුවද බෙදා ගැනීම තවත් එක් රසවින්දන අවස්ථාවකි.නමුත් දීර්ගකාලීන ,ස්ථාවර ප්‍රේක්ෂක කැලක් බිහිකර ගත හැක්කේ හරබර බ්ලොග් සටහන් මගින්ම පමණක්මය.මෙය වටහා ගතයුතු සත්‍යයකි.නැතිනම් පෞද්ගලික බ්ලොග් ලිපි ලියන්න්නවුන්ම පාඨකයන් බවට පත් වී සින්ඩිය facebook account එකක් වැනි දෙයක් බවට පත්වන අවදානමක් ඇත...කාර්යබහුල ජීවිතයේ දැනුම හා සක්‍යතවයට ඉඩ ලැබෙන ලෝකයේ වඩාත් හරවත් කාල භාවිතාවක් සොයන පරිසයක ,වඩාත් අගයෙන පරාසය අප හදුනාගත යුතුය,පෞද්ගලික බ්ලොග් අඩවි සදහා වෙනම tab එකකින් පිවිසීමටත් අනෙක් බ්ලොග් අඩවි ලිපි වෙනම පල කරන ලෙස යෝජනා කරමි.සිංහල බ්ලොක් කියවනයේ ඇඩ්මින්වරුන් ගේ අවධානය යොමු වේ යයි සිතමි. "




මා මෙහි පළ කළේ සම්පුර්ණ සංවාදයම නොවෙයි. මට සාකච්ඡා කරන්නට අවශ්‍ය කාරණාවලට හේතූ වෙච්ච සංවාද සටහන් ටික පමණක් මෙසේ නැවත පළ කළා. ඇත්තටම මේ අදහස් දිහා බලපුවහම මට මුලින් ම මතක් වුණේ අතේ ඇඟිලි පහ එක වගේ නෙවෙයි නේ ද කියන කාරණාව. අපි එක ම තැනකට එකතු වුණත් අපි විවිධ අදහස්, විවිධ මත වාද කරපින්නා ගත් අය... එක එක පාට කණ්ණාඩි දාගෙන ලෝකය දිහා බලන අය.. අවශ්‍යයෙන් ම අප හැමදෙනාටම එක ම අදහසක් තිබිය යුතුයි කියල නියමයක් නැහැ... හැබැයි අප දැනගත යුතු එක දෙයක් තියෙනවා... යම් අදහසක් දරන්නට මට ඇති අයිතිය ම අනෙකාටත් තිබෙන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැහැ... මං මේ කාරණාව මුලදි ම මතක් කළේ, මෙහිලා දක්වන්නට යන මගේ අදහස් දරන්නට මට ඇති අයිතිය මෙය කියවන්නට යන ඔබට අමතක නොවනු පිණිසයි...

බ්ලොග්කරණය
පෙර ලිපියකදීත් මා සඳහන් කළ පරිදි බිලොග්කරණයේදි අනුගමනය කළ යුතු සැබෑ නීති මාලාවක් නැත.. බ්ලොගර් අඩවිය ම බ්ලොග් එකක් යන්න හඳුන්වාදෙන ආකාරය මා මෙහිලා සඳහන් කරන්නට කැමතියි....


විවිධ අදහස් දරන්නට මිනිසුනට ඇති අයිතිය ඔවුනුත් පිළිගන්නා බව නොවේ ද ඉන් හැඟෙන්නේ.. ?
විවිධ අදහස්, විවිධ හැඩතල, විවිධ ආකල්ප ඇති බ්ලොග් බිහිවිය යුතු බවයි මගේ නම් හැඟීම. මන් ද යත් ඒවා කියවන්නට එවැනිම අදහස් ඇති තවත් කණ්ඩායම් මේ සමාජය තුළ විසිර සිටින බැවිනි..

ඉතින් ඔවුනගේ (බ්ලොග්කරුවන්ගේ) අදහස එදිනෙදා කන බොන දේ ගැන කතා බහ කිරීම නම් එය ඔවුනගේ කැමැත්තයි.... එසේත් නැතිනම් ඔවුනගේ අදහස තමන් බඳින ගෑණිගේ ස්වභාවය, ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගැනීම ගැන අදහස් හුවමාරු කර ගැනීම නම් එයත් ඔවුනගේ කැමැත්තයි.... එසේද නැතිනම් තම තමන්ගේ හෑලි සහ කයිවාරු ඉදිරිපත් කිරීම හෝ තම පෞද්ගලික අත් දැකීම් හා ජීවන සුවඳ බෙදා ගැනීම ඔවුනගේ අදහස නම් එය ද ඔවුනගේ කැමැත්තයි... ඒ ගැන ලියන සහ ඒවා කියවන්නට කැමති තවත් කවුරුන් හෝ මේ සමාජය තුළ අනිවාර්යයෙන්ම සිටින බව පමණක් අප සිහියේ තබා ගත යුතුයි... ඒ ගැන ලියන්නට වගේම ඒ ගැන කියවන්නටත් ඔවුනට නිදහසක් මෙන් ම අයිතියක් ඇති බවත් අප අමතක කළ යුතු නැහැ... ඒවා අවභාවිතයන් යැයි ලේබල් කර තවත් පිරිසකගේ අදහස්වලට සුභාවිත හෝ සම්භාව්‍ය ලේබල් ඇලවීම නම් අනුමත කළ නොහැකියි.. මන් ද අවභාවිත හෝ සුබාවිත යන්න තීරණය කළ හැක්කේ ඒ ඒ පුද්ගලයාට බැවිනි.. ඔබට සුබාවිත දේ මට අවභාවිත විය නොහැකි ද ??? සංයමය ගැන කතා කරනවා නම් එහි ඉම කොතැන දැයි තීරණය කළ යුත්තේ ද ඒ ඒ බිලොග්කරුවා විසින්ම බව මගේ අදහසයි. එම තීරණය තම තම නැණ පමණින් ගන්නා කළ එහි ඉම එකිනෙකාට සාපේක්ෂව වෙනස් වීම ස්වභාවයෙන් ම සිදු වන්නකි.. සංයමය හෝ ස්වයං විනය යනු තමන් තමන්ටම පනවා ගන්නා එකක් මිස අනෙකකුට බලහත් කාරයෙන් තවෙකෙක් මත පැටවිය හැක්කක් නොවේ...

අවශ්‍යයෙන් ම බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමන් ට අවශ්‍ය දේ මිස අනෙකක් නොවේයැයි යන්න මගේ හැඟිමයි....
තෝරා බේරාගෙන කියවීම පාඨකයන් සතු කාර්යයකි.. කියවන්නන්ට අමතකවී ඇතැයි හැඟෙන දෙයක් මතක් කර දෙන්නට මෙහිලා කැමැත්තෙමි.

"කැමතිනම් කියවන්න. නැතිනම් ඉවත්වෙන්න."
එය ඒ තරමට ම සරල ය.

සින්ඩි
බොහෝවිට සින්ඩි වල බ්ලොග් අඩවි යම් වර්ගීකරණයකට ලක් කර තිබෙනු දැකිය හැකියි...
අද බිහිවන බ්ලොග් අඩවි කිසියම් වර්ගීකරණයකට ලක් කළ හැකිදැයි යන්න නැවත සිතා බැලිය යුතු යැයි මම යෝජනා කරමි...

ඒ සඳහා සරල උදාහරණයක් ගෙන බලමු....

අළුතෙන් පටන් ගන්නා බ්ලොග් අඩවියක මුලින්ම පළවන්නේ ගද්‍ය හෝ පද්‍ය පෝස්ට් යැයි සිතමු. ඒවා කියවා බලන අප එම අඩවිය සාහිත්‍ය කැටගරියට දමා සාහිත්‍ය අඩවියක් යන ලේබලය අලවන්නෙමු. එහෙත් හෙට...? හෙට එම අඩවියේ දේශපාලන ලිපියක් පළ වන්නේ නම් එම අඩවිය තව දුරටත් සාහිත්‍ය කැටගරියට දමා තැබිය හැකි ද ? නැතිනම් එය දේශපාලන කැටගරියට දැමිය යුතු ද ? ඊටත් පසු ව එම අඩවියේ තාක්ෂණික හෝ පුද්ගලික අදහස් ගම්‍ය වන ලිපි පළ වුව හොත්....අපි කුමක් කරමු ද ??? මෙහි සරල අදහස නම් අප වර්ගීකරණය කළ යුත්තේ අඩවිය නොව අඩවියේ පළ වන ලිපි බවයි... එම ලිපි වෙන් වෙන් වශයෙන් ගත් කළ ඒවා විවිධ කැටගරි වලට අයත් විය හැකි ය... ඉඳින් ඒවා වර්ගීකරණය කළ යුත්තෙත් වෙන වෙනම නොවේ ද ? මේ සම්බන්ධ තාක්ෂණික පසුබිම ගැන මට ඒ තරම් අවබෝධයක් නැත. එහෙත් කලකට පෙර ලාංකීය සිතිවිලි බ්ලොග් සින්ඩිකේටරයේ පටස් කරන ලිපි තමන්ටම වර්ගීකරණය කිරීමේ පහසුකම සලසා තිබිණ... අවශ්‍ය වන්නේ එවැනි දෙයක් බව මගේ අදහසයි. එවිට වර්ගීකරණය වන්නේ බ්ලොග් අඩවිය නොව අදාළ ලිපිය පමණක් නිසා එම කැටගරිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත සැලසෙන්නේ වටිනා සේවයකි.. එසේ ම එවිට, අර කැටගරියට... මේ කැටගරියට... ගරහන උදවියට ඒ දෙසවත් නොබලා තමන් කැමති කැටගරියට පමණක් යන්නට අවකාශ ලැබෙනු ඇත...

සින්ඩ්කේටර් ප්‍රමාණය වැඩි වීම ගැන කාලිංග සොයුරා දක්වා ඇති අදහස මගේ ද අදහස වන බැවින් නැවත ඒ ගැන වැඩිමනත් සඳහන් කරන්නට උත්සාහ නොකරමි..

සින්ඩියක අවශ්‍යතාවය මතු වන්නේ බිලොග් අඩවි ප්‍රමාණයෙන් වැඩි වන විට ය. යාවත්කාලීන වන ලිපි එක ම තැනකදී බලන්නට සින්ඩියකින් සැලසෙන්නේ අමිල සේවයකි.. අද වන විට සිංහල බ්ලොග් කියවනයේ ඇතුළත් කර ඇති බ්ලොග් ගණන 1119 කි... කාලිංග සොයුරා සිය සංවාද පිළිතුරු වලදි සඳහන් කළ පරිදි නම් තවත් බ්ලොග් අඩවි දහසක් පමණ ඇතුළත් කර ගැනීම සඳහා වන පෝළිමේ රැඳී තිබෙනවා... ඇඩ්මින්වරුන්ගේ කාර්යබහුලකම නිසා මෙසේ සිදුවී ඇති බවත් හැකි අයෙකුට ඒ සඳහා සහය විය හැකි බවත් සඳහන් වුණා... බල්ලගේ වැඩේ බූරුවාට කළ නොහැකි ය. බ්ලොගයක් කියවා අන්තර්ගතය පරීක්ෂා කළ හැකි වුවත් මගේ තාක්ෂණික දැනුම නම් ඇත්තේ අවම මට්ටමක නිසා එවැන්නකට අත පොවන්නට තරමක දෙගිඩියාවක් සිතේ හොල්මන් කළ නිසා මා ඒ සඳහා ඉදිරිපත් වූයේ නැහැ... එහෙත් තාක්ෂණික දැනුම ඇති බොහෝ පිරිසක් ඒ සඳහා සිය සහය පළ කරන්නට එක් වී සිටීම නම් සැබැවින් ම පැසසිය යුත්තක්... මේ ප්‍රශ්න නිරාකරණය වී එම පෝළිමේ ඇති අඩවි ටිකත් සිංහල බ්ලොග් කියවනයට එක් වුවහොත් එහි ඇතුළත් කර ඇති අඩවි සංඛ්‍යාව දෙදහසක් හෝ ඒ හා සමාන ගණනක් වෙනවා... පවත්නා තත්ත්වය යටතේ බිලොග් ලියන්නට ගන්නේ සිංහල යුනිකේත ගැන යම් පමණකට හෝ දැනුමක් ඇති අය ය. බ්ලොග් ලියන්නන් සෑම දෙනාම වාගේ නිරායාසයෙන් ම අනෙකුත් බිලොග් අඩවි වල පාඨකයන් වීම වැළැක්විය නොහේ... එනම් මේ දෙදහසක් පමණ දෙනා තමන් බ්ලොග් ලියන අතරේ අනෙකුත් අඩවි වල පාඨකයන් බවට පත් වනු ඇත... බ්ලොග් අඩවියක් පවත්වාගෙන නොයන මුත් බ්ලොග් කියවීමට ඇබ්බැහි වී සිටින පිරිස සාපේක්ෂව ඉතා අල්පය. සිංහල යුනිකේත ගැන සමාජයේ දැනුවත්භාවය වැඩි නොකර එම පිරිස වර්ධනය කර ගැනීම හරියට පරිගණක තිරයේ වසා සිටින කුඩා කෘමියෙකු මවුස් පොයින්ටරයෙන් ගසා එළවන්නට ගන්නා උත්සාහයක් වැනි ය... කාට හෝ කෙනෙකුට “ආ මං සිංහල බ්ලොග් එකක් ලියනවා. ඒක කියවලා බලන්න” යැයි කියන්නට පෙර නැවත දෙපාරක් සිතන්නට සිදුවන්නේ යුනිකේත මතු නොව බ්ලොග් අඩවි ගැන පවා සමාජයේ දැනුවත්භාවය අල්ප වන හෙයිනි.
“මොකක් ද මචං බ්ලොග් එකක් කියන්නේ...?”
“මොකක් ද මචං යුනිකෝඩ් කියන්නේ...?”

“හා... හොඳයි” යන පිළිතුර වෙනුවට නැගෙන්නේ තවත් ප්‍රශ්න රැසකි...
එනයින් ගත් කළ සැබෑ විප්ලවයක් අවශ්‍ය වෙමින් තිබිණ.. බිලොග් කියවන පාඨකයන් ප්‍රමාණය වැඩි කර ගන්නට නම් එක්කෝ යුනිකෝඩ් ගැන සමාජ දැනුවත්භාවය වැඩි කරන්නට සෑහෙන වෙහෙසක් ගත යුතු ය. එසේ නැතිනම් වෙනත් විකල්පයක් සොයා ගත යුතු විය....

විප්ලවය
විප්ලවයක් යනු මහත් විපර්යාසයකි නැතිනම් මහා වෙනසකි. සිංහල යුනිකේත සම්බන්ධයෙන් ගත් කළ මෙවැනි මහා විපර්යාසයක් කරන්නට ඉතා මෑත කාලයේ දී එක්තරා තරුණයෙකුට හැකි වී තිබිණ.... අප දෑස් දල්වාගෙන බලා සිටි විකල්පය ඔහු විසින් සොයාගෙන තිබිණ..

සංවාදය පුරාවට ම කාලිංග සොයුරා එක් දෙයක් අවධාරණය කර තිබිණ. එනම් සිංහල බ්ලොග්කරුවන්ගේ අරමුණ අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි කිරීම වන බවයි. එය ඇත්ත ය. මුල් කාලයේදී බ්ලොග්කරුවන්ට අවශ්‍ය වූයේ සිංහල යුනිකේත සමාජ ගත කරන්නට ය. තම තමන්ගේ බ්ලොග් අඩවි ජනප්‍රිය කරගන්නවාට වඩා ඒ මූලික අරමුණ මුදුන්පත් කර ගැනීමේ සැබෑ අවශ්‍යතාවය ඔවුන් වෙත නොතිබුණා නම් සර්වර් සඳහා අතින් වියදම් කරගෙන සින්ඩි අරඹන්නේ ද නැත... අනෙකුත් වැඩ පාඩු කරගෙන තමන්ගේ වටිනා කාලය ඒ සඳහා යොදවන්නේ ද නැත... එහෙයින් සිංහල යුනිකෝඩ් සමාජගත කිරීමේ සත්කාර්යයේදි ඇප කැප වී කටයුතු කළ මේ පුරෝගාමීන් හට ඔවුන ට නිතැතින් ම හිමි විය යුතු ගෞරවය දක්වන්නට තරම් අප නිහතමානී විය යුතු ය...

සිංහල යුනිකේත භාවිතයෙන් බ්ලොග් අඩවියක් ලියන්නට පටන් ගන්නා බ්ලොග්කරුවෙක් මුහුණ දුන් ලොකුම ගැටළුව වූයේ සිංහල යුනිකේත සහය නොමැති පරිගණකයක දී තමන්ගෙ අඩවිය බැලීමට හැකියාවක් තම පාඨකයන් වෙත නොවීමයි... එක්කෝ ඔවුන් යුනිකේත සිය පරිගණකයේ පිහිටුවා ගත යුතු විය. නැතිනම් සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණයක් වෙත යා යුතු විය.. එහෙත් එතරම් තාක්ෂණික දැනුමක් නොමැති පාඨකයින් හට සිංහල යුනිකේත සහය සිය පරිගණකයේ පිහිටුවා ගැනීමට කියාදීම බ්ලොග් එකක් ලියනවාට වඩා අමාරු කාරීයක් විය...

Fire fox සඳහා සිංහල යුනිකේත සහය ගෙන එන ප්ලගීනයක් බිහිවන්නේ ඔය අතර තුර ය. එය ඒ තරමටම ජනප්‍රිය වූයේ නැත...

එහෙත් ධනික නම් තරුණයෙක් SETTdeco කරළියට ගෙන එන්නේ මෙවන් පසුබිමක ය. සැබවින් ම එය මහා පෙරළියකි. මෙම විජෙට්ටුව සිය සිංහල අඩවියට ඇතුළත් කර ගත් විට යුනිකේත ඇති නැති ඕනෑම පරිගණකයක දී දැන් එම අඩවිය කිසිදු අපහසුවකින් තොරව කියවිය හැකි ය. සිංහල යුනිකේතයේ පමණක් නොව දමිළ යුනිකේතයේ ද සෑබෑ විප්ලවීය වෙනසක් කරන්නට එය ට හැකියාව ඇත.. සැබවින්ම SETTdeco සමඟින් එළඹෙන යුගය සිංහල යුනිකේත භාවිතය ඉතා පුළුල් කළ හැකි යුගයක් වනවාට සැක නැත... මෙතුවක් කල් සිය පරිගණකයේ යුනිකේත නොමැතිකමින් සිංහල බ්ලොග් කියවන්නට නොහැකිව සිටි සැමටත් එනිසාම විශාල පාඨක පිරිසක් ග්‍රහණය කර ගන්නට බැරි වී සිටි සිංහල බ්ලොග්කරුවන්ටත් ධනික මේ ලබා දී ඇත්තේ එසේ මෙසේ දායාදයක් නොවේ....
සැබවින්ම එය අමරණීය දායාදයක් වනු ඇතැයි යන්න මගේ හැඟිමයි....

ඔහුගේ නිපැයුමේ සැබෑ විශිෂ්ඨත්වය අප අත් දකිනු ඇත්තේ අද නොව හෙට දවසේ දී ය...

ධනික ඔබට ජය !

ඉඳින් දැන් අවශ්‍යව ඇත්තේ, එකිනෙකාගේ අඩුපාඩු හොයන්නේ නැතිව තම තමන්, තම තමන්ගේ නිදහස බුක්ති විඳින අතරේ තම තමන්ගේ යුතුකම් කොටස ඉටු කිරීමයි... එසේ වුවහොත් දසුන් කිව්වාක් මෙන් අපට සින්ඩි අවශ්‍ය නොවන දවසක් ද උදාවනු ඇත...

# මෙම ලිපියට පිළිතුරු වශයෙන් ලැබී ඇති කමෙන්ටුවක් වෙනමම පෝස්ටුවක් වශයෙන් පළ කරන ලෙස ඉල්ලා ඇතත් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බැවින්, මෙම ලිපියටම අමුණා පළ කරන බව සලකන්න... පහතින් පළවන්නේ එම කමෙන්ටුවයි..


Sankha said...


1 කොටස
මුලින්ම කියන්න ඕනේ මේ කියන ප්‍රශ්ණේ (අවුල) දැම්මේ මම. මගේ නම සංඛ. මේක ටිකක් දිග පිළිතුරක් හැකිනම් වෙනම පෝස්ට් එකක් හැටියට දාන්න. මුලින්ම මේක කමෙන්ට් එකක් හැටියට පළකරයි කියලා සැකයක් තිබුණත්, ලිපියෙ තියෙන ලිබරල් බවත් එක්ක මේක පළකරයි කියලා විශ්වාස කරනවා.

සන්සරසිඳගේ ලිපිය ගැන ඇත්තටම සතුටුයි. ඒ එමඟින් මගේ මතය ඉදිරියට යාමක් සිදුනොවන නිසා නෙවෙයි. යම් ආකාරයක ප්‍රශ්න කිරීමක්, අදහස් දැක්වීමක් සිදුකරන නිසාත්. මම මේ ගැටළුව යොමු කරන්නේ සත්‍ය අත්දැකීමක් මත. ඒ බව ඒ කමෙන්ට් එකේම තියෙනවා. බ්ලොග් අවකාශයේ පිරිසට මතක නම් මේ වගේ ප්‍රශ්ණ කිරීමක් මීට ඉස්සෙල්ලත් සිද්ධ වුණා. අවසාන ප්‍රතිඵලය වුණේ ඒ පිරිස බ්ලොග් කියවනය අතහැර යාම. එතකොට මේ සියල්ල වෙනකොට අපි බලාගෙන හිටියා, අවස්ථානුකූලව යම් අදහස් පළ කිරීමක් සිදුකළා.

මේ සියළු දේ ඇතුලේ තිබුණ දේ තමයි සිංහල බ්ලොග් කියවනය ඇතුලෙ ඉන්න යම් පුද්ගලයෙක්ගේ අඩුපාඩුවක් මත මේ ගැටළු ඇතිවෙනවා කියන එක. ඒකට අවශ්‍ය තරම් අත්දැකීම් පැරණි ‍බ්ලොග් ලියන්නන් ලබලා තිබුණා. ඒක හින්දා තමයි ඟඟට ඉණි කපනවා වගේ නොයෙකුත් අවස්ථාවන් වල විවිධ පාර්ශව අදහස් මතුකරන්නේ. මගේ ඊමේල් එක බ්ලොක් කරපු එක ගැන මට එච්චර පුදුමයක් නැත්තේ ඒකයි. ඇත්තටම කිව්වොත් මම මේ වෙද්දි බ්ලොග් සංසදය හෝ කියවනය සමඟ ලොකු බැඳීමක් නැහැ.

ඒත් මම මතුකරලා තියෙන දේවල් සන්දර්භයෙන් එළියට ගැනීම ඇතුලේ යම් වැරදි වැටහීමක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
උදාහරණයක් ගමු.
ඔබ කියනවා
“යම් අදහසක් දරන්නට මට ඇති අයිතිය ම අනෙකාටත් තිබෙන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැහැ...”

ඉතිං මේක ගැන කිසිම ගැටළුවක් නැහැ. ඇත්තටම අපි ප්‍රශ්ණ කරන්නේ මේ තියෙන අයිතියට වැට බඳින නිසයි. උදාහරණයකට ගත්තොත් දේශපාලන ලිපි කියලා බ් ලොග් ප්‍රධාන පිටුවෙන් ඉවත් කරන කාලෙ පැහැදිලිවම බ්ලොග් අවකාශය ඇතුලේ ප්‍රධාන මතවාද 2ක් ස්ථාපිත වෙලා තිබුණා. ටැබූ, බි යොන්ඩ් ‍ෆ්‍රේම්, රාමචන්ද්‍ර වගේ බ්ලොග්කරුවෝ කිසියම් ප්‍රතිවිරෝධතාව ඇතුලේ වුණත් අයත් වුණේ එක පැත්තකට. මේ අය අතරින් දවසකට එකක් වගේ පෝස්ට් දැන්මේ බීඑෆ් විතරයි. ටැබූ වැඩිම වුනොත් දවස් 2කට වඩා ගත්තා ලිපියක් ලියන්න. ඒ අය සිංහල බ්ලොග් කියවනය අතහැරීමට ප්‍රධාන හේතුවක් වුණේ මේ බ්ලොග් දෙවෙනි ගණයේ ඒවා බවට පත්කරපු නිසයි. දැන් ඇතිවෙන ප්‍රශ්ණය අනෙක් බ්ලොග් සියල්ල පළවෙනි පිටුවට දාලා පුවත් මොකද්ද ඇති කරන්න හදන ගුණාත්මක භාවය? දැන් අපි දේශපාලන පිටුවේ අවසාන දවස් ‍3ක පෝස්ට් ගැන විස්තරයක් බලමු.

27 වැනිදා
- http://lankaelink.com/sinhala පෝස්ට් 13
- http://malansamarawickrama.wordpress.com/
- http://gadflyzone.wordpress.com
- http://ahasganga.blogspot.com/

26 වැනිදා
- http://lankaelink.com/sinhala 16

25 වැනිදා
- http://kathika.wordpress.com/
- http://lankaelink.com/sinhala 13
- http://malansamarawickrama.wordpress.com
- http://gadflyzone.wordpress.com
- http://sinhala-nazi.blogspot.com/
June 28, 2011 1:25 AM

Sankha said...


2 කොටස

ඇත්තටම නාමිකව සිංහල අකුරු අන්තර්ජාලය තුළ වැඩිකිරීමක්ද කළ යුත්තේ? එහෙම නැතුව එහි ගුණාත්මක භාවය පිළිබඳව අල්ප හෝ සැළකීමක් නැද්ද. දේශපාලන කොටසට ඇදලා දාලා තියෙන කතිකා බ්ලොග් එක ලංකාවේ බ්ලොග් අඩවි අතරින් වඩාත් විද්වත් අන්තර්ගතයක් සහිත බ්ලොග් එකක්. ඊට අමතරව රාමචන්ද්‍ර, ටැබූ වගේ ඒවත් යම් අධ්‍යනයන් තුළින් ගොඩනැඟුණු අදහස් නියෝජනය කරපු අඩවි. ඒවා තුළින් වෙන්නේ සිංහල බ්ලොග් අවකාශය තව තවත් පෝෂණ්‍ය වීම නොවේද?

එතකොට දේශපාලන නොවන ඒත් දේශපාලන ලිපි (ඒවා මූලධර්මවාදී දේශපාලන වෙන්න ඕන මං හිතන්නේ) තියෙන බ්ලොග් ආරම්භක පිටුවේ ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ ඒවා.

- http://sinhalabuddhist.com
- http://peramunerala.wordpress.com
මේවා‍ගේ තියෙන විශේෂත්‍වෙ මේවා දේශපාලන ලිපි පළකරත් ඒවා සිංහල මූලධර්මවාදී මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම. ඇ‍ටමැස්සා, සිංහල නාසි වගේ අඩවි වල නියෝජනය ඊට එරෙහිවයි.

තාක්ෂනික, පුද්ගලික ‍බ්ලොග් සමඟ පළවෙනි පිටුවට ආවා නම් කතිකා එකට හිට්ස් වැ‍ඩිවෙන එක අමුතුවෙන් කියන්න ඕන‍ දෙයක් නෙවෙයි. දේශපාලන කියලා වෙනමම පිටුවකට දැමීම තුළ කොන්වීමක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මගේ තර්කය පුද්ගලික හෝ ඕපාදුප අඩවි නැවැත්වීම නෙවෙයි. ඒත් දේශපාලන අරුත් දෙන බ්ලොග් අඩවි කොන් කර තැබීම වැරදියි යන්නයි.

කවුරුහරි හිතනවද මේවා අත්වැරදීම් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. දැන් පහුගිය දවස්වල තිබුණ ත්රෙඩ් එකේ සටහන් වෙලා තිබුණා. “එකතු වෙලා වැඩ කරමු” කියලා. මම ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ, එවැන්නක් සිදුනොවන බවයි. ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා අපි ඉදිරියට බලමු.

මගේ බෑන් කරපු කමෙන්ට් එකේ තිබුණ ඒවා හරියටම මතක නෑ. ඒත් මතක හැටියට මෙහෙම දේවලුත් ඒකේ තිබුණා. “කාලිංග - කමියුනිටි එකක් සමඟ ගණුදෙණු කිරීම සෙල්ලම් ගෙයක් දානවා වැනි ළදරු ක්‍රියාවක් නොවේ. එසේ කිරීමට පෙළඹේ නම් මුලින් කළ යුත්තේ සෙල්ලම් ගෙයක් දාගෙන ඒ අවධිය පසුකොට පසුව සිංහල බ්ලොග් සංසදයට එක්වීමයි.”
මම එහෙම ලිව්වේ අපි ළමා කාලේ සෙල්ලම් කරනකොට කිසිම වැදගත් කමකට නැතිවිදිහට රණ්ඩු වෙනවා (හැබැයි යාළු වෙනවා) ඒත් කමියුනිටි එකකදි එහෙම බෑ. අනිත් අයගේ අදහස් යෝජනා වලට ඇහුම්කන් දෙන්න ඕන. එහෙම සාමූහික ගොඩනැඟීමකුයි වෙන්න ඕන. මගේ සාමාජිකත්වය කිසිම පැකිලීමකින් තොරව (හේතු නොදක්වා) අවලංගු කිරීම කුමන අවධියේ ක්‍රියාවකටද?


සන්සරසිඳ මෙහෙම කියනවා.
“මුල් කාලයේදී බ්ලොග්කරුවන්ට අවශ්‍ය වූයේ සිංහල යුනිකේත සමාජ ගත කරන්නට ය. තම තමන්ගේ බ්ලොග් අඩවි ජනප්‍රිය කරගන්නවාට වඩා ඒ මූලික අරමුණ මුදුන්පත් කර ගැනීමේ සැබෑ අවශ්‍යතාවය ඔවුන් වෙත නොතිබුණා නම් සර්වර් සඳහා අතින් වියදම් කරගෙන සින්ඩි අරඹන්නේ ද නැත”

ඔබ දන්නවාද? මුලින්ම ‍සිංහල බ්ලොග් සංසදය ආරම්භ කළේ කවුද, ඩොමේන් මිලදි ගත්තේ කවුද, ඒවට මුදල් යෙදෙව්වේ කවුද, ඒ කියන කාලෙදි දැන් කියන ඔය පොර හිටියේ කොහෙද (සමහර විට ගන්ධබ්බ අවධියේ හෝ මළපෙරේත ආත්මයක වෙන්න ඇති) කියලා. ඔය කියන විදිහට අතින් වියදම් කරන්න කැමති පිරිස් කොච්චර ඉන්නවාද කියලා පහුගිය ත්රෙඩ් එක කියෙව්වනම් තෛරෙනවා.

මේක බොහෝම දිගට ලියන්න වෙන ලිපියක්. මට ව‍ඩා බො‍හෝ කරුණු කාරණා දන්න පිරිස් මේවා බැලුවට ඔවුන් නිහඬතාවය රකිමින් ඉන්නවා. අපිනං ඉතිං හිටපු ගමන් ටොක්කක් අයිනවා.

කෙසේවුවත් අපේ ලොකු අයියා බොහෝම හොඳ, පිංවන්ත, දානයට ලැදි පොරක් කියලා හිතුවට එයාගේ කිල්ලෝටේ ගොඩාක් හුණු තියෙනවා. බලමු එතුමා මෙතන්ටවත් ඇවිත් මට පිළිතුරක් දේවිද කියලා.

පසු සටහන - මේ කමෙන්ටුව පළ‍වීමෙන් පසු ඔබේ බ්ලොග් අඩවිය සිංහල බ්ලෝග් කියවනයෙන් ඉවත්කිරීමේ අවදානමක් පවතී.
June 28, 2011 1:26 AM

13 දෙනෙකුගේ අදහස්....:

Nadun Ranaweera said...

මම ඔය Group ගියපු තිඩ් කියුව්වා. එයාලා කියන විදියට බ්ලොග් එකක් ඇතුලත් කරන එක අමාරුවක් නෙමෙයි. Blog අඩවියක් නෙමෙයි. බ්ලොග් අඩවි 1000 ම විනාඩි ගානකින් ඇතුලත් කරන්න පුලුවන්. මම ස්තිරව කියන්න පුලුවන්.

මට සිංඩියක් තියෙනවා. එක නිසා මම හොදට දන්නවා. සිංඩියක් කරනවා කියන එක අමාරුවක් නෙමෙයි. එත් එයාලා කියනවා වගේ සර්වර් වලට ‍ගොඩක් ලොකු මුදලක් දරන්න ඕනේ එකට මමත් එකගයි. නමුත් එයාලගේ කාර්්‍ය බහුලත්වය උපතින්ම එන එකක්. එයාලගේ කටේම තියෙන්නේ ඕක. එයාලා බ්ලොග් අඩවි

එයාගේ නිති හරිම තදයි බ්ලොග් කරුව ඇග බැදලා වගේ. මමනම් අහලා තියෙන්නේ නිදහස් කාලාවක් කියලා බ්ලොග්. එත් මෙයාලා කරන්නේ බ්ලොග් කරුගේ ඇග බදින එකනේ. අනික බ්ලොග් අඩවි ඉවත් කරන එක තව නවත්වලා නෑ. ඔහොම බෑ සිංඩි කරන්න.

Bindi said...

අපිත් බ්ලොග් අඳුන ගත්තේ බ්ලොගර්ස් යුනියන් එකෙන් තමයි. මගේ බ්ලොග් එකට තවම මාස දෙකක් පිරුනෙත් නැහැ .පොස්ට් 21 ක් විතරයි ලිව්වේ . ඒත් 6130 වාරයක් බලල තියනවා. 55 ක් ෆලොවර්සලා ත් ඉන්නවා. ඒ අතර බ්ලොග් ලියන බ්ලොග් ලොව ''ලොකු අය්යල '' කිව හැකි අයත් මන් වගේ අලුතින් ලියන අයත් නොලියන එහෙත් කියවන අයත් ඉන්නවා.මම නම් හරිම සතුටෙන් කියල තමයි කියන්න ඕන. මාරයා ..රංග...අභීත ..ඇතුළු බ්ලොග් ලෝකේ ස්ථාපිත අයගේ දැන්වීම් බ්ලොග් වල පටන් ගත් දැන්වීම් හේතුවෙන් අපි ගොඩක් බ්ලොග් අඳුන ගත්තා.ඒ අයට නවක අපේ ස්තුතිය හිමි වෙන්න ඕන. නම් ලියන්න මෙතන ඉඩ මදි. මගේ දිහාවෙත් කට්ටිය ආවේ ඒ හරහා. ඒ ඇරුනම වෙන බ්ලොග් වල දාන කමෙන්ට් හරහාත් අපි අලුත් අය අඳුන ගන්නවා.
ඉතින් සින්ඩියට ඉල්ලීම් දෙකක් කළා. තවම ප්‍රතිචාරයක් නැහැ. ඒත් මගේ කිසිම අමනාපයක් නැහැ. සමහර විට තවම අලුත් වැඩි ඇති. කවද හරි මාව අර ගනියි කියන පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ අයටත් කළහැකි සීමාවක් ඇතිනේ. අනික මන් වගේ ගෙදරය. රකියාවලුත් කරන ගමන් නේ ඕව කරන්නේ,.
තව දෙයක් ඉල්ලීමක් කලහම ''සළකා බලන්නම් ''වගේ හිත හැදෙන උත්තරයක් වත් ඉබේම එන විදියට සකස් කලොත් හොඳයි කියලා පොඩි යෝජනාවක් කරන්න කැමතියි.

-HacKrisH- said...

"අවශ්‍යයෙන් ම බ්ලොග්කරුවන් ලිවිය යුත්තේ තමන් ට අවශ්‍ය දේ මිස අනෙකක් නොවේයැයි යන්න මගේ හැඟිමයි...."

මෙන්න මේකයි මගෙත් අදහස. ලියන දේ පාලනය කිරිමට සින්ඩි අයිති කරුවාට අයිතියක් නැත. සින්ඩි අයිති කරුවන්ගේ යුතුකම සෑම පුද්ගලයෙක්ටම සමාන අයිතිවාසිකම් බලා දීමය. සින්ඩි ඔවුන්ගේය... නමුත් ඔවුන්ගේ කන්නාඩියෙන් බලා බ්ලොග් ෆිල්ටර් කිරිම අනුමත නොකරමි. ස්තූතියි ඔබට... වැදගත් ලිපියක්...

Anonymous said...

සින්ඩියක් යනු නිදහසේ තම අදහස් පල කල හැකි ස්ථානයක් විය යුතුය. එමෙන්ම sbu ගූගල් සමූහය sbu සින්ඩියට අදාල ප්‍රශ්න, බ්ලොග් පිලිබඳ ප්‍රශ්න සාකච්ඡා කිරීමට නිර්මාණය කොට ගෙන ඇති සමූහයකි.

එහෙත් ඔබට ඔය ත්‍රෙඩ් එකට පැමිණි සියලුම ඊමේල් දැකිය නොහැක. මක් නිසාද මේ වන විටත් ඔය ත්‍රෙඩ් එකට මුල පිරූ සංඛගේ මෙන්ම මාගේද ඊමේල් බ්ලොක් කර ඇත.

එයට සාධාරණ හේතුවක් ඇති යැයි මම නම් නොසිතමි. මේ සංඛගේ එම ත්‍රෙඩය තුල පල කරන ලද අන්තිම ඊමේලයයි. සම්පූර්ණ විස්තර සඳහා මෙන්න එම ත්‍රෙඩය http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/2a49fa6a395ff147/162208c0461f1afd

"මේ කතාව මටත් මඟහැරිලා තිබුණේ.. ඇත්තටම බලාපොරොත්තු වූ පරිදි ඇඩිමින්
නියෝජනයෙන් ආරක්ෂණකාරී කතාවට අමතරව යම් සාධනීය කතාබහක් ගොඩනැඟිලා
තියෙනවා. ඒක නිසයි ආයෙත් අදහසක් පළකරන්න හිතුණේ.

සින්ඩිය තනියම අදිනවා කියලා කියන කතාව නවක බ්ලොග් ළමයි අතරේ වීරයෙක්
වෙන්න ගොතපු කතාවක් කියන එක සින්ඩියේ ආරම්භය හා ඉතිහාසය ගැන යම් තරමක්වත්
දන්න අයට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ වෙන කොටත් එහෙම අය බොහෝ දුරට
කළකිරීමකින් ඉන්න බවට සාක්ෂි මේකෙම තියෙනවා. මේ තියෙන්නේ ඒ ගැන මං දැකපු
කමෙන්ට් එකක්. මේ නම් ඉවත් කරේ මේ කතාවේ දිශාව වෙනතකට යන හින්දයි.

"සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ආරම්භක නියමුවෙකු වූ ****** පසුගියදා පැවති
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවේදී ***** විසින් පඩේකටවත් නොසලකා
හරින ලද්දේය. ******* ***** සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට කරන ලද මෙහෙය
සලකද්දී මෙය ****** විසින් කරන ලද පාහරම වැඩක් විය. ඔහු විප්ලව කලේ නැත.
ගෙදරගොස් facebook status එකක් දැම්මේය. “අපිත් සිංහල බ්ලොග් වලට වැඩ
කරපු අය තමයි.” එහි අන්තර්ගතය වීය. එයද ******ගේ තර්ජනයෙන් පසු මිනිත්තු
10ක් ඇතුලත මැකීගියේය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අද අරාජික වීමට ******** ඍජුවම වගකිවයුතුය."

ඊට අමතරව සාධනීය බ්ලොග් අවකාශයක් උදෙසා අදහස පළකරන නවක සහෝදර සහෝදරවරු
ගණනාවක් ඉන්න බවටත් පේනන තියෙනවා. පොඩි එවුන්ට මැජික් පෙන්නලා වීරයෙක්
වෙන්න දඟලනවට වඩා මේ විවිධ දිශාවන් තුළ ඇති දායකත්වයන් එකට කැටි කරලා
ගන්න පුළුවන් නම්‍යශිලි බවක් පෙන්න නැහැ.

ලේබල් ගහලා අදහස් මඟඇරලා යන්න පුළුවන්. හැකිනම් පෙන්නලා තියෙන කරුණු වලට
පිළිතුරු දෙන්න. "

ඉන් පසුව සංඛගේ ඊමේල් බ්ලොක් කරන ලදී. එසේ කිරීමට හේතුව විමසීම නිසා මගේ ඊමේලයත් බ්ලොක් කරන ලදී. හේතුව විමසීමට මා යැවූ ඊමේලය පහත වේ.

"බ්ලොග්කර‍ණයේ යෙදෙන ඔය මිත්‍රවරු දන්නවා ඇති මම පණගැහෙන සින්ඩියට කාලෙකින් කියලා ප්‍රශ්ණයක් යොමුකළ බවත්, ඒ වෙනුවෙන් යම් අකාරයක කතිකාවක් ඇතිවුණු බවත්. යම් ආකාරයක සුබවාදී ආකල්පයකින් ඉදිරියට යන අත‍‍රේ මෙන්න මට අද ආපු පණිවිඩය.
Sorry...

The owner of this group has banned you from this group.

මට මේකෙ බ්ලොක් කරාට ප්‍රශ්ණයක් නැහැ. ඒත් ඇයි එහෙම කරන්නේ කියන ප්‍රශ්ණය ඇසීම වෙනුවෙන් කවුරුත් මාත් එක්ක එකඟවෙයි කියලා හිතනවා.

ඔබ විසින් ගරුකොට සළකන ඔබේ ලොකු අයියාගේ මනෝවිකාරයේ ස්වභාවය දැන් ඔබට ‍තේරෙනවා ඇති.

ඔබට ජය"


මට මෙහෙම මේල් එකක් ආවා sankharan ගෙන්. උඩ එකක් යට එකක් තියාගෙන කතා කරලා පුරුද්දක් නැති නිසයි මේ කෙලින්ම මේල් එක පිටින් කොපි කරලා දැම්මේ.

ඇත්තටම මම නම් ඔය sbu එකේ යට ගියාව දන්නෙ නැහැ. ඒත් පැහැදිලිවම මේ sankharan කියන පුද්ගලයා දාපු මේල් එකකින් පටන් ගත්ත කතාවක් නිසා තමයි මෙච්චර දුර මේ සංවාදෙ ගොඩ නැගුනෙ. ඒක ගැන sankharan ට ස්තුති කරනවා මම.

sankharan කියපු දේවල වැරැද්දක් තියනවා නම් ඒවට උත්තර දෙනවා මිසක් එයාව බ්ලොක් කරන එක උත්තරයක් විදියට මම නම් දකින්නෙ නැහැ. අනික sankharan ව බ්ලොක් කරන්න තරම් එයා sbu එකේ ගයිඩ්ලයින්වලට එහා යන දෙයක් කියලා තියනවද, එහෙම කියලා තියනවා නම් එයා කරලා තියන වැරැද්ද අනිත් අයටත් දැන ගන්නත් එක්ක කියලා ඕන බ්ලොක් කරන්න, එතකොට අනිත් අයවත් ඒ වැරැද්ද නොකර ඉඳියිනෙ.

සමහර විට මටත් හෙට ඔය ටිකම වෙන්න පුලුවන්. ඒත් මේක හිතේ තියාගෙන ඉන්නවට වඩා කියන එක හොඳයි කියලා හිතුන නිසයි මේ මේල් එක දැම්මෙ. හැකිනම් මේ සිද්ධිය කාටත් දැන ගන්න පුලුවන් විදියට පැහැදිලි කලොත් sbu එක ගැන මීට වඩා ලොකු විශ්වාසයක් ගොඩ නැගෙයි.

මෙය දැන් ත්‍රෙඩය තුල නොමැත.

මෙය ඔය ත්‍රෙඩය තුල කාලිංග විසින් පැවසූ දෙයකි "අන්තර්ජාලයේ සිංහල වැඩි වෙනවනම්... ඒක තමයි අපේ බලාපොරොත්තුව."

එය එසේ නම් කිසියම් දෙයක් පිලිබඳ සාකච්ඡා කිරීමේදී පැන නැගෙන ප්‍රශ්නවලට පිලිතුරු සපයනවා වෙනුවට, එම ප්‍රශ්න අසන පුද්ගලයින්ගේ ඊමේල බ්ලොක් කිරීම කෙතරම් දුරට සාධාරණද? සමහර විට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා විය හැකිය.

CALHARA DISSANAYAKE

Unknown said...

අපි කරන රේස්ලින් බොලොග් එක හොගක කට්ට්ය දකින්නේ වෑරදි ආකරයට ඈයි එ මේ sbu එකට අපි මේ බොලොග් එක ගෑන දෑම්මේ ජුනි 9 තාම පිලිතුරක් නෑ අනිත් හෑම සින්ඩියෙම අපිව ගත්තා ඈයි අපිව මේක ඈතුලට ගන්නේ නෑත්තෙ අපි කරන්න පුලුවන් හෑම දෙයක්ම කරා නමුත් මොනවා කරන්නද අපි මේක කරන්නෙ කිසිදු මුලමය බලාපොරොත්තුවකින් තොරවයි නමුත් අපි සෑලෙන්නේ නෑ දිගටම කර ගෙන යනවා අපි ඔයාගේ ලිපිය දෑක්ක නිසයි ලියුවෙ මොනවා කරන්නද මිනිස්සු වෙනසකට කෑමති ඔනාට එක ලෑබෙන්නෙ නෑත්තම්

මෙයට රෙස්ලින්.lk කන්ඩායම

මාරයාගේ හෝරාව said...

හොඳ ලිපියක් මල්ලි..ඒ වගේම මට දැන ගන්න ඕන උන කාරණාවකුත් මේකේ තියෙනවා.

මං ඒ ගැන පස්සේ වෙලාවක කතා කරන්නං...

Sankha said...

2 කොටස
2 කොටස

ඇත්තටම නාමිකව සිංහල අකුරු අන්තර්ජාලය තුළ වැඩිකිරීමක්ද කළ යුත්තේ? එහෙම නැතුව එහි ගුණාත්මක භාවය පිළිබඳව අල්ප හෝ සැළකීමක් නැද්ද. දේශපාලන කොටසට ඇදලා දාලා තියෙන කතිකා බ්ලොග් එක ලංකාවේ බ්ලොග් අඩවි අතරින් වඩාත් විද්වත් අන්තර්ගතයක් සහිත බ්ලොග් එකක්. ඊට අමතරව රාමචන්ද්‍ර, ටැබූ වගේ ඒවත් යම් අධ්‍යනයන් තුළින් ගොඩනැඟුණු අදහස් නියෝජනය කරපු අඩවි. ඒවා තුළින් වෙන්නේ සිංහල බ්ලොග් අවකාශය තව තවත් පෝෂණ්‍ය වීම නොවේද?

එතකොට දේශපාලන නොවන ඒත් දේශපාලන ලිපි (ඒවා මූලධර්මවාදී දේශපාලන වෙන්න ඕන මං හිතන්නේ) තියෙන බ්ලොග් ආරම්භක පිටුවේ ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ ඒවා.

- http://sinhalabuddhist.com
- http://peramunerala.wordpress.com
මේවා‍ගේ තියෙන විශේෂත්‍වෙ මේවා දේශපාලන ලිපි පළකරත් ඒවා සිංහල මූලධර්මවාදී මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම. ඇ‍ටමැස්සා, සිංහල නාසි වගේ අඩවි වල නියෝජනය ඊට එරෙහිවයි.

තාක්ෂනික, පුද්ගලික ‍බ්ලොග් සමඟ පළවෙනි පිටුවට ආවා නම් කතිකා එකට හිට්ස් වැ‍ඩිවෙන එක අමුතුවෙන් කියන්න ඕන‍ දෙයක් නෙවෙයි. දේශපාලන කියලා වෙනමම පිටුවකට දැමීම තුළ කොන්වීමක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මගේ තර්කය පුද්ගලික හෝ ඕපාදුප අඩවි නැවැත්වීම නෙවෙයි. ඒත් දේශපාලන අරුත් දෙන බ්ලොග් අඩවි කොන් කර තැබීම වැරදියි යන්නයි.

කවුරුහරි හිතනවද මේවා අත්වැරදීම් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. දැන් පහුගිය දවස්වල තිබුණ ත්රෙඩ් එකේ සටහන් වෙලා තිබුණා. “එකතු වෙලා වැඩ කරමු” කියලා. මම ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ, එවැන්නක් සිදුනොවන බවයි. ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා අපි ඉදිරියට බලමු.

මගේ බෑන් කරපු කමෙන්ට් එකේ තිබුණ ඒවා හරියටම මතක නෑ. ඒත් මතක හැටියට මෙහෙම දේවලුත් ඒකේ තිබුණා. “කාලිංග - කමියුනිටි එකක් සමඟ ගණුදෙණු කිරීම සෙල්ලම් ගෙයක් දානවා වැනි ළදරු ක්‍රියාවක් නොවේ. එසේ කිරීමට පෙළඹේ නම් මුලින් කළ යුත්තේ සෙල්ලම් ගෙයක් දාගෙන ඒ අවධිය පසුකොට පසුව සිංහල බ්ලොග් සංසදයට එක්වීමයි.”
මම එහෙම ලිව්වේ අපි ළමා කාලේ සෙල්ලම් කරනකොට කිසිම වැදගත් කමකට නැතිවිදිහට රණ්ඩු වෙනවා (හැබැයි යාළු වෙනවා) ඒත් කමියුනිටි එකකදි එහෙම බෑ. අනිත් අයගේ අදහස් යෝජනා වලට ඇහුම්කන් දෙන්න ඕන. එහෙම සාමූහික ගොඩනැඟීමකුයි වෙන්න ඕන. මගේ සාමාජිකත්වය කිසිම පැකිලීමකින් තොරව (හේතු නොදක්වා) අවලංගු කිරීම කුමන අවධියේ ක්‍රියාවකටද?


සන්සරසිඳ මෙහෙම කියනවා.
“මුල් කාලයේදී බ්ලොග්කරුවන්ට අවශ්‍ය වූයේ සිංහල යුනිකේත සමාජ ගත කරන්නට ය. තම තමන්ගේ බ්ලොග් අඩවි ජනප්‍රිය කරගන්නවාට වඩා ඒ මූලික අරමුණ මුදුන්පත් කර ගැනීමේ සැබෑ අවශ්‍යතාවය ඔවුන් වෙත නොතිබුණා නම් සර්වර් සඳහා අතින් වියදම් කරගෙන සින්ඩි අරඹන්නේ ද නැත”

ඔබ දන්නවාද? මුලින්ම ‍සිංහල බ්ලොග් සංසදය ආරම්භ කළේ කවුද, ඩොමේන් මිලදි ගත්තේ කවුද, ඒවට මුදල් යෙදෙව්වේ කවුද, ඒ කියන කාලෙදි දැන් කියන ඔය පොර හිටියේ කොහෙද (සමහර විට ගන්ධබ්බ අවධියේ හෝ මළපෙරේත ආත්මයක වෙන්න ඇති) කියලා. ඔය කියන විදිහට අතින් වියදම් කරන්න කැමති පිරිස් කොච්චර ඉන්නවාද කියලා පහුගිය ත්රෙඩ් එක කියෙව්වනම් තෛරෙනවා.

මේක බොහෝම දිගට ලියන්න වෙන ලිපියක්. මට ව‍ඩා බො‍හෝ කරුණු කාරණා දන්න පිරිස් මේවා බැලුවට ඔවුන් නිහඬතාවය රකිමින් ඉන්නවා. අපිනං ඉතිං හිටපු ගමන් ටොක්කක් අයිනවා.

කෙසේවුවත් අපේ ලොකු අයියා බොහෝම හොඳ, පිංවන්ත, දානයට ලැදි පොරක් කියලා හිතුවට එයාගේ කිල්ලෝටේ ගොඩාක් හුණු තියෙනවා. බලමු එතුමා මෙතන්ටවත් ඇවිත් මට පිළිතුරක් දේවිද කියලා.

පසු සටහන - මේ කමෙන්ටුව පළ‍වීමෙන් පසු ඔබේ බ්ලොග් අඩවිය සිංහල බ්ලෝග් කියවනයෙන් ඉවත්කිරීමේ අවදානමක් පවතී.

- නිල් අහස - said...

මේ දවස්වල හිතත් කලබලයි..ඒ වගේම වැඩත් ටිකක් වැඩියි...මචං.
ඒ හන්දා කලබලේටයි පෝස්ට් එක බැලුවේ.

හරියට කියවලා පස්සේ කමෙන්ට් කරන්නම්..

මගෝඩිස් said...

ෂෘ නියමයි මචං....
මම මේ පෝස්ට් එකට දාන්න ඕන කමෙන්ට් එක වෙන එකකට වැටුණා. ඒක අයින් කරලා දාපං.
උඹ හොඳට ලියලා තියෙනවා, මැදිහත්ව...
කොහොම වුනත් කාලිංග අයියා දේශපාලන එවුන්ට කරපු එකට මං එකඟයි.

හිම හංසි said...

මාත් ඕකට ඉල්ලුවා ඒත් තාම පිලිතුරක් නම් නෑ නෙ.මොකද දන්නෙ නෑ

Amila Chathuranga said...

මේ සිංහල බ්ලොග් එකක් එකතු කරනකොට අපිට තියෙනව නීති මාලාවක්..මම හිතනනෙ එහෙම එකක් ඕනි නෑ..අපි දාන පෝස්ට් වලට ලැබෙන්නෙ කුනුහරුප කමෙන්ට් නම් ඒක ඇවිල්ල සමාජ ක්‍රමයෙ වරද..මතයකට මතයකින් ගහගන්ට තියෙන නොහැකියාව..අපි ඒ කමෙනිට් ඩිලීට් කරනව කියන්නෙ අපි ඒව හිතාමතාම වහල දානව..
මගේ නම් පුද්ගලික අදහස බ්ලොග් 2000ක් තියෙනවනම් ඒවයින් බාගයක්වත් අප්ඩේට් වනවනම්..වැල කතා කුනුහරුප කතා උනත් කමක් නෑ..යන්න ඕනි..
එතකොට ඒ බ්ලොග් වැරදි නම් ඒවට විරුද්ධ මතයක් හදන්න අනික් බ්ලොගර්ස්ලට හැකි වේවි..
කාලයක් යනකොට නිකම් අකලට පොල් වැටනව වගේ එන එකා දෙන්නට බ්ලොග් ලියන එක සමහරුනවතාවි..
බ්ලොග් කියවනයක් කියන්නෙ චැනල් එකක් වත් පත්තරයක්වත් නෙමෙ..
ටී වී එකක් ඇස් දෙකක් වගේ එකක්..ඒකෙ පෙන්නුවට හැම දේම යන්නෙ නෑ..

sanjaya සිතුවිලි said...

වැදගත් ලිපියක් ... දිග වැඩිද මන්ද

බුවාරික්ස් said...

බොලොග් අවකාශයේ විප්ලවයක්!!! සින්ඩියට නම් මාවත් ගත්තෙ නෑ. අපි ලියන බොලොග් වල නරක කතා තියනවද මන්ද.. කොහොම නමුත් මා හට සිංහල බ්ලොග් අවකාශයේ සුන්දරත්වය වටහා ගැනීමට සින්ඩිය බොහොම උපකාරී විය(අවුරුද්දකට විතර කලින්). කෙසේ නමුත් යුනිකේත ප්‍රචලිත කිරීමට වඩා වැදගත් දෙයක් සින්ඩිය තුලින් හෝ ඔය කියන සන්සදය තුලින් නම් මා දුටුවේ නැත.

Post a Comment