
අක්කර ගණනක් නොවුනට
පර්චස් ගණනක මගෙ හිත …
පුරන් වෙලා තිබිය දි නුඹ,
වගා කරපු ආදරයට …
බුසල් දහක අස්වැන්නත්
හිලව් කරනු බැරි හන්දා …
සින්නක්කර ලිව්වා මම
මගේ එකම එක පොඩි හිත …
අවිහිංසක නුඹේ නමට ...
- සන්සරසිදු -
Copyright 2010 # සන්සරසිදු BlogSpot. Powered by Blogger | Blogger Templates created by Deluxe Templates
12 දෙනෙකුගේ අදහස්....:
පද පෙළක් අමුණාගත් බැවින්
කවියෙක් නොවීමි …
ගැදි පෙළක් කුරුටු ගෑ බැවින්
කතුවරයෙක් නොවීමි …
හිතේ තෙරපෙන …
දහස් සිතිවිලි ...
අකුරු කළෙමි ….
බොහෝ දෙනෙක් කියනවා මං මෙතෙක් අකුරු කළ දේ අතුරින් වඩාත් ම සිත් ගත්තේ “අවවාදය ...“ කියලා..
ඒත් මට නම් එහෙම නෙවෙයි …
අවිහිංසක නුඹ හැරෙන්නට මගේ සිත් ගත් කිසිවක් නැති තරම්.
මන්ද යත් එය ඔබ වෙනුවෙන් අකුරු කළ නිසාවෙනි …
සදාදරණීය දිලිනි, මේ පිදුම ඔබට යි ….
හිතට දැනුනා මචන් මේ නිර්මාණය. උඹේ ආදරයට මම සුබ පතනවා මිත්‍රයා.
ලස්සනයි මල්ලි, ඔයාලගේ ආදරයට සුබපැතුම්...
Raven ට,
මචං ගොඩක් වැඩ තියෙද්දිත් සියපතට ගොඩවෙල අදහස් දක්වල යන උඹට ගොඩක් ස්තූතියි ! උඹේ අදහස් මට මහ ශක්තියක් !
ඉඩක් ලැබුනොත් ආයෙත් ගොඩ වැදිල යන්න එන්න.
චේජනා අක්කට,
බොහොමත්ම ස්තූතියි අක්කේ සුබ පැතුම් වලටත් මේ ඉසව්වට ඇවිත් යන්න ආවටත් …
ඔයාලගේ සුබ පැතුම් මට ගොඩක් වටිනවා …
මොක ද මේ ගෙවෙන්නෙ හැමෝගෙම සුබපැතුම් ඕන කරන කාලයක් නිසා …
ඉඩහසරක් ලැබුනොත් ආයෙමත් සියපතට ගොඩ වෙල යන්න එන්න.
සදාතනික ආදරයකට මගෙන් සුබ පැතුම් සහෝදරයා...!
තවත් මොනාවා කියන්නද ? සැබෑ ආදරේ හදවත් එහෙම පිටින්ම දිග හැරලා........
හුගාක් හිතට දැන නිර්මාණයක්කේ වගේම " දිල් " කියන නම ඔයාට හුගාක් ලගයි කියපු එකේ තේරුම මම දැන් දැනගත්තා....ඒ වාසනාවන්තිගේ නම දිලිනි...
මගේ හදවතින්ම සුබ පැතුම් ඔය දෙන්නටම....
සිතේ නැගුනු ප්‍රේමය අපූරුවට සරලව කියා තිබෙනවා.
මිස්සකට,
ස්තූතියි සහෝ.. ඉඩක් ලැබුනොත් අයෙමත් මේ පැත්තේ කරක් ගහල යන්න එන්න.
දිල් ට,
ස්තූතියි දිල්.. දැන්ම ඒ නම කියන්න නෙමේ හිටියේ ඒත් බය හිතුණා ඔයාගේ නම මට ගොඩක් සමීපයි කිව්වම කට්ටිය වරදවා හිතයි කියල.. මොකද Kkrox වගේ කට්ටිය තව ඉන්නවනෙ.. ආයෙමත් ඇවිත් යන්න එන්න..
මනුසත් ට,
ස්තූතියි මචං.. ඔය කාර්ය බහුල කම මැද්දෙ ඉඩක් ලැබුනොත් ආයෙමත් මේ පැත්තේ ඇවිදින් යන්න එන්න..
කවි හිත ලස්සනයි .. මචං.
සුභ පැතුම්. ඔය ආදරයට..මගෙනුත්.
ස්තූතියි මිත්‍රයා... බොහොමත් ම ස්තූතියි.. ඔවැනි සුබ පැතුම් මට දේවාශිර්වාද වගේ...
Post a Comment