සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

18 March 2010

සිරකරුවෙක්මි....

Image: worradmu / FreeDigitalPhotos.net

ජීවිතයේ …
අමතකව ගිය පිටුවක් ද මා සැමට …?
අඳුර විනිවිද එළියක් දකින්නට …
කොතෙක් කල් තව
නෙතට නින්දක් නොදෙන්න ද …?
පැතූ එළිය ද නිවී ගිය කල …

අදිසි සිර මැදිරියෙක …
බිත්තිවත් යදම්වත් නොමැති …
නිල නොලත් සිරකරුවෙක්මි …
අසීමිත නිදහසක් ඇති …
කළ වරදකුත් නැති …

පණ ගැහෙන මුව පොව්වෙක්මි …
ප්‍රිය සබඳෙකුත් නැති …
සෙනෙහසට උරුමයක් නොමැති …

ජීවිතය ... ලැබූයෙමි
විඳින්නට නොව විඳවන්ට …
භද්‍ර යෞවනය … මෑත අත වනත්දිම …

- සන්සරසිදු -

17 දෙනෙකුගේ අදහස්....:

චේජනා said...

භද්‍ර යෞවනය
අදිසි සිර මැදිරියක
විඳවන්ට නොව
විඳීම සඳහාම
සොබා දම් මවුන් දුන්
දායදයක්මය මා සොයුර..
ඒ විඳවමින් ඔබ
රිදවයි
සොබා දම් මව

Local Taboo said...
This comment has been removed by the author.
Raven said...

ජීවිතය කියන්නෙත් එක්තරා සිරගෙයක් තමයි.
නිර්මාණය අපූරුයි මචන් හැමදාමත් වගේ.
චේජනා අක්කගෙ පිළිතුරු කවියත් මරු.

දිල් said...

අපි ජීවිතයේ සිරවෙනවා තමා...බැඳීම තුල , ආදරය තුල , සෙනෙහස තුල , වචන තුල , රැකියාව තුල ......
මේ හැමදේම එකට එකතු උන ජීවිතය තුල...අපි සිරගතවෙනවා....

අර ඔයාගෙ වචනවලින්ම කියනවා නම් අසීමිත නිදහසක් ඇති , වරදකුත් කර නැති සිරකරුවෙක් වෙනවා.....

මොනතරම් අපූරු වචනද ?..... ඔයාගේ කුසලතාවය හරිම ඉහලයි..... හදවතින්ම නිර්මාණය අගය කරනවා

රවා said...

සන් ... නියමයි... ඔහොම යන්....
ලස්සනා.... අපිම එකතු වෙලා මෙ ගැන කතා කරමු....

විශ්මි said...

බැඳෙන හැම බැඳීමක් ගානෙම ජීවත් වෙන මොහොතක් ගානෙම අපි සිර වෙනව....අසීමිත නිදහසක් එක්කම.......හරිම අපූරුයි අයියෙ නිර්මාණය.....

ගයාන් තාරක said...

අසීමිත නිදහසත්,
විටෙක සිර කූඩුවක්,
බැව් ඔබේ පැදි පෙලින්
දුටිමි කියවූ බැවින්.

බැදීමක් නැති කලෙක
නිදහස විදගනු හැකිය..
විදවමින් කල් නොගෙවා,
බුදු මගින් සැනසෙන්න.

රනා said...

සදුන් සමීර සිරිබන්දු
2003 මහානාම
මම හරිද?

RanDil said...

ජීව ගීතය ලියනු මැන සුමුදුවට
නොවන්නට කිසිවිට අමතකවු පිට
එවිට ඔබ හට අන් එළි ‍කුමට
එළිය ඔබමයි එවිට සැමටම

``` Outsider``` said...

නොවෙමු සිරකරුවන්
අපි තුලම සදාකල්
ඉගිල යමු ඉතිං.....

sansarasidu said...

@ චේජනා අක්කි,
ජීවිතයේ එක්තරා අවධියක මං ගොඩක් විඳෙව්වා.... ඒ ඇයි කියල මං හිමිහිට කියන්නං. තාමත් ඒ අඳුරු අතීතය දිහා හැරිලා බැලුවහම දැනෙන වේදනාවේ නිමක් නැති තරම්. මොකද ඒ නටඹුන් තාමත් මට පෙනෙන නිසා...

ඒත් ඔයා හරි අක්කි, අපිට ජීවිතය ලැබිල තියෙන්නෙ විඳවන්න නෙමේ.. විඳින්න. ජීවිතය විඳින හැටි මං තාම ඉගෙන ගනිමින් ඉන්නව...
පිළිතුරු කවත් හරි අපූරුයි...
අර හැමදාම වගේ පද පේළි තුන හතරකින් හිතන්න හුඟක් දේ ඉතුරු කරලා..
බොහොමත්ම ස්තූතියි අක්කි !!!

@ Local Taboo,
අදහසක් පළනොකළමුත්, ආ බවට සලකුණක් තබා ගිය ඔබටත් බොහොම ස්තූතියි !

@ Raven හෙවත් නලීන්ට,
උඹට ස්තූති කරන්න මට වචන නෑ මචං. මුල ඉඳලම උඹ සහෝදරයෙක් වගේ මගෙ ළඟින් හිටියා... එක් කුසේ නූපන් සයිබර් අවකාශයේ මේ සහෝදරත්වයට මගේ කෘතවේදිත්වය පිළිගනින්... හැමදාමත් වගේ උඹේ වචන ටික මට ලොකු හයියක් !!

sansarasidu said...

@ දිල්,
“ අපි ජීවිතයේ සිරවෙනවා තමා...බැඳීම තුල , ආදරය තුල , සෙනෙහස තුල , වචන තුල , රැකියාව තුල ......
මේ හැමදේම එකට එකතු උන ජීවිතය තුල...අපි සිරගතවෙනවා.... “

ඔයා මං අදහස් කරපු දේ හරියටම තේරුම් අරගෙන..
අනෙක, ඔයා හැමදේම කියන්නේ හදවතින්ම බව මං දන්නවා සිස්...
කොහොම ස්තූති කරන්නද කියල තේරෙන්නේ නෑ..
ආයෙම ඇවිත් යන්න එන්න...

@ රවා,
රවා උඹත් හරිම සොඳුරු මිනිහෙක්.. සැබෑවට උඹව මුණ ගැහිල නැතත්, මේ සයිබර් අවකාශයෙ තැන තැන පළ වන උඹේ අදහස් වලින් මං උඹව අඳුනගෙන තියෙනව.. අපි මේ ගැන කතා කරමු, අනිවාර්යයෙන් ම...
ස්තූතියි සහෝ ඇවිදින් ගියාට..

@ විශ්මි නංගා,
ස්තූතියි නංගියො, ඔයත් හරියටම මගෙ හිත කියවන්න සමත් වෙලා තියෙනවා...
නිතරම ඇවිත් මේ අයියව දිරිමත් කරල යන ලෙංගතු කමට බොහොමත් ම ස්තූතියි !!!

sansarasidu said...

@ ගයාන් තාරක,

බැදීමක් නැති කලෙක
නිදහස විදගනු හැකිය..
විදවමින් කල් නොගෙවා,
බුදු මගින් සැනසෙන්න.

අපූරු පද පෙළකින් සැබෑ සැනසුම ගැන ඉඟි කළ ඔබත් සාදරයෙන් පිළිගන්නවා සියපතට... ස්තූතියි මචං ගොඩ වැදිල හිත සැනසුවට.. ඉඩක් ලැබුනොත් ආයෙමත් ඇවිත් යන්න එන්න...

@ රනා,
මං ගැන දන්න කෙනෙක් වගෙ... ඒත් කවුද කියල හොයාගන්න තරම් හෝඩුවාවක් ඉතිරි කරල නෑ, මේ සයිබර් අවකාශයේ.. සමහර විට Sherlock Holmes ගෙ ආභාශය නිසා වෙන්න ඇති නේද ?
බොහොම ස්තූතියි රනා මලයා මේ පැත්තෙ ඇවිත් යන්න ආවට...

@ RanDil අක්කි,
අපූරුයි අක්කෙ පැදි පෙළ...
ස්තූතියි මේ පැත්තට ආයෙමත් ඇවිත් මේ මලයගෙ හිත හදනවට...

ඇත්ත අක්කේ, ඔයා කියන කතාව ඇත්ත...
ඒත් මේ ජීවන ගීතය සුමුදුවට ලියා ගන්න බැරුවයි මං මෙච්චර ලතවෙන්නෙ..
ඇත්තටම ජීවිතේ ලස්සනයිද අක්කේ ?

sansarasidu said...

@ ' ' ' Outsider ' ' ',
ස්තූතියි මචං සියපතට ගොඩවැදුනට...
ඔව් මචං මාත් ආසයි කුරුල්ලෙක් වගේ ඉගිළිලා යන්න...
මෙහෙම සිරකරුවෙක් නොවී..

ඒත් කොච්චර ඈතට ඉගිළිලා ගියත් අපිට පුළුවනිද ජීවිතය කියන සිරමැදිරියෙන් නිදහස් වෙන්න ?

Raven said...

සන්සරසිදු- යාලු මිත්‍රකම් වලට මොන ස්තූතිද මචන්. මගේ හිතට දැනෙන තැන් වල මම රැදෙනවා. මෙතනත් එහෙම තැනක්.

මේ සහෝදරකම් දිගටම පවතීවි. සයිබර් නවාතැනෙන් පිටතදීත් දවසක අපි හමුවේවි. එතෙක් සහ ඊට පසුවත් අපේ අදහස් උදහස් බෙදාගෙන දිගටම මේ ගමන යමු.

"ඒත් කොච්චර ඈතට ඉගිළිලා ගියත් අපිට පුළුවනිද ජීවිතය කියන සිරමැදිරියෙන් නිදහස් වෙන්න ?"

ජීවිත කාලයක් තුල අපි එක එක සීමාවන් කඩාගෙන යනවා මචන්. සිරමැදිරි බිදගෙන යනවා. ඒත් එහෙම ගිහිල්ලත් වැටෙන්නෙ තවත් සිරමැදිරියකට.ඒක තමයි ලස්සනම වැඩේ.

- නිල් අහස - said...

හුඟක් පරක්කු වෙලා ආවට අමනාප වෙන්න එපා. කමෙන්ට්ස් දෙන්න බැරි උනා ගොඩ දෙනෙකුට. වැඩ ගොඩක් අධිකයි..මේ දවස් වල.

අපි හැම තැනම සිරවෙන්නේ..අපේ හදවතින්.
ගතින් එක තැනක සිටියත්, බලත්ත අපි කී තැනක.. හිතින් හිරවෙලාද කියලා.

කවුද වැරදි..? අපිම නේද..

ඔයාගෙ පදවැල, මට පසක් කලේ මේ දේ.

ලස්සනයි... ඔයාගෙ අදහස.

sansarasidu said...

@ Raven,
හරියට ම හරි මචං දැන හෝ නොදැන අපි මේ සිරගෙවල් වල සිරවෙල.. :D :D

@ නිල් අහස,
ඔයාගෙ Comment එක දැක්කහම මට ගාථාවක් මතක් වුණා

දුරං ගමං ඒක චරං - අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාර බන්ධනං

“දුර ගමන් යන තනිව හැසිරෙන මේ සිත යමෙක් සංවර කෙරෙයිද හෙතෙම මාර බන්ධනයන්ගෙන් මිදුණා වේ.“
බොහොමත්ම ස්තූතියි ! මේ ඉසවිවට ඇවිදින් ගියාට.. අයෙම එන්න කියල ආරාධනා කරනවා..සුහද සිතින්..

Post a Comment