සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

06 March 2010

ඔබ …

Image: Dynamite Imagery / FreeDigitalPhotos.net


ඔබ සිහිනයකි …
නෑ මිරිගුවකි …
දිසෙන නෙතු මානයෙන් ඔබ …

සුපිපි ලිය තඹර ඔබ
හද විලට සුවඳ දෙන …
අමා දිය බිඳකි ඔබ
පිපාසිත තොල් මතට …

හද පාරවන මතකයයි ඔබ …
නෙතු අගට නින්දක් නොදෙන …

නෙතු ළඟම නොපිපුණත්
දුරු ඈත සිට මදෙස
නෙතු හෙලන මදහසයි ඔබ …
කිතිකවන හද මඩල …
ඔබ වෙනුවෙන් ම තැවෙන …

- සන්සරසිදු -

2 දෙනෙකුගේ අදහස්....:

දුකා said...

wooooow . .

නියමයි බන් . .

අතීතය සිහිවුනා මගේ මේ පැදි පෙල දිගේ යලිත් වරක් . . .

sansarasidu said...

@ දුකා,
ස්තූතියි අයියෙ.. බොහොමත්ම ස්තූතියි !
අයියගෙ අගය කිරීම මට ගොඩක් වටිනවා..
මේ මලයට මීට වඩා සතුටක් තියෙනවද ?

Post a Comment