නිරුවතින් මහ පොළව...
ඉරිතලා සියොළඟ ම...
දැවී කර වී අඟුරු වී ගිය
ගස් වැල් ද කොළ අතු ද ...
සතා සී පාවුන ද...
හමා යන බොල් සුළග
ගයයි මළවුනගෙ ගීතය...
හඬන්නට බැරි අහස් කුස
නිදි වැදී නෙතු බරව...
සිඳී ගිය දිය ඇළිද දොළ පාර
කියයි කෑ ගසා... අවනඩුව...
නැගී නුබ කුස අරා
සිනාසෙන වියරුවෙන්...
මුවාකර ඉර මඬල
මිරිකා හරිනු මැන
ඔබේ...
ඔය සළු පටල...
- සන්සරසිදු -
(2002 රාජ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පැවැත්වූ මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය දිනූ කව)
6 දෙනෙකුගේ අදහස්....:
නියමයි මිත්‍රයා මේ කව. අසනි වලාහක වෙත කෙරෙන ආයාචනය සුන්දර විදිහට පද ගලපලා ගෙත්තම් කරල තියනව.
ela.
kavuda devani stanaya gattea?
ඔන්න මාත් ආවා සියපතට....අපිවත් පිළිගන්නවා නේද මේ ඉසව්වට ?
හ්ම්ම්ම්ම්!
හරිම අපූරු කවි පද ටිකක්....
අවසාන පද ටිකට මම හරිම ආසයි
ෂහ්... හරිම අපූරු යෙදුම්..... සුබපැතුම් සහෝ ජයග්‍රහණයට... (2002දි තෑගි දින්නට කමක් නෑ 2010ටත් සුබපැතුම් වලංගුයිනෙ.. :).... )
@ Raven & විශ්මි
ඔය දෙන්නට වෙන වෙනම ස්තූති කරන්න ඕන නෑනේ, හෙට අනිද්දට දෙන්නම එක්කෙනෙක් වෙන්න ඉන්න එකේ. නේද ? බොහොම ස්තූතියි අදහස් වලටත් සුබ පැතුම් වලටත්. ඇත්තටම මේ කවිය අවු 8 ක් විතර පරණයි. ඉස්කෝලේ 12 වසරෙදි විතර ලියපු එකක්.
@ බිඟුවා
ඇත්තටම මං හිතන්නේ තරඟයට ඉදිරිපත් වෙච්චි එකම කවිය මේක විතරක් වෙන්න ඇති, නේද ? ඉතින් දෙවන ස්ථානයක් ගැන මොන කතා ද ? හික් හික් :D :D
@ දිල්...
ස්තූතියි දිල් !
ඇත්තටම බොහොමත් ම සාදරයෙන් පිළිගන්නවා, සියපතට. දිල් … හරිම අපූරු නමක්. දන්නව ද ඔය නම මට ගොඩක් සමීපයි. මොක ද මම ත් මට බොහොමත් ම සමීප කෙනෙක්ව අමතන්නේ ඔය නමින්. ඇත්තට ම “අවිහිංසක ඔබේ නමට ...“ සහ “ පුංචි රෝස මල ...“ කියන කවි ලියැවුනෙත් ඇය වෙනුවෙන්. ඔයා කිව්වා වගේ ම මමත් මේ කවියේ වැඩියෙන් ම කැමති අවසාන පද පේළි කිහිපයට. ඒක නැවත නැවත කියවද්දි හරි අපූරු හැඟීමක් ඇති වෙනවා.
hiks...
Post a Comment