හිත් අහසට කැලුම් දිදී
මගේ නෙතඟට රසඳුන සේ
හිඳිනා සඳ සාවියනේ ...
නොයන්න හැර දා මා ...
ඒ අහසට එළිය නුඔයි …
නෙක තරු කැට පිපුණ ද රෑ
නුඹ නැති හද පාලුයි …
තුරු වැල් ද සිප හමනා …
මද පවනට හාදු දිදී
සනහන්න මා දෙසවන්
කිංකිණි රාව සරින් …
තාලයකට සැලෙනා …
නෙක මල් සුවඳ ද පරදා
මා සිත පුබුදුවනා …
ඒ ඉමිහිරි සුවඳ නුඔයි
නුඹ නැති ලොව අඳුරුයි …
- සන්සරසිදු -
5 දෙනෙකුගේ අදහස්....:
සැබෑ ආදරේ හිතට දැනුනම...ඒක ජීවිතේ වටේ එතුනම අපේ සිතුවිලිත් සුන්දර වෙනවා...සිතුවිලි සුන්දර උනාම ලියවෙන කවිපද මෙන්න මේ වගේ....සුන්දරයි....
හරිම සුන්දර පද ටිකක්...හිතට දැනුනා
හිතට දැනෙන පද ටිකක් සහෝ..... ආදරේ කරන කෙනෙක් ලඟ නැති වුනාම දැනෙන පාළුව නම් දරන්නම බැහැ තමයි....
ස්තූතියි කිව්වම ඇති ද මන්දා...
බොහෝමත් ම ස්තූතියි විශ්මි නංගි ඔයාටත්, දිල්ටත්...
දන්නව ද ? මේ විදිහට අපේ හිත් ඇතුලෙ තෙරපෙන අදහස් බෙදාගන්න තරමට අපව ලෙන්ගතු කරල තියෙන්නෙ... එකම එක දෙයයි...
අපි විඳපු, විඳින සහ විඳින්න හීන දකින... “ආදරය“
ජීවිතය ජීවත් කරවන්නෙ ඒ ආදරයමයි නේද ?
උඹ මේ හැඟීම ලස්සනට කවියට නගල තියනව මචන්. නියමයි!
මචන් word verification එක අයින් කරල දැම්මොතින් අදහස් පල කරන්නන්ට පහසු වෙයි.
Raven, මචං උඹේ අදහස්වලට බොහොමත් ම ස්තූතියි !
word verification එක අයින් කළා.
ඇත්තටම මාව දැනුවත් කළාට බොහොම පින්.
Post a Comment