සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

13 September 2010

හොර බයිස්කෝප්...

මං අද කියන්න යන කතාව නම් මං අර කලින් කියපු "ස්පයික් ස්පයික් බේබි..| Spike Spike Baby", "ඉක්කයි මායි...", "ATM කතාවක් !" වගේ බැංකුවෙදි වෙච්චි එකක් නම් නෙමෙයි...

Image: dan / FreeDigitalPhotos.net


මේ ළඟඳි දවසක මගේ යාලුවෙක් ගියා පානදුර පැත්තේ බයිස්කෝප් තැටි විකුණන කඩේකට... හුඟකාලෙකින් බයිස්කෝප් එකක් බැලුවෙත් නැති හන්දා මාත් ගියා මිනිහත් එක්ක... දන්නවනෙ ඉතින් ලංකාවේ ඔය ඕන තැටියක් ගතහැකි රුපියල් සීයක් දෙනකොට... බම්බලපිටියේ එම් සී එක ඇතුළේ ඒ සී කරපු කඩේකින් රුපියල් දෙසීය පනහට විකුණන හොර බයිස්කෝප් කොපියම යුනිට් ප්ලාසා එක ඉස්සරහින් ගතහැකි රුපියල් අසූවට.... පහක් එක පාර ගන්නව නම් එකක් වෙන්නෙ රුපියල් හැටයි... ඒත් පිටකොටුව පැත්තෙ ගියා නම් ඔය ඕනෑ එකක් පනහකට අරගෙන එතහැකි.... දැන් ඒ පැතිවල යැවෙනව අඩු හින්දා ගොඩක් වෙලාවට බයිස්කෝප් තැටියක් ගන්න ඕන වුණහම අපි යන්නේ පානදුර පැත්තට... එක ළඟ කඩ දෙකක් තියෙනවා.. එකක් හොඳට ඒ සී කරපු එකක්.. ඒකෙන් බයිස්කෝප් ගන්න එන්නේ ටිකක් හයි ෆයි කට්ටිය... එකක් රුපියල් එකසිය පනහයි... අනෙක් කඩේ තියෙන්නෙ ඊට ටිකක් එහායින්... එතන තැටියක් රුපියල් සීයයි... කොලිටි එකේ වෙනසක් නැහැ..

කඩේ බිත්ති පිරෙන්න නා නා ප්‍රකාරයේ බයිස්කෝප් තැටි... ඒ අතරේ වීඩියෝ ගේම් එහෙමත් තියෙනවා...

ඉතින් අපි දෙන්න කඩේට ගිහිල්ලා අළුතින් ආපු බයිස්කෝප් තැටි හොය හොය ඉන්න අතරේ කඩේට ආවා තව කොලු ගැටයෙක්... තාම වැඩි වයසක් නැහැ... ඕන්නං ඉස්කෝලේ හය හත වසරේ වගේ වෙන්න ඇති..

"අයියේ මොනාද අළුතින් ආපු ෆිල්ම්...??"

කොලු ගැටයා ඇහුවේ කඩේම මුල්ලක කොම්පියුටරයක් තියාගෙන වාඩිවෙල හිටිය මෑන්ගෙන්... මට හිතුණ විදිහට කඩේ අයිතිකාරයත් එයාම තමා... මිනිහ පොඩ්ඩක් ඒ වෙලාවේ බිසී වගේ...

ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැති තැන කොලු ගැටයා ආයේම අහනවා...
"අයියේ මොනාද අළුතින් ආව ෆිල්ම් තියෙන්නෙ...??"

ඔන්න ඒ පාර අර හාදය පොඩ්ඩක් පුටුවේ හරි බරි ගැහුණා...
"බලන්න මල්ලී.. ඔය දෙපැත්තේ තියෙන්නෙ අළුතින් ආව ඒවා තමා..." මිනිහ උත්තර දුන්නෙ හරියට මොනිටරෙන් ඇස් දෙක ගලවගන්න බැරි කමක් තියෙන විදිහටයි...

කොල්ලා කඩේ වටේ රවුමක් කැරකුණා....
ආයෙම අර ප්‍රශ්නෙ...
"අයියේ මොනාද අළුතින් ආපු ෆිල්ම්...?? පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..."

ඕං ඒ පාර අර හාදයා ඔලුව උස්සල බැලුවා... මිනිහගෙ මුහුණෙ තිබ්බේ නොරුස්සන බැල්මක්!
"මං කොහොමද මල්ලී ඔයා බලන ඒවා මොනාද කියල දන්නේ... මොනාද ඔයා බලන්නේ..."

"හොර ඒවාද???"

මිනිහගේ ප්‍රශ්නෙන් මගේ යාලුව විතරක් නෙමෙයි මාවත් හොල්මන් වෙලා ගියා...

මේ ඔක්කොම හොර කොපි කියල අමුතුවෙන් කියන්ඩ ඕනියෑ..

එක පාරටම මගේ මතකය අතීතයට ඇදිල ගියා... ඒ මං මුලින්ම බයිස්කෝප් තැටි රෙන්ට් එකට දෙන කඩේකට ගිය දවස... දැනට අවුරුදු ගානකට කලින්... ඉස්කෝලෙන් අවුට්වෙල ගෙදර ඉන්න කාලේ.. මං කඩේ ඇතුළෙ ටිකක් එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න කොට ඔන්න ආවා ඒක කරගෙන යන මනුස්සයා... ඉද්ද ගැහුවා වගේ කෙළින්ම මා ළඟට ඇවිත් අහනවා... "මල්ලී.. මොනවද ඕන.. ඩබල් දෙන්න ද ?? ත්‍රිබල් දෙන්න ද ???" කියල... එදා නම් මාව ගැස්සිල ගියා...

මට හදිස්සියේ ඔය සිද්ධිය මතක් වුණෙ මේ හාදය මේ කතා කරන්නෙ ඒව ගැනද කියල හිතුණ හන්දා... මට විතරක් නෙමෙයි මගේ යාලුවටත් එහෙමම හිතුණ බව මට තේරුණේ මිනිහත් මගේ කනට කොඳුරන කොට...

"මචං මූ මේ කියන්නේ අරවා ගැන ද ? දැන් ඒවා විකුණන්න දෙන්නැහැනෙ බං"

"ඇක්ෂන් ඒවා හරි රෙස්ලිං ඒවා හරි නැද්ද අය්යෙ..." කොලු ගැටයගෙන් තවත් ප්‍රශ්නයක්!

"ආ ඒවා ඔය අනිත් පැත්තේ... හොර ඒවා තියෙනවා මේ පැත්තේ..."
මාත් යාලුවත් එක්ක කඩේ අයිතිකාරයගේ ඇඟිල්ල ෆලෝ කළා...

මොනාද මේ මූ කියවන හොර ඒවා ???????

කිරිඅප්පට බල්ලො පැනපි....

මෙන්න තියෙනවා... හොර ඒවා...

Resident Evil, Final Destination, Friday the 13th, etc... etc ...


Image: Simon Howden / FreeDigitalPhotos.net


33 දෙනෙකුගේ අදහස්....:

හසී said...

හි හී හොර ෆිල්ම් එකක් ගත්තාද ඔයාලා

priyantha said...

මම නම් ෆිල්ම් බලන්නේම නැතෝ. එත් ඔය වයසේ ළමයෙකුට දෙමාපියන්ගේ උදව් නැතිව ෆිල්ම් එකක් තොරගන්න දෙන එක ගැන දෙපාරක් හිතනවනම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මට මෙකේ ඉමේජ් පේනනේ නම නෑ. මගෙ කනෙක්ෂන් එකේ අවලකුද දන්නේ නෑ. ඔයත් පොඩ්ඩක් බලන්න.

Naදී said...

මම ජීවිතේට බයස්කෝප් කඩේකට ගිහින් නෑ. අලුත් බයස්කෝප් ආපු ගමන් අමාරුවෙන් හරි බාගෙන බලනවා.ඒකත් හොර වැඩක්ද දන්නේ නෑ.

Abeetha Edirisinghe said...

එලකිරි..... හිකිස්....

ස්වප්නා said...

අම්මෝ මගෙ හිනාව නවත්තගන්න බැරිව ගියා :)
මගේ මල්ලිල දෙන්නෙක් මරු වැඩක් කරල තිබුණා.
මේ ගොල්ලො සී.ඩීස් සල්ලි වලට අරන් බලන්නෙ නෑ. බලන්නෙ රු.50 හෝ 20 ක් (මට ගාණ මතක නෑ) දීල සී.ඩී. එක රෙන්ට් කරනවා වගේ ක්‍රමයකට.
හැබැයි රු.20 ට අමතරව ජාතික හැඳුනුම්පත අර කඩේ තියන්න ඔනේ. මේගොල්ලන්ට කොහෙද ජාතික හැඳුනුම්පත්. තාම පොඩි ළම්යි නෙ. මුන් දෙන්නා ආච්චිගෙ අයිඩෙන්ටි එක තියලා සී.ඩීස් අරන් ඇවිල්ලා :)
හික්. මට ඒක මතක් උනා ඔයාගෙ මේ කතාව කියෙව්වාම :)

Anonymous said...

hina giye naa ban. lastrow eken copy kale neda?

Anonymous said...

ඔයාගෙ කතාව නම් හොඳයි....

ඒත් ඔය මිල්ක්ෆාදට ඩෝග්ස් ජම්පින් වගේ මෝඩ කෑලි නැතුව...

මොකද ඊට වඩා සිංහලෙන් ඒකෙ හොඳ රසයක් තියනවා...

තීර්ථ යාත්‍රිකයා said...

ඔය වගේ සිද්ධියක් මගේ යාලුවෙකුටත් වෙලා තියනවා සැරයක්

ඉලංදාරියා said...

he hikizzz

Anonymous said...

horror :D

පිස්සා පලාමල්ල said...

හි හි හොර ඒවා. ඉස්සර නම් ඔය 2 3 කතිර අකුරු එව්වා තිබ්බ නොවැ ඕනි වීඩියො කඩේක. අපේ එව්වො හොඳටම ලොස් උනාම කඩේකින් හරි උස්සන් එනවා ඒ කාලේ.

Jeew said...

පානදුරේ කොයි හරියෙද බන් තියෙන්නේ.. මටත් හොර ෆිල්ම් ඕන වුණොත් හොයාගන්ඩ..

sansarasidu said...

@ හසී,
හිහ්.. ඇයි එකක්... ගත්තනෙ දෙකක්ම...

ස්තූතියි සිස් ගොඩවැදුනට..

sansarasidu said...

@ priyantha.ඒබී,
අයියගෙ කතාවට මාත් එකඟයි... ඒත් අයියෙ ඔයිට වඩා පොඩිවුන් පවා ඇවිල්ලා බයිස්කෝප් තැටි අරගෙන යනවා මං දැකල තියෙනවා...
වෙළෙන්ඳන්ට ඕන ඒවා විකුණගන්න විතරයිනෙ... කාටද විකුණන්නෙ කියන එක එයාලට ප්‍රශ්නයක් නෙමෙයි... කණගාටුදායකම තත්වය ඒකයි...

අයියෙ අයියට මගේ හැම පෝස්ට් එකකම ඉමේජ් පේන්නෙ නැද්ද ?
මං ගොඩක් වෙලාවට ඉමේජ් ගන්නෙ PicApp කියන අඩවියෙන්...
මොකද මං අනෙක් අයගේ copy rights වලට ගොඩක් ගරු කරන හන්දා... ඇත්තටම මේ ඉමේජ් පෝස්ට් එක දාද්දි බ්ලොගර් වලට අප්ලෝඩ් කරන ඒවා නෙමෙයි... කෙළින්ම ඒ අඩවියෙ ඉඳන් දිස්වෙන ඒවා... සමහර විට ඒ අඩවියෙ අවුලක්ද දන්නෙ නැහැ... මං පාවිච්චි කරන්නෙ මොබිටෙල් 3G සම්බන්ධතාවයක්... මට නම් අවුලක් නැතිව පේජ් එක ලෝඩ් වෙනවා...

ගොඩක් ස්තූතියි අයියගෙ අදහස්වලට...
ඉමේජ්වල තත්වය ආයෙම දන්වනවානම් ලොකු උදව්වක්...

sansarasidu said...

@ Naදී,
අවංකව කතා කරනවානම් සිස්...
අපි කරන්නෙත් හොර වැඩක්නෙ...
හොර බඩු බව දැන දැනම ඒවා මිලදී ගන්නවා..
ලංකාව ඇතුලේ ව්‍යාජ මෘදුකාංගවලට වැට බඳින නීති ක්‍රියාත්මක වුණාට මේ සම්බන්ධයෙන් තාම හරියටම ඒ වගේ නීති ක්‍රියාත්මක වීමක් වෙන්නෙ නැහැනෙ... මොකද මේක දැන් ලොකු බිස්නස් එකක් වෙලානෙ... මේක නැවැත්තුවොත් කී දෙනෙකුගේ බඩට වදීද දන්නෙ නැහැ... ඒත් වරද වරදමයි.. රුපියල් සීයට කඩෙන් ගත්තත්, නොමිලේම දෙන හින්ද බාගත කරගෙන බැලුවත් අපි කරන්නෙ වැරදි වැඩක් කියලයි මං නං හිතන්නෙ...
ඒත් අද වෙනකල් ඔරිජිනල් බයිස්කෝප් තැටියක් ගන්න පුළුවන් තැනක් මට හොයාගන්න බැරිවුණා... හැබැයි ඔරිජිනල් එකක් නම් රුපියල් සීයට ගන්න ලැබෙන්නෙ නැහැ..

මං ඉස්සර පරිගණක ක්‍රීඩා ගත්තෙත් මේ වගේ කඩ වලින්.. ඒත් දැන් නම් මං eBay හරහා ඔරිජිනල් තැටි ගෙන්වා ගන්නව.. මිල ටිකක් වැඩි වුණත් හිතට වරදකාරී හැඟීමක් දැනෙන්නෙ නැහැ එතකොට...

සියපතට ගොඩවෙල අදහස් කුරුටු ගාලා ගියාට ස්තූතියි සිස්...

sansarasidu said...

@ අභීත,
ස්තූතියි අයියෙ...

sansarasidu said...

@ ස්වප්නා,
ඇත්තටම මටත් හිනාව නවත්ව ගන්න බැරිවුණා... මගේ කතාවට හපන් කතාවක් නෙව ඒක...

ඒත් සිස් ටිකක් ඇහැගහගෙන හිටිය නම් නේද හොඳ... ඔය වයසේදි වරදට යොමුවෙන්න තියෙන ඉඩ වැඩියිනෙ...

අනෙක ඉස්සර නම් ඔය ජාතික හැඳුනුම්පත නොතියා බයිස්කෝප් ගන්න බැහැ, රෙන්ට් එකට... ඒත් දැන් එයාල හැඳුනුම්පත ඉල්ලන්නෙ නැහැ.. මොකද වෙන කෙනෙකුගෙ හැඳුනුම්පතක් සන්තකයෙ තියාගන්න එක බරපතල වරදක් හින්දා... ඒ වෙනුවට කරන්නෙ රුපියල එකසිය පනහක හෝ දෙසිය පනහක මුදල් තැන්පතුවක් (Deposit එකක්) තියාගෙන බයිස්කෝප් තැටි රෙන්ට් කරන එක... ඒ හන්දා දැන් තත්වය තවත් බැරැරුම්...

අපේ ළමා ළපටි කරන වැඩ දිහා වැඩිහිටියො විදිහට ටිකක් ඇහැගහගෙන ඉන්න වෙනව, ඉස්සරට වැඩියෙන්...

ස්තූතියි සිස් අදහසට...

sansarasidu said...

@ Anonymous,
ස්තූතියි ගොඩවැදුනට...

හැමෝම මගේ කතා කියවල හිනාවෙන්න ඕන කියල මං බලාපොරොත්තු වෙන්නෙ නැහැ.. අනික මට ඕන කරන්නෙ මගේ අත්දැකීම් බෙදාහදා ගන්න මිසක් කටිටිය, කිතිකවල හිනස්සවන්න නෙමෙයි...

අනෙක් කාරණය මට කාගෙවත් දෙයක් කොපි කරන්න කිසිම වුවමනාවක් නැහැ... මගේ ලිවීමේ හැකියාව ගැන මට විශ්වාසයක් තියෙනවා.. අනුන්ගෙ දේවල් කොපි කරනවට වඩා හොඳයි මුකුත් නොලිය පැත්තකට වෙලා ඉන්න එක... මං මගේ ප්‍රතිපත්ති උඩ ඉඳගෙන බ්ලොග් ලියන කෙනෙක්... මට ඔය දෙකයි පනහේ වැඩ කරන්න කිසිම වුවමනාවක් නැහැ...

විවේචනයට නැවත වාරයක් ස්තුතියි... ඒත් තමන් කවුද කියල හඳුන්වල දීල යන්න තරම්වත් කොන්ද පණ තිබ්බනම් නේද වටින්නෙ...

sansarasidu said...

@ Anonymous,
ස්තූතියි...

බොහොම නිහතමානීව උපදෙස බාරගත්තා වගේම ඒ වරද නිවැරදි කළා...

නැවත වාරයක් ස්තූතියි..
ඒත් ආයුබෝවන් ඇනෝවිදිහට ආවත් තමන් කවුද කියල හඳුන්වල දීල ගියානම් තමා වටින්නෙ..

sansarasidu said...

@ තීර්ථ යාත්‍රිකයා,
ගොඩ දවසකින් නේද සහෝ...

ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට..

sansarasidu said...

@ ඉලංදාරියා,
අර ජීව් අයිය කියනව වගේ ඇවිත් ලේ ටික පිරිසිදු කරගත්තනං එච්චරයි...
ස්තූතියි සහෝ...

sansarasidu said...

@ Anonymous,
හික්ස්...

sansarasidu said...

@ පිස්සා පලාමල්ල,
අපේ උන්දැලත් ඒ වගේම තමා... මචෝ
දැන් නම් එව්ව දෙන්නෙ දන්නම අඳුරන කට්ටියට විතරයිලු...

sansarasidu said...

@ Jeew,
අළුතෙන් හදපු බස් නැවතුම්පොළට ගියා නම් අයියටත් ලේසියෙන්ම හොර බයිස්කෝප් එකක් අරගෙන එතහැකි...
ගියොත් එහෙම මතක් කළා කියන්න හොඳේ...
හික්ස්...

තිස්ස දොඩන්ගොඩ said...

හෙහ් හෙහ් හෙහ්...අන්තිම වෙනකල්ම මම නම් ඇඳ ගත්තා...

priyantha said...

@ sansarasidu
ඉමේජ් වල අවුලක් නෙවේ. මගේ කනෙක්ෂන් එකේ අවුල. ඒගැන ප්‍රශ්ණයක් කරගන්න එපා. මටත් අද තමා වැඩේ තේරුනේ. ස්තුතියි.

sansarasidu said...

@ තිස්ස දොඩන්ගොඩ,
හික්ස්...

ස්තූතියි අයියෙ හැමදාමත් වගේ මේ පැත්තෙ ඇවිත් ගියාට...

sansarasidu said...

@ priyantha.ඒබී,
එහෙමද ?
මං ඒත් හිතුවා මං පින්තූර ගන්න අඩවියෙ ප්‍රශ්නයක්වත් ද කියල...

ස්තූතියි අයියෙ ප්‍රතිපෝෂණයට...

දුකා said...

හොරර් ෆිල්ම්ස් වලට හොර ෆිල්ම් කිව්වම පොඩි එකාටත් තේරෙන්න ඇතිනේ හික්ස්. . . අහ් අර පොඩි ළමයින්ට සී ඩී දෙන එක ගැන වුනු සංවාදේ හරි ප්‍රයෝජනවත් මළේ . ..

Jay said...

හික් හික්...
මරු කතාව..

sansarasidu said...

@ දුකා,
අපිටත් එහෙම චෙච්චි එකේ පොඩි එකා ගැන මොන කතාද???

ඒක ඇත්ත අයියෙ... මේ කතන්දරයෙන් මතුවෙච්චි කතාබහට ලක්විය යුතු පැත්තක් ඒක.. ඒ ගැන වෙනමම පෝස්ට් එකක් ලියන්න අදහස් කරගෙන ඉන්නවා...

ස්තූතියි අයියට...

sansarasidu said...

@ Ansh Lucky Sri Jay,
ආහ්.. මේ අපේ "අම්මයි තාත්තයි දුවයි පුතයි" අක්කනෙ...

ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...

C0de BlUe said...

හපොයි .... හික්ස් ...

Post a Comment